මේරි එලිසබෙත් ට්‍රස් (ඉංග්‍රීසි: Mary Elizabeth Truss; උපත 26 ජූලි 1975),ලිස් ට්‍රස් ලෙස හඳුන්වන, යනු බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙක් වන අතර 6 සැප්තැම්බර් 2022 සිට 25 ඔක්තෝම්බර් 2022 දක්වා එක්සත් රාජධානියේ අගමැති වූ අතර 5 සැප්තැම්බර් 2022 සිට 24 ඔක්තෝම්බර් 2022 දක්වා කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා විය. ඇය බොරිස් ජොන්සන්ගේ කැබිනට් මණ්ඩලයේ 2021 සැප්තැම්බර් මාසයේ සිට 6 සැප්තැම්බර් 2022 දක්වා විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළේය. ඇය 2017 සිට 2019 දක්වා භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම්වරිය ලෙස කටයුතු කළාය සහ 2010 සිට නිරිතදිග නොර්ෆොක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී. ට්‍රස් උපත ලැබුවේ ඔක්ස්ෆර්ඩ්හිය. ඇය අධ්‍යාපනය ලැබුවේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේය.
මහමාන්‍ය එලිසබෙත් ට්රස් | |
|---|---|
![]() නිල ප්‍රතිමූර්තිය, 2022 | |
| එක්සත් රාජධානියේ අගමැති | |
| තනතුර දරමින් 6 සැප්තැම්බර් 2022 – 25 ඔක්තෝම්බර් 2022 | |
| රාජ්‍ය නායකයා | දෙවන එලිසබෙත් රැජිණ තෙවන චාල්ස් රජ |
| Deputy | තෙරේස් කොෆී |
| පූර්වප්‍රාප්තිකයා | බොරිස් ජොන්සන් |
| අනුප්‍රාප්තිකයා | රිෂී සුනාක් |
| කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා | |
| තනතුර දරමින් 5 සැප්තැම්බර් 2022 – 24 ඔක්තෝම්බර් 2022 | |
| පූර්වප්‍රාප්තිකයා | බොරිස් ජොන්සන් |
| අනුප්‍රාප්තිකයා | රිෂී සුනාක් |
| විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් | |
| තනතුර දරමින් 15 සැප්තැම්බර් 2021 – 6 සැප්තැම්බර් 2022 | |
| අග්‍රාමාත්‍යවරයා | බොරිස් ජොන්සන් |
| පූර්වප්‍රාප්තිකයා | ඩොමිනික් රාබ් |
| කාන්තා හා සමානාත්මතා අමාත්‍ය | |
| තනතුර දරමින් 10 සැප්තැම්බර් 2019 – 6 සැප්තැම්බර් 2022 | |
| අග්‍රාමාත්‍යවරයා | බොරිස් ජොන්සන් |
| පූර්වප්‍රාප්තිකයා | ඇම්බර් රඩ් |
| ජාත්‍යන්තර වෙළෙඳ පිළිබඳ රාජ්‍ය ලේකම් වෙළඳ මණ්ඩලයේ සභාපති | |
| තනතුර දරමින් 24 ජූලි 2019 – 15 සැප්තැම්බර් 2021 | |
| අග්‍රාමාත්‍යවරයා | බොරිස් ජොන්සන් |
| පූර්වප්‍රාප්තිකයා | ලියම් ෆොක්ස් |
| අනුප්‍රාප්තිකයා | ඈන්-මාරි ට්‍රෙවේලියන් |
| භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම් | |
| තනතුර දරමින් 11 ජූනි 2017 – 24 ජූලි 2019 | |
| අග්‍රාමාත්‍යවරයා | තෙරේසා මේ |
| පූර්වප්‍රාප්තිකයා | ඩේවිඩ් ගෝක් |
| අනුප්‍රාප්තිකයා | රිෂී සුනාක් |
| අධිකරණ පිළිබඳ රාජ්‍ය ලේකම් | |
| තනතුර දරමින් 14 ජූලි 2016 – 11 ජූනි 2017 | |
| අග්‍රාමාත්‍යවරයා | තෙරේසා මේ |
| පූර්වප්‍රාප්තිකයා | මයිකල් ගෝව් |
| අනුප්‍රාප්තිකයා | ඩේවිඩ් ලිඩිංටන් |
| පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් | |
| තනතුර දරමින් 15 ජූලි 2014 – 14 ජූලි 2016 | |
| අග්‍රාමාත්‍යවරයා | ඩේවිඩ් කැමරන් |
| පූර්වප්‍රාප්තිකයා | ඕවන් පැටර්සන් |
| අනුප්‍රාප්තිකයා | ඇන්ඩ්‍රියා ලීඩ්සම් |
| ළමාරක්ෂක හා අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු උප ලේකම් | |
| තනතුර දරමින් 4 සැප්තැම්බර් 2012 – 15 ජූලි 2014 | |
| අග්‍රාමාත්‍යවරයා | ඩේවිඩ් කැමරන් |
| පූර්වප්‍රාප්තිකයා | සාරා ටීදර් |
| අනුප්‍රාප්තිකයා | සෑම් ගිමාහ් |
| නිරිතදිග නොර්ෆොක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 6 මැයි 2010 | |
| පූර්වප්‍රාප්තිකයා | ක්‍රිස්ටෝෆර් ෆ්‍රේසර් |
| බහුතරය | 26,195 (50.9%) |
| පුද්ගලික තොරතුරු | |
| උපත | මේරි එලිසබෙත් ට්‍රස් 26 ජූලි 1975 ඔක්ස්ෆර්ඩ්, එංගලන්තය |
| දේශපාලන පක්ෂය | කොන්සර්වේටිව් පක්ෂය (1996ට පසු) |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (1996ට පෙර ) |
| කලත්‍රයා | හියු ඕලෙරි (වි. 2000) |
| ළමයි | 2 |
| අධ්‍යාපනය | රවුන්ඩේ පාසල |
| උගත් ශාස්ත්‍රාලය | මර්ටන් විද්‍යාලය, ඔක්ස්ෆර්ඩ් (ශාස්ත්‍රවේදී උපාධිය) |
| වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
ඇය යුක්තිය පිළිබඳ රාජ්‍ය ලේකම්, 2014 සිට 2016 දක්වා පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් සහ 2012 සිට 2014 දක්වා අධ්‍යාපන හා ළමාරක්ෂක පිළිබඳ පාර්ලිමේන්තු උප ලේකම් ලෙසද කටයුතු කළාය.
2022 ජූලි මාසයේදී, ට්‍රස් 2022 කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව මැතිවරණයේදී බොරිස් ජොන්සන් වෙනුවට එක්සත් රාජධානියේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා සඳහා ඇයගේ අපේක්ෂකත්වය නිවේදනය කළේය. 2022 ජූලි 20 වන දින, ට්‍රස් මැතිවරණයේ අවසන් වටයට පිවිසි අතර රිෂී සුනාක්ට මුහුණ දෙනු ඇත. ඇය ජයග්‍රහණය කර, අගමැති සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව බවට පත් වූවාය. කෙසේ වෙතත්, රජයේ අර්බුදයකින් පසු, ඇය දින 50 කට පසු ඉල්ලා අස් වූ අතර, එක්සත් රාජධානියේ ඉතිහාසයේ කෙටිම අගමැතිනිය බවට පත් විය. ඇය වෙනුවට අගමැති සහ පක්ෂයේ නායකයා රිෂී සුනාක් විසින් පත් කරන ලදී.
