සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රිෂී සුනාක් (ඉංග්‍රීසි: Rishi Sunak; උපත 12 මැයි 1980), යනු බ්‍රිතාන්‍ය දේශපාලඥයෙක් වන අතර එක්සත් රාජධානියේ හිටපු අග්‍රාමාත්‍යවරයා සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායකය

රිෂී සුනක්

  • මුල් පිටුව
  • රිෂී සුනක්

රිෂී සුනාක් (ඉංග්‍රීසි: Rishi Sunak; උපත 12 මැයි 1980), යනු බ්‍රිතාන්‍ය දේශපාලඥයෙක් වන අතර එක්සත් රාජධානියේ හිටපු අග්‍රාමාත්‍යවරයා සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා. සුනාක් රිච්මන්ඩ් (යෝර්ක්ස්) ආසනය සඳහා කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලයේ (House of Commons) මන්ත්‍රීවරයෙක්. පෙර බ්‍රිතාන්‍ය රජයන්හි ඔහු මුදල් අමාත්‍ය (Chancellor of the Exchequer), භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම්, පළාත් පාලන පිළිබඳ පාර්ලිමේන්තු උප රාජ්‍ය ලේකම් ලෙසද කටයුතු කළේය.

මහමාන්‍ය
රිෂී සුනාක්
පා.ම.
නිල ඡායාරූපය, 2022
එක්සත් රාජධානියේ අගමැති
තනතුර දරමින්
25 ඔක්තෝම්බර් 2022 – 5 ජූලි 2024
රාජ්‍ය නායකයාතෙවන චාල්ස් රජ
පූර්වප්‍රාප්තිකයාලිස් ට්‍රස්
අනුප්‍රාප්තිකයාකියර් ස්ටාමර්
කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා
තනතුරුධාරී
තනතුර දරමින්
24 ඔක්තෝම්බර් 2022
පූර්වප්‍රාප්තිකයාලිස් ට්‍රස්
අනුප්‍රාප්තිකයාකෙමී බඩෙනොක්
මුදල් අමාත්‍ය
තනතුර දරමින්
13 පෙබරවාරි 2020 – 5 ජූලි 2022
අග්‍රාමාත්‍යවරයාබොරිස් ජොන්සන්
පූර්වප්‍රාප්තිකයාසජිඩ් ජාවිඩ්
අනුප්‍රාප්තිකයානධීම් සහවි
භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම්
තනතුර දරමින්
24 ජූලි 2019 – 13 පෙබරවාරි 2020
අග්‍රාමාත්‍යවරයාබොරිස් ජොන්සන්
පූර්වප්‍රාප්තිකයාලිස් ට්‍රස්
අනුප්‍රාප්තිකයාස්ටීව් බාර්ක්ලේ
පළාත් පාලන පිළිබඳ පාර්ලිමේන්තු උප රාජ්‍ය ලේකම්
තනතුර දරමින්
9 ජනවාරි 2018 – 24 ජූලි 2019
අග්‍රාමාත්‍යවරයාතෙරේසා මේ
පූර්වප්‍රාප්තිකයාමාකස් ජෝන්ස්
අනුප්‍රාප්තිකයාලූක් හෝල්
රිච්මන්ඩ් (යෝර්ක්ස්)
සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
7 මැයි 2015 – 5 ජූලි 2024
පූර්වප්‍රාප්තිකයාවිලියම් හේග්
බහුතරය27,210 (47.2%)
පුද්ගලික තොරතුරු
උපත12 මැයි 1980 (1980-05-12) (වයස 45)
සවුතැම්ප්ටන්, හැම්ප්ෂයර්, එංගලන්තය
දේශපාලන පක්ෂයකොන්සර්වේටිව්
කලත්‍රයාඅක්ෂතා මූර්ති (වි. 2009)
ළමයි2
ඥාතීන්
  • එන්.ආර්. නාරායන මූර්ති (මාමණ්ඩිය)
  • සුධා මූර්ති (නැන්දම්මා)
අධ්‍යාපනයවින්චෙස්ටර් විද්‍යාලය
උගත් ශාස්ත්‍රාලය
  • ලින්කන් විද්‍යාලය, ඔක්ස්ෆර්ඩ් (ශාස්ත්‍රවේදී උපාධිය)
  • ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය (ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය)
වෙබ් අඩවියrishisunak.com

ඔහු නැගෙනහිර අප්‍රිකාවෙන් සංක්‍රමණය වූ ඉන්දියානු දෙමාපියන්ගේ වැඩිමහල් පුත්‍රයා ලෙස එක්සත් රාජධානියේ සවුත්හැම්ප්ටන් හි උපත ලැබීය.ඔහු වින්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා, පසුව ඔක්ස්ෆර්ඩ්හි ලින්කන් විද්‍යාලයෙන් දර්ශනය සහ දේශපාලන ආර්ථිකය හැදෑරූ අතර පසුව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ෆුල්බ්‍රයිට් විශාරදයෙකු ලෙස කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තේය.ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඔහුට තම අනාගත භාර්යාව වූ අක්ෂතා මූර්ති හමුවිය. අක්ෂතා මූර්ති යනු ඉන්දියානු ව්‍යවසායකයෙකු වන එන්.ආර්. නාරායන මූර්තිගේ දියණියයි.

සුනක් සහ ඔහුගේ බිරිඳ අක්ෂතා මූර්ති එක්සත් රාජධානියේ 222 වැනි ධනවත්ම පුද්ගලයන් වන අතර ඒකාබද්ධ ශුද්ධ වටිනාකම පවුම් මිලියන 730 කි.

මුදල් අමාත්‍යවරයා ලෙස, කොවිඩ්-19 වසංගතය සහ එහි ආර්ථික බලපෑම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයේ මූල්‍ය ප්‍රතිචාරය තුළ සුනක් ඉතා ප්‍රසිද්ධියට පත් විය. ඔහු ආර්ථිකය ගොඩනැගීම සඳහා ආර්ථික ව්‍යාපෘති කිහිපයක් දියත් කළේය. 'Coronavirus Job Retention' සහ 'Eat Out to Help Out' ව්‍යාපෘති වැනි. 2022 ජූලි 5 වන දින ඔහු මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ රජයේ අර්බුදයක් හේතුවෙන් අවසානයේ එවකට අගමැති බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමට හේතු විය. ජොන්සන් වෙනුවට කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව මැතිවරණයට ඉදිරිපත් වීමට සුනක් උත්සාහ කළ නමුත් ඔහු ලිස් ට්‍රස්ට පරාජය විය.කෙසේ වෙතත් යන්තම් දින 44 කට පසු ලිස් ට්‍රස් ද තවත් රජයේ අර්බුදයක් මධ්‍යයේ ඉල්ලා අස් වූ අතර සුනක් කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා ලෙස නිතරගයෙන් තේරී පත් වූ අතර එබැවින් අගමැති ලෙස පත් කරන ලදී. සුනක් ඔක්තෝබර් 25 වන දින තෙවන චාල්ස් රජු විසින් අගමැති ලෙස පත් කරන ලදී. ඔහු පළමු බ්‍රිතාන්‍ය දකුණු ආසියාතිකයා, පළමු සුදු නොවන පුද්ගලයා, පළමු හින්දු සහ ධනවත්ම පුද්ගලයා වේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    ක්‍රිකට් පන්දුව

  • අප්‍රේල් 04, 2026

    ජාත්‍යන්තර සබඳතා

  • මාර්තු 26, 2026

    ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුව

  • අප්‍රේල් 04, 2026

    ධ්‍යාන මුද්‍රාව

  • මාර්තු 31, 2026

    බදුලු ටැම් ලිපිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට