සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බිමල් නිරෝෂන් රත්නායක වීරකෝන් (Bimal Rathnayake, උපත 12 අගෝස්තු 1964), හෙවත් බිමල් රත්නායක, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය

බිමල් රත්නායක

  • මුල් පිටුව
  • බිමල් රත්නායක

බිමල් නිරෝෂන් රත්නායක වීරකෝන් (Bimal Rathnayake, උපත 12 අගෝස්තු 1964), හෙවත් බිමල් රත්නායක, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා මෙන්ම වත්මන් සභානායකවරයා ලෙස කටයුතු කරයි. ඔහු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඒ මහතා මීට පෙර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.

ගරු
බිමල් රත්නායක
පා.ම
Bimal Rathnayake
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය
තනතුරුධාරී
තනතුර දරමින්
18 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
පූර්වප්‍රාප්තිකයාවිජිත හේරත්
සභානායක
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
පූර්වප්‍රාප්තිකයාසුසිල් ප්‍රේමජයන්ත්
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
තනතුර දරමින්
2015 සැප්තැම්බර් 3 – 2020 මාර්තු 3
පූර්වප්‍රාප්තිකයාසරත් චන්ද්‍රසිරි මායාදුන්නේ
කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
2001 දෙසැම්බර් 19 – 2010 පෙබරවාරි 9
පුද්ගලික තොරතුරු
උපත
බිමල් නිරෝෂන් රත්නායක වීරකෝන්

28 මාර්තු 1973 (1973-03-28) (වයස 53)
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ

මුල් ජීවිතය සහ අධ්‍යාපනය

බිමල් රත්නායක 1973 මාර්තු 28 දින ශ්‍රී ලංකාවේ උපත ලැබීය.

ඔහු තංගල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් සහ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත.

1993 දී ඔහු මොරටුව විශ්වවිද්‍යාලයට සිවිල් ඉංජිනේරු අධ්‍යයනය සඳහා ඇතුළත් වුවද ඔහු සිය උපාධිය සම්පූර්ණ කර නැත. එබැවින් පාර්ලිමේන්තු වාර්තා වල ඔහුගේ අධ්‍යාපනික සුදුසුකම ලෙස “BSc Engineering Undergraduate” ලෙස සඳහන් කර ඇත.

දේශපාලන ජීවිතය

බිමල් රත්නායක ජනතා විමුක්ති පෙරමුණ (JVP) තුළ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස දේශපාලනයට පිවිසි අතර එහි මධ්‍යම කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.

ඔහු 2001 මහ මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පළමුවරට තේරී පත්විය.

2004 සිට 2005 දක්වා කාලය තුළ ඔහු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සේවය කළේය.

2015 දී ඔහු නැවත පාර්ලිමේන්තුවට පත් වූ අතර 2020 දක්වා එහි කටයුතු කළේය.

2024 ශ්‍රී ලංකා මහ මැතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. 2024 නොවැම්බර් 18 දින ඔහු ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබීය. එම පාර්ලිමේන්තු සැසිය තුළ ඔහු පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙසද කටයුතු කළේය.

2025 දී ඔහු ශ්‍රී ලංකා–චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය. එම වසරේදීම ඔහු ශ්‍රී ලංකා–තුර්කිය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙසද තේරී පත් විය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    චෙක් ජනරජය

  • මැයි 28, 2026

    අර්ජුන කමලනාත්

  • මැයි 15, 2026

    Human body

  • මාර්තු 14, 2026

    මහින්දාගමනය

  • මැයි 27, 2026

    Red giant

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට