සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලෝවාමහාපාය යනු ක්‍රි. පූ. 1 වන සියවසේදී මහා විහාරයේ ඉදි කරනු ලැබූ උපෝසථාගාරයකි. මෙය අනුරාධපුරයේ පිහිටා ඇත. එහි වහලය ලෝහ උළු වලින් කල නිසා ලෝහ ප්‍රාසදය යනුවෙන්ද

ලෝවාමහාපාය

  • මුල් පිටුව
  • ලෝවාමහාපාය

ලෝවාමහාපාය යනු ක්‍රි. පූ. 1 වන සියවසේදී මහා විහාරයේ ඉදි කරනු ලැබූ උපෝසථාගාරයකි. මෙය අනුරාධපුරයේ පිහිටා ඇත. එහි වහලය ලෝහ උළු වලින් කල නිසා ලෝහ ප්‍රාසදය යනුවෙන්ද හැඳින්විනි. ලෝවාමහා ප්‍රාසාදය කරවන ලද්දේ දුටුගැමුණු රජතුමා විසිනි. මෙහි මහල් නමයක් වූ බව වංශ කථා වල සඳහන් වේ.

ලෝවාමහාපාය
ලෝවාමහාපාය
ලෝවාමහාපාය is located in ශ්‍රී ලංකාව
ලෝවාමහාපාය
ලෝවාමහාපාය
ශ්‍රී ලංකාව තුළ පිහිටීම
සාමාන්‍ය තොරතුරු
නගරයඅනුරාධපුරය
රටශ්‍රී ලංකාව
ඛණ්ඩාංක8°20′46″N 80°23′51″E / 8.34611°N 80.39750°E / 8.34611; 80.39750

පටුන

ගෘහ නිර්මාණශිල්පය

ලෝවාමහාපාය රුවන්වැලිසෑයටත් ශ්‍රී මහා බෝධියටත් අතර මැද ස්ථානයක පිහිටා තිබේ. අතීතයේ මෙහි දාන ශාලාවක්, ආවාස ගෙයක් සහ උපෝසථාගාරයක්ද තිබුණි. එහි සීමා මාලකයක්ද තිබුණු අතර පෝය දිනවල භික්ෂූන් වහන්සේලා එකතු වී පොහොය කර්ම කිරීම එහිදී කරන ලදී.

මහල් නමයකින් යුක්ත වූ ප්‍රාසාදයක් වන මෙහි සෑම මහලකම කාමර 100 බැගින් තිබූ බව පැවෙස්. මෙහි පහතම මාලය පෘතක්ජන භික්ෂූන් වහන්සේලාට ද, දෙවන මහල ත්‍රිපිටකධාරී භික්ෂූන් වහන්සේලාට ද, තෙවැනි සිව්වැනි හා පස්වන මහල් පිළිවෙලින් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී භික්ෂූන් වහන්සේලාට ද ඉතිරි මහල් රහතන් වහන්සේලාට ද වෙන්කර තිබී ඇත.

ගොඩනැගිලල චතුරස්‍රාකාර වන අතර පැත්තක දිග අඩි 400 කි. (මී. 120) එහි වහල තනා තිබුනේ තඹ හා බෙලෙක් මිශ්‍ර ලෝකඩ වලින් සාදන ලද උළු කැටවලිනි. එහෙයින් ඊට ලෝවාමහාපාය යන නම යෙදුණි. මෙහි ගල් කණු පේළි 40 කි. එක් පේළියකට ගල් කණු 40 ක් බැගින් යොදා ඇති මුළු ගල්කණු ගණන 1600 කි. මේ සියල්ල උසින් එක සමානය. ටැම් මත වූ ටැම්හිස් ඝණ රූප හා මල් ලියකම් වලින් අලංකාර කර ඇත. ගොඩනැගිල්ල නිම කිරීමට අවුරුදු 6 ක් ගත වූයේ යයි පැවෙස්.

ලෝවාමහාපාෙයේ සැළැස්ම තව්තිසා දෙව්ලොව “භරණී” නම් දෙවගනගේ ප්‍රාසාදයට සමානව සෑදුවේ යැයි විශ්වාස කරන අතර ප්‍රාසාදය මැද “වෙෙශ්‍රවණගේ’’ නාරි වාහනයට සමාන මණ්ඩපයක් ද ඉදිකර තිබූ බව සදහන් වේ.

ඉතිහාසය, දායකත්වයන් හා ප්‍රතිසංස්කරණය කිරීම්

 
ලෝවාමහාපාය

දේවානම්පියතිස්ස රජු විසින් පළමු වරට මෙම ස්ථානයේ අඩමසකට වරක් භික්ෂූන් වහන්සේලාට “පාතිමොක්කය” කියවීම සදහා පොහොය ගෙයක් ඉදිකළ අතර දුටුගැමුණු රජු විසින් එය නව මහල් ප්‍රාසාදයක් ලෙස විශාල කර වහලයට ලෝහ උළු සෙවිලි කරවා තනවන ලදි.

  • සද්ධාතිස්ස රජුගේ රාජ්‍ය කාලයේදී මෙම ගොඩනැගිල්ල ගින්නක් නිසා සම්පූර්ණෙයන් විනාශ වූ නිසා එය සත් මහල් කරවා යලි ඉදි කරන ලදි.
  • ඉන්පසු භාතිකාභය රජු, ආමණ්ඩ ගාමිණී අභය රජු, ගෝඨාභය රජු, 1වන ජෙට්ඨතිස්ස රජු, ධාතුසේන රජු, 1වන අග්ගබෝධි රජු, 4වන අග්ගබෝධි රජු, මානවම්ම රජු ආදී රජවරුන් රැසක් ලෝවාමහාපාය අළුත්වැඩියා කිරීමට කටයුතු කර ඇත.
  • දෙවන සිරිනාග රජුගේ කාලයේ දී යලිත් ගොඩනැගිල්ල ගිණිගෙන දැවීම නිසා මහල් පහකින් යුතුව යලිත් ඉදිකරන ලදි.
  • මහසෙන් රජ සමයේදී රජු මිත්යා දෘශ්ඨික භික්ෂුවකගේ බසට රැවටී ලෝවාමහාපාය ඇතුළු මහා විහාරයම විනාශ කිරීම නිසා කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු විසින් එය ප්‍රතිසංස්කරණය කරන ලදි.
  • 1වන සේන රජුගේ කාලයේ දී පාණ්ඩයින් විසින් ලෝවාමහාපාය කෝල්ල කන ලද අතර 2වන සේන රජු එය පිළිසකර කර රන් බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරන ලදි.
  • 10 වන සියවස අගභාගයේ දී ඇති වූ චෝල ආක්‍රමණ වලින් ලෝවාමහාපාය සම්පූර්ණෙයන් විනාශ වූ අතර ඉන්පසු අවසන් වරට එය ප්‍රතිසංස්කරණය කරන ලද්දේ 12 වන සියවසේ දී පොළොන්නරුව රාජධානියේ රජ කළ මහා පරාක්‍රමභාහු රජු විසිනි.

එහෙත් අනුරාධපුරය අභාවයට යාමත් සමග යලිත් ලෝවාමහාපාය අභාවයට ගිය අතර අද අපට දක්නට ලැබෙන්නේ එම මහා පරාක්‍රමභාහු රජුගේ ප්‍රතිසංස්කරණ වල නටඹුන්ය.

වෙනත්

අනුරාධපුරයෙන් නව යොදුනක් දුර “කසාතොට” අසල “දිඹුලාගල” සිටින්නවුන්ට ද බටහිරින් මුහුදේ යොදුනක් දුරින් සිටින්නවුන්ට ද ලෝවාමහාපාය පෙනුණු බව ‘‘මහාවංශ ටීකාවේ’’ සදහන් වේ.

බාහිර සබැඳුම්

  • ලෝවාමහාපායේ ඡායාරූප[permanent dead link]
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 13, 2026

    ආදිවාසීන්

  • මාර්තු 23, 2026

    2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය

  • මාර්තු 11, 2026

    ශ්‍රී ලංකාවේ පළාත්

  • අප්‍රේල් 04, 2026

    ග්‍රීක දර්ශනවාදීන්

  • අප්‍රේල් 04, 2026

    ඊඩන් ගාඩන්ස්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට