සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා‍ යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය සන්දේශ කාව්‍ය හෙවත් දූත කාව්‍ය නමින් ‍හැඳින්වේ. ලෝක සාහිත්‍ය

සන්දේශ කාව්‍ය

  • මුල් පිටුව
  • සන්දේශ කාව්‍ය

පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා‍ යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය සන්දේශ කාව්‍ය හෙවත් දූත කාව්‍ය නමින් ‍හැඳින්වේ. ලෝක සාහිත්‍යයෙහි හමු වන පළමු දූත කාව්‍යය සංස්කෘත මහා කවි කාලිදාස ලියූ මේඝ දූතය යි. සන්දේශ කාව්‍ය ලක්‍ෂණ වශයෙන්, සංස්කෘත පඬුවෝ කරුණු නවයක් දැක්වූ හ​.

  1. ප්‍රසිද්ධ පුරුෂයකු හෝ ස්ත්‍රියක කතා නායකයා කිරීම​.
  2. දූතයා වංශාදියෙන් සුන්දරයෙකු වීම​.
  3. ඉතිහාස කතාවක් හෝ ආශිර්වාදයක් හෝ පූර්ව වීම​.
  4. කුශල ප්‍රශ්නය මුල් කොට ගෙන දූතයා වැනීම​.
  5. යා යුතු තැන් කීම​.
  6. මාර්ග දේශාදි වර්ණනා කිරීම​.
  7. දේශ නගරී නායකයනට ස්තූතිය​
  8. වෘතාන්තය කීම​
  9. දූතාශීර්වාදය​

මින් ඉතිහාස කතා පූර්ව කොට ගෙන සඳේශ රචනා නො කෙරිණි. ඉතිරි රීති අනුගමනය කරන ලදි.

පටුන

සිංහල සන්දේශ කාව්‍යාවලිය​

මයුර සන්දේශය​

මෙය ලංකාදීපයේ පැරණිතම කාව්‍ය සංදේශයයි.[තහවුරු කර නොමැත]කවීශ්වර නම්, ගුරුළුගෝමී ගේ මුණුපුරකු විසින් රචිත ය​. පද්‍ය සංඛ්‍යාව 163කි. පස් වන බුවනෙකබාහු රජු හා යටත් ජනයා රැක ගැනීමට අයැද, දෙවිනුවර කිහිරෙළි උපුල්වන් දෙවියන් වෙත යවනු පිණිස ලියන ලද්දකි. සාහිත්‍යික අගයෙන් දෙ වැනි වනුයේ සැළලිහිණි සන්දේශයට පමණි ලංකාවේ ඉපැරණි සම්භාව්‍ය ගනයේ සන්දේශ කාව්‍ය කි දෙව්න්දර පැරණි ගණදෙවි කෝවිල ගැන සදහන් වේ. මෙම සන්දේශ කාව්‍ය රචනා කරන ලද්දේ ගම්පොළ යුගයේදීය. ඒ අනුව සන්දේශ කාව්‍ය ඇරඹී යුගය ගම්පොළ යුගයයි.

තිසර සංදේශය​

ප්‍රධාන ලිපිය: තිසර සන්දේශය

ගම්පොළ යුගයේ රචනා වී ඇත. දැතිගම්පුර පස් වන පැරකුම්බා සහ ඔහුගේ ඇමති මණ්ඩලය ද, මවු ද, ආරක්‍ෂා කරන ලෙස උපුල් දෙවියන් අයැදීම පරමාර්ථ කොට ගෙන රචිත ය​. පද්‍ය සංඛ්‍යාව 187කි. කර්තෘ අවිනිශ්චිත ය​. කර්තෘ, දෙවිනුවර මහා විහාරයේ ප්‍රධාන ස්ථවිරයන් වහන්සේ බවට සාක්‍ෂ්‍ය පවතී යයි, කුමාරතුංග මුණිදාස අදහස් දක්වා ඇත​.

කෝකිල (කොවුල්) සන්දේශය​

සපුමල් කුමාරයා කතා නායකයා වන අතර, මෙය පිළිගන්වනු ලබන්න්නේ ඔහුට ය​. කර්තෘ දෙවිනුවර ඉරුගල් කුලයට අයත් තිලක පිරුවන් හිමි ය​. දෙවිනුවර සිට යාපා පටුන දක්වා මග විස්තර කෙරෙන මෙය​, දීර්ඝත ම සිංහල සංදේශය යි. ආර්ය චක්‍රවර්තී රජු පරදවා ජය ගත්, සපුමල් කුමාරයාට හා ඔහු ගේ ඇමති ගණයා ඇතුළු සෙනගට ද, සන්හස් බෝදිනයිනා කැමිදුනට ද, ආරක්‍ෂාව සලසා දෙන ලෙස ඉල්ලීම උපුල්වන් දෙවියන්ගෙන් යැදීම මෙහි පරමාර්ථය යි.

ගිරා සන්දේශය​

කෝට්ටේ යුගයේ රචනා වී ඇත. කර්තෘ සදහන් නොවේ. පද්‍ය සංඛ්‍යාව 254කි. කාව්‍යයෙහි පරමාර්ථය වූයේ පරාක්‍රමබාහු රජුට නාථ දෙවිඳු ගේ පිහිට ලබා දීම ය​. නමුත් අස්න යැවෙන්නේ නාථ දෙවිඳුට නොව සිරි රහල් හිමිට ය.

හංස සන්දේශය​

15 වන සියවසේ දී රචිත ය​. පිරිත් දෙසා, දෙවියනට පින් දී, පැරකුම් බා රජුන් රකින ලෙස දෙවියන් අයැදින ලෙස කවියා කෑරගල වනරතන හිමියන් ගෙන් ඉල්ලයි.මෙය වීදාගම හිමියන් ලියන ලදි.මෙයද, කෝට්ටේ යුගයේ සවැනි පැරකුම්බා රජ සමයේ රචිත පද්‍ය 208කින් සමන්විත ,වීදාගම මයිත්‍රී හිමියන් විසින් රචිත ,බෞද්ධ දූදූත කාව්‍යකි.

කහ කුරුළු සන්දේශය​

15 වන සියවස අග දී රජ පැමිණි, වීර පරාක්‍රමබාහු රජ දවස​, දික්වැල්ලේ කඳවුරු කුලයට අයත් වූ සාමණේර නමක් විසින් රචිත​, ගලගම සිට කතරගමට යැවෙන සන්දේශයකි.

සැවුල් සන්දේශය​

සීතාවක රාජසිංහ රජු හා ඔහු ගේ සේනාව ආරක්‍ෂා කර දෙන ලෙස, සපරගමුවේ සුමන සමන් දෙවියන්ගෙන් ඉල්ලමින්, අලගියවන්න මොහොට්ටාල විසින් රචිත ය. අමනාපව සිටින රජු සතුටු කොට​, නැවත ඔහු ගේ ප්‍රසාදය බලාපොරොත්තුව මෙය ලීවේ යැයි සිතීමට තුඩු දෙන රජ වැනුම් රාශියකි.

මග සලකුණ

17 වන සියවස මුල දී රචිත ය​. සන්දේශ කාව්‍ය ලක්‍ෂණ ඇතත්, දූත වැනුම් හෝ හසුනක් ඇතුළත් නො වන මෙය​, බදුල්ලේ සිට මහනුවර දළදා මාළිගයට එන මග වනමින් රචිත වර්ණනා මාලාවකි.

නීලකොබෝ සන් දේශය​

අසනීපයෙන් සිටින තමාව සුව පත් කරන මෙන් ඉල්ලා, බරණ ගණිතාචාර්ය විසින් රචිත ය​.

සැළලිහිණි සංදේශය

කෝට්ටේ යුගයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි විසින් රචිත ය. සවන පැරකුම්බා රජුගේ කනිටු දියණියන් වන ලෝකනාථා හෙවත් උලකුඩය දේවියට රාජ්‍ය බාරයට පුතෙකු ලබා දෙන මෙන් කැලණියේ විභීෂණ දෙවියන්ගෙන් සිදුකරන ආයාචනයක් ස්වරුපයෙන් රචනා වී ඇත.මෙය පද්‍ය 111කින් සමන්විත වේ.

19 වන හා 20වන සියවස​

19 වන සියවස මුල් අවධියේ රචනා වූ නාරි සංදේශය ට අමතරව විසි වන සියවස අවධියේ දී, බහුල වශයෙන් සන්දේශ කාව්‍ය ලියැවී ඇත්තේ, සමාජයේ දුබල තැන් උපහාසයට ලක් කරමින් ය​.

මූලාශ්‍ර​

  • සිංහල සාහිත්‍ය ප්‍රවේශය (1964), ආනන්ද​ W.P. ගුරුගේ
  1. සැළලිහිණි සන්දේශය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    එස්. පණීභාරත

  • මාර්තු 31, 2026

    යාපනය බලකොටුව

  • මාර්තු 14, 2026

    තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

  • මාර්තු 16, 2026

    හිරු

  • අප්‍රේල් 04, 2026

    යුද්ධ හමුදා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට