සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මෑත යුගයේදී බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා මහගු ශාසනික සේවයක් ඉටුකල බෞද්ධ භික්ෂුන් අතරින් ඉදිරියෙන්ම කියවෙන නාමයක් වේ නම් ඵ් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ නා

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි

  • මුල් පිටුව
  • මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි

මෑත යුගයේදී බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා මහගු ශාසනික සේවයක් ඉටුකල බෞද්ධ භික්ෂුන් අතරින් ඉදිරියෙන්ම කියවෙන නාමයක් වේ නම් ඵ් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ නාමයයි. එවකට බෞද්ධයන් විසින් කිතුණුවන් සමග යෙදුණු වාද වලදි උන් වහන්සේ නායකත්වය ගෙන කටයුතු කිරිමත් සමග උන් වහන්සේ නිතැතින්ම මහත් ප්‍රසිද්ධියට පත්වුයේය.

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි.
ආගමථේරවාද බුද්ධාගම
ගුරුකුලයථේරවාද
පෞද්ගලික තොරතුරු
උපතපෙබරවාරි 9, 1823(1823-02-09)
මොහොට්ටිවත්ත (මිගෙට්ටුවත්ත), බලපිටිය, ශ්‍රී ලංකාව
මරණයසැප්තැම්බර් 21, 1890(1890-09-21) (වයස 67)
කොළඹ, බ්‍රිතාන්‍ය ලංකාව
ජ්‍යෙෂ්ඨ තනතුරු
පදනම් වූදීපදුත්තාරාමය, කොටහේන, කොළඹ
පදවියන්වාදීභසිංහ (වාදයෙහිදී සිංහයෙක් වැනි)
ආගමික වෘත්තිය
ගුරුවරයාතෙලිකඩ සොනුත්තර තෙරණුවෝ

මුල්කාලීන ජිවිතය

බලපිටිය මොහොට්ටිවත්ත නම් ගම්මානයේදී අසනේරිස් මැන්දිස් මහතාටත් සීනිගම කලුදුර මිල්ඩෝ ද සිල්වා මැතොණියටත් 1823 පෙබරවාරි 09 වෙනි දින පුත්‍ රුවනක් ලැබින. හේ නමින් මිගෙල් මැන්දිස් නම් විය. දොලොස් හැවිරිදි වියෙදී සසුන් ගත වු මේ කුමරා පසූව මොහොට්ටිවත්තෙ ගුණානන්ද හිමි නම් විය. සිය ගුරු හිමියන්ගේත් පියාණන්ගේත් අභාවයෙන් මහත්සේ කම්පාවට පත් ගුණානන්ද හිමියො සිය පැවිදි දිවියෙන් තාවකාලිකව සමුගත් බව පෙනෙන්නට තිබේ. 1874 දී උපසම්පැපදාව ලැබූ උන්වහන්සේ පැවිදි දිවිය තුලදි තමනට හැකි උපරිමයෙන් සිංහල,පාලි,සංස්කෘත ආදි භාෂාවනුත් බුදු දහමත් උගත් උන්වහන්සේ පසුකාලිනව ලද ඉංග්‍රීසි භාෂා අධය්‍යාපනයත් සමග කිතු දහමද මැනවින් උගත්තේය. බුදු දහමෙත් කිතු දහමේත් සංසන්දනාත්මක අධය්‍යනයෙන් එලඹ් නිගමන ඔස්සේ පසුකාලීනව බුදු දහමෙහි චිරස්ථිතිය වෙනුවෙන් කැප වු බවක් පෙනෙන්නට තිබේ.

එකල කරදරයක් නැතිව මහ මග ගමන් ගන්නා අයෙක් වි නම් හෙතෙම බයිබලයක් අතින් දරා සිටින්නෙකු විය යුතුය. ඊට හේතුව වුයෙ කිතුදහමටත් බටහිර ඌජාරුවටත් එකල හිමිව තිබු සැලකිල්ලය. එසේ නොවන්නට යම් ‍යම් දුෂ්කරතාවයන්ට ලක්වන්නට සිදුවිම සුලභ සිද්ධියක් විය. එමෙන්ම සිංහල ජාතියටත් බුදු දහමටත් මෙකල රජයෙන් එතරම් සැලකිල්ලක් නොදැක්වින. 1849 වර්ෂයෙ දී පැනවු එක් නියෝගයකට අනුව කොළඹ නගරයේ වු සියලු බෝ ගස් කපා ඉවත් කිරිම කළ යූතු විය. එහෙත් මෙකි නියෝගය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන්නට මොහොට්ටිවත්තේ ගුනාණන්ද හිමියන් ප්‍රමුඛ කොළඹ බෝධිරාජ සමිති‍යෙන් ඉඩ නොලැබිණි. තිබු බෝ ගස් කැපිමට ඉඩ නොදිමත් කැපු ගස් වෙනුවට තවත් බෝ ගස් සිටුවිමත් උන්වහන්සෙගේ ප්‍රධානත්වයෙන් පිහිටවු සමිතියෙන් සිදු කෙරිණ.

උන් වහන්සේ ක්‍රිස්තියානි වාද විසාතනිය, සත්‍ය විය, රිවිරැස, බුද්ධ ඇදහිල්ල ඇති පොත් පත් ද රචනා කළහ.

ප්‍රධාන ලිපිය: පංච මහා වාද

මෙකල බුදු දහමත් කිතුනුදහමත් අතර පැවති පංච මහාවාද වැඩ සටහන පිලිබදවත් නොකියාම බැරිය.1865 බද්දේගම දී ද 1865 කැලණියේ වරාගොඩ දී ද 1866 උදම්මිට දී ද 1871 ගම් පොළ දී ද 1873 පානදුරේ දී ද බෞද්ධ - ක්‍රිස්තියානි දෙපිරිස අතර ප්‍රසිද්ධ වාද ඇති විය. පංචමහාවාද යනුවෙන් හැඳිවෙන්නේ ඒවාය. එවැනි වාද අතුරින් පානදුරා වාදය බෞද්ධාගමට වාසි ලබා දෙමින් නිමාවු‍යෙය. මෙම ජයග්‍රහනයෙන් වාර්තා ඉංග්‍රිසි භාශාවෙන් කිය වු හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ඉන් පැහැදි ශ්‍රි ලංකාවේ බෞද්ධාගමික කටයුතු කෙරෙහි මුල් වු බව කියවේ. සිංහල බෞද්ධ කොඩියේ ආරම්භය සනිටුහන් වන්නේ මොහොට්ටිවත්තෙ ගුණානන්ද හිමියන්ගේ විවාදයන් හි එසවු ධර්ම චක්‍රය ඇතුලත් කොඩියේ සිටය.1873 දී මෙම වාදයට ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් විය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමින් ‍යම් තැනක සදහන් වන උන්වහන්සේගේ චතුර කථිකත්වය නිසාම "වාදිභසිංහ" නාමය උරුම කරගත් බව සදහන් වෙයි. මෙවන් නිර්භීත ශාසනික සේවාවන් ‍රැසක් ඉටුකල උන්වහන්සේ ඓතිහාසික සැමරුම් රාශියක් ඉතිරි කරමින් වර්ෂ 1890 සැප්තැම්බර් 21 වන දිනයේ අපවත් වී වදාළහ. ඔහු මිය යන විට ඔහුගේ වයස අවුරැදු 67කි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    භද්‍ර කල්පය

  • මාර්තු 10, 2026

    දළදා මාළිගා

  • මාර්තු 19, 2026

    අඟහරු ග්‍රහලොව

  • අප්‍රේල් 04, 2026

    අවසාදිත පාෂාණ

  • මාර්තු 31, 2026

    අන්තර්ජාලය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට