සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අරලියගහ මන්දිරය ශ්‍රී ලංකාවේ ඇති ‍පෞරාණික ගො‍‍ඩනැගිල්ලකි. මෙම ගො‍‍ඩනැගිල්ල වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වාසය කරන නිවසයි. එනමුදු මෑත අතීතයෙහි මෙය අගමැති න

අරලියගහ මන්දිරය

  • මුල් පිටුව
  • අරලියගහ මන්දිරය

අරලියගහ මන්දිරය ශ්‍රී ලංකාවේ ඇති ‍පෞරාණික ගො‍‍ඩනැගිල්ලකි. මෙම ගො‍‍ඩනැගිල්ල වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වාසය කරන නිවසයි. එනමුදු මෑත අතීතයෙහි මෙය අගමැති නිල නිවස ලෙස භාවිතා වූවකි. ඈත අතීතයෙහිදී එය බ්‍රිතාන්‍ය නිලධාරින් කිහිප දෙනෙකුගේ නිවස්න ලෙසින් පැවතිණි.

අරලියගහ මන්දිරය
පැරණි නම්ඩි බ්‍රැන්ඩරි
සාමාන්‍ය තොරතුරු
නගරයකොල්ලුපිටිය
රටශ්‍රී ලංකාව
හිමිකරුශ්‍රී ලංකා ආණ්ඩුව

පිහිටීම

මෙහි පිහිටීම කොළඹ 03 හෙවත් කොල්ලුපිටිය ප්‍රදේශයෙහිය. මෙම කොල්ලුපිටිය පෙරදී හැඳින්වී ඇත්තේ බරදෙණිය ලෙසිනි. ලන්දේසින් ලංකාව පාලනය කල සමයෙහිදී කන්ද උඩරට රජ කල දෙවන රාජසිංහ රජතුමාගේ උදහසට ලක්ව හිස ගසා දැමුම වෙනුවට ලන්දේසීන් වෙත භාර කෙරුනද නිදහස ලැබ ලන්දේසි නම් ගෙන මෙම ප්‍රදේශයෙහි විසූ උඩුනුවර අඹන්වෙල අප්පුහාමි නමැත්තෙකු රාජ්‍ය අනුග්‍රහයද සහිතව සාම්ප්‍රදායික කුඹුරුද ආක්‍රමණය කරමින් වගා කල පොල් වනයක් නිසාවෙන් මෙහි වැසියන් විසින් විරෝධ පාඨයක් ලෙසින් කොල්ල-කෑ-පිටිය ලෙසින් වැහැරීම පසු කලෙක කොල්ලුපිටිය වූ බව කියති.

ඉතිහාසය

මෙය අතීතයෙහිදී අක්කර හයකට මදක් වැඩි පරිශ්‍රයක වූ නිවසක්ව පැවැති අතර "ඩි බ්‍රැන්ඩරි" නමින් හැඳින්විණි. මෙම නමෙහි අරුත "ඉස්කාගාරය" යන්නයි. මෙහි අගනා මත්පැන් ගබඩාවක් වූ බව සමහරුන් විශ්වාස කලද තවත් සමහරෙත් පවසන්නේ මත්පැන් නිෂ්පාදනාගාරයක් මෙහි වූ බවයි.

මෙහි නිවැසියන් අතර කීර්තිමත් වූවෝද වූහ. ලංකා සිවිල් සේවයේ විනිශ්චයකාරයෙකු, සමාජ සංශෝධකයෙකු, හා වහල් සේවයට එරෙහි ක්‍රියාකාරියෙකු වූ ප්‍රෙඩ්රික් බේරන් මයිලියස් 1805 දී මෙහි විසීය. එවකට ලංකාවේ කුරුඳු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාවූ ජෝන් වැලිබියෝෆ් 1830 වන විට මෙහි විසීය. වාණිජ මට්ටමකින් ලංකාවේ උක් (සීනි සඳහා) වැවීමෙහි සහ කොහු කඹ නිෂ්පාදනය හා කළුතර ප්‍රෙද්ශයේ අරක්කු පෙරීම වැනි ලංකාව තුල අනෙකුත් ව්‍යාපාරයන්හී පුරෝගාමියෙකු වූ ජෝර්ජ් වින්ටර් ඉන් අනතුරුව මෙහි නිවැසියෙක් විය. 1840 දී මෙහි විසුවේ එවකට බස්නාහිර පළාතේ රජයේ ඒජන්ත වූ සී. ආර්. බුලර් මහතාය. පසුව බුලර්ස් පාර (දැනට බෞද්ධාලෝක මාවත) නම් වූයේ ඔහු සිහිකිරීමටය. පසුව ලෙයාඩ් පවුලද, ඉන් අනතුරුව 1848 දී ලංකාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී හා සිලෝන් ඔබ්සර්වර් නමැති ඉංග්‍රීසි දිනපතා පුවත්පතෙහි අයිතිකරු හා සංස්කාරක වූ ආචාර්ය ක්‍රිස්ටෝපර් ඉලියට් ද මෙහි දිවි ගෙවීය. 1856 දී මෙහි විසූ ජේ. පී. ග්‍රීන් ගේ කාලසමයෙහිදී මෙතෙක් පැවැති ඩි බ්‍රැන්ඩරි යන නම ටෙම්පල් ට්‍රීස් යන්නට වෙනස් විය. ටෙම්පල් ට්‍රීස් යනු අරලිය ගස් වලට යෙදෙන නමකි. මෙම පරිශ්‍රය එසේ නම් ලද්දේ එහි ඉදිරි අංගනයේ වූ මහත් ගැට සහිත පැරණි අරලිය ගස් දෙකක් නිසාවෙනි.

අරලියගහ මන්දිරය 1903 නොවැම්බර මසදී රජය විසින් මිලදී ගත්තේ ආණ්ඩුකාරවරයාගේ හා අනෙකුත් ඉහළ තනතුරුධාරී බ්‍රිතාන්‍ය රාජ්‍ය නිලධාරින්ගේ භාවිතය සඳහාය. 1948දී නිදහස ලැබීමෙන් අනතුරුව, එය අග්‍රාමාත්‍ය වරයාගේ නිල නිවස බවට ප්‍රකාශ කරන ලදි. වර්තමානයේ එය ජනාධිපතිවරයාගේ නිල නිවස ලෙස භාවිතා කරන්නේ යුද්ධ තත්ත්වයක් පැවැති කල්හී කොළඹ කොටුවේ ඇති ජනාධිපති මන්දිරයේ ආරක්ෂාව පිළිබඳ පැනනැගුනු සැකයන් නිසාවෙනි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    ජෝ අබේවික්‍රම

  • මාර්තු 31, 2026

    ආහාර පරිරක්ෂණය

  • මාර්තු 25, 2026

    නිදහස් දිනය (ශ්‍රී ලංකාව)

  • මාර්තු 13, 2026

    කිරි වෙහෙර, කතරගම

  • අප්‍රේල් 05, 2026

    උර්දු භාෂාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට