සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ප‍්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය අධ්‍යාපනයේ ප‍්‍රථම අදියර වේ. පෙර පාසැල එයට පූර්වගාමී වන අතර ද්විතීය අධ්‍යාපනය ප‍්‍රාථමික අධ්‍යාපනයට පසුව පැමිණේ. උතුරු අමෙරිකාවේ ම

ප්‍රාථමික අධ්‍යාපනය

  • මුල් පිටුව
  • ප්‍රාථමික අධ්‍යාපනය

ප‍්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය අධ්‍යාපනයේ ප‍්‍රථම අදියර වේ. පෙර පාසැල එයට පූර්වගාමී වන අතර ද්විතීය අධ්‍යාපනය ප‍්‍රාථමික අධ්‍යාපනයට පසුව පැමිණේ. උතුරු අමෙරිකාවේ මෙම අධ්‍යාපන අවදිය මූලික අධ්‍යාපනය වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබේ.

tiny globe
චෙක් සමූහාණ්ඩුවේ ප‍්‍රාථමික පාසැලක්


බොහෝ රටවල ප‍්‍රාථමික අධ්‍යාපනය ලබාගැනීම දරුවන්ට අනිවාර්ය වන අතර එය ලබාදීම සඳහා කි‍්‍රයා කිරීමට දෙමාපියන් නීතිමය වශයෙන් බැදී සිටී. ද්විතීය පාසැලට හෝ උසස් පාසැලට මාරුවීම සිය කැමැත්ත පරිදි සිදුවන නමුත් එය වයස අවුරුදු එකොලහේදී හෝ දොළහේදී සිදුවෙයි. ඇතැම් අධ්‍යාපන පද්ධති අනුව වෙන්ව පිහිටි මධ්‍යම පාසැල් ඇත. වයස අවුරුදු දහහතරේදී පමණ එහිදී අවසාන අධ්‍යයන අදියරට සංක‍්‍රමණය විය හැකිය.

tiny globe
ප‍්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන පාකිස්තානු ශිෂ්‍යයෙක්

ප‍්‍රාථමික අධ්‍යාපනයේ ප‍්‍රධාන අරමුණු වනුයේ සිසුන්ට මූලික භාෂාමය හා ගණිතමය හැකියාව ලබාදිමත් විද්‍යාව, භූගෝලවිද්‍යාව, ඉතිහාසය සහ වෙනත් සමාජයීය විද්‍යා විෂයයන් සඳහා පදනම් දැනුමක් සැපයීමත් ය. එහෙත් ප‍්‍රමුඛත්වය දිය යුතු ක්ෂේත‍්‍ර කවරේද යන්න සහ ඒවා ඉගැන්විමේදී අනුගමනය කළයුතු ක‍්‍රමවේදය කුමක්ද යන්න විවාදාත්මකය.


ප‍්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණකර උසස් හෝ ද්විතීයික පාසැලකට ප‍්‍රවේශවන තෙක් ක‍්‍රමයෙන් උසස් කෙරෙන පන්ති සහිත පාසැලකින් එය ලබාදීම පවත්නා තත්වයයි. දරුවාගේ අධ්‍යාපනය මෙන් ම ශුභසාධනය ද සඳහා වගකීම දරන එක ගුරුවරයෙකු යටතේ වර්ෂයක පමණ කාලයක් පුරා දරුවා ගත කරයි. සංගීතය හා ශාරීරික අධ්‍යාපනය වැනි ඇතැම් විෂයයන් පිළිබඳ විශේෂඥ ගුරුවරුන්ගේ සහාය මෙම කාලය තුළදී එකී ගුරුවරයාට ලැබේ. මේ අනුව ප‍්‍රාථමික අධ්‍යාපන ක‍්‍රමයේ විශේෂ ලක්ෂණය වනුයේ එක ම ගුරුවරයෙකු යටතේ ඉගෙනීමත් පන්තිය සමග සමිප සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවස්ථාව උදාවීමත් ය.


සාම්ප‍්‍රදායිකව මුල් අධ්‍යාපනයේ අත්‍යාවශ්‍ය අංගයක් වනුයේ විවිධාකාර ශාරීරික දඬුවම් ය. මෑතක සිට මෙම ක‍්‍රමයට විරෝධය පළවී ඇති අතර බොහෝ රටවල විශේෂයෙන් බටහිර රටවල ඒවා නීතියට පටහැනි කි‍්‍රයා සේ සැලකේ.

දරුවෙකු ගේ අනාගතය තීරණය වන මූලික අඩිතාලම ලෙස ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමය හදුන්වා දීය හැක.

පටුන

අමතර අවධානයට

  • ද්විතීය අධ්‍යාපනය
  • Education Index
  • List of education articles by country
  • List of schools by country
  • The New England Primer 1620–1720
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    අග්නිදිග ආසියාව

  • අප්‍රේල් 06, 2026

    යශෝධා විමලධර්ම

  • මාර්තු 31, 2026

    පරිගණක දෘඩාංග

  • අප්‍රේල් 05, 2026

    ෆ්‍රෙඩ් ‍හොයිල්

  • මාර්තු 22, 2026

    සිංහල රාජධානිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට