සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගෞතමීපුත්‍ර සාතකර්ණී (බ්‍රාහ්මී: 𑀕𑁄𑀢𑀫𑀺𑀧𑀼𑀢 𑀲𑀸𑀢𑀓𑀡𑀺, ගෝතමීපුත සාතකණි, IAST: Gautamīputra Śatakarṇi) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ වර්තමාන ඩෙකෑන් ප්‍රදේශය පාලනය කළ

ශාලිවාහන රජ

  • මුල් පිටුව
  • ශාලිවාහන රජ

ගෞතමීපුත්‍ර සාතකර්ණී (බ්‍රාහ්මී: 𑀕𑁄𑀢𑀫𑀺𑀧𑀼𑀢 𑀲𑀸𑀢𑀓𑀡𑀺, ගෝතමීපුත සාතකණි, IAST: Gautamīputra Śatakarṇi) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ වර්තමාන ඩෙකෑන් ප්‍රදේශය පාලනය කළ සාතවාහන අධිරාජ්‍යයේ පාලකයෙකි. ඔහුගේ පාලන සමය නිවැරදිව හඳුනාගෙන නොමැති නමුත් එය ක්‍රි.ව. 1 හෝ 2වන සියවසෙහි පවතින්නට ඇතැයි සැලකේ. ඔහුගේ රාජ්‍ය සමය ලෙස ක්‍රි.ව. 86-110, ක්‍රි.ව. 103-127, ක්‍රි.ව. 106-130, හෝ වඩාත් මෑතකාලීනව ක්‍රි.ව. 60-85 යෝජනා වී ඇත.

ගෞතමීපුත්‍ර සාතකර්ණී
බ්‍රාහ්මී අක්ෂර සහිත ගෞතමීපුත්‍ර සාතකර්ණීගේ කාසියක්; "මහා සාතකර්ණී රජ, ගෝතමීගේ පුත්‍ර" යනුවෙන් මෙහි සඳහන් ය. මෙහි භාවිත සැරසිලි මෝස්තර වන්නේ "ආරුක්කු තුනක් සහිත කන්ද" සහ "උජ්ජෛන් සංකේතය". මෙම කාසි නාහපානගේ රිදී කාසිවලින් නිර්මාණය කොට ඇත.
සාතවාහන පාලක
රාජ්‍ය සමයක්‍රි.ව. පළමු හෝ දෙවන සියවස
පූර්වප්‍රාප්තිකයාසිවස්වතී
අනුප්‍රාප්තිකයාවාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවී
දරුවන්වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවී, වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී
රාජවංශයසාතවාහන
මවගෞතමී බාලාශ්‍රී

ගෞතමීපුත්‍ර සාතකර්ණී පිළිබඳ බොහෝ තොරතුරු ලැබෙන්නේ ඔහුගේ කාසි, සාතවාහන සෙල්ලිපි, සහ විවිධ පුරාණයන් හි එන රාජවංශ විස්තර මඟිනි. මින් වඩාත්ම ප්‍රකට මූලාශ්‍රය වන්නේ නාශික් ප්‍රශස්තියයි. මෙය ඔහුගේ මෑණියන් වූ ගෞතමී බාලාශ්‍රී විසින් කරවූවක් වන අතර, එහි ඔහුගෙර් විවිධ යුධ ජයග්‍රහණ පිළිබඳ සඳහන් වේ. ඓතිහාසික මූලාශ්‍ර අනුව පෙනීයන්නේ ශක ආක්‍රමණ නිසා පර්හානියට පත්ව තිබූ සාතවාහන බලය යළි ගොඩනැගීමට ගෞතමීපුත්‍ර සමත් වූ බවයි.

චරිතාපදානය

බොහෝ ඉතිහාසඥයන් විසින් ශ්‍රේෂ්ඨතම සාතවාහන පාලකයා ලෙස සලකන ගෞතමීපුත්‍ර සාතකර්ණී සිය පියා වූ සාතකර්ණීගේ ඇවෑමෙන් රජකමට පත්වන්නට ඇත. සාතකර්ණී විසින් මින් පෙර සාතවාහන අධිරාජ්‍යය පුළුල් කොට තිබූ අතර, සිය අශ්වමේධ යාග ද්විත්වය නිසා ඔහු සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කරගෙන තිබූ බැව් පෙනේ. ගෞතමීපුත්‍ර සිහසුනට පත්වන විට, සාතවාහන අධිරාජ්‍යය වෙත ශක සහ යවනයන්ගේ ආක්‍රමණ එල්ලවෙමින් පැවතිණි. යවනයන්, ශකයන්, සහ පහ්ලවයන් පරාජය කළ ගෞතමීපුත්‍ර සාතවාහනයන්ගේ පැරණි ශ්‍රීවිභූතිය නැවත ගොඩනැගීමට සමත් විය. නාහපාන රජුව බලයෙන් පහකළ ඔහු ජොගල්තෙම්බි නිධානයෙහි වූ ක්ෂහරට කාසි විශාල සංඛ්‍යාවක් විකරණය කොට සිය නමින් නිකුත් කළේ ය.

 
ගෞතමීපුත්‍ර සාතකර්ණී විසින් විකරණය කළ නාහපානගේ කාසියක්.

නාසික් ප්‍රශස්තිය අනුව ගෞතමීපුත්‍ර විසින් අපරන්ත, අනූප, සෞරාෂ්ට්‍ර, කුකුර, ආකාර, සහ අවන්ති රාජ්‍ය පාලනය කළ බව සඳහන් වේ. මෙම ප්‍රදේශ ඔහු නාහපානගෙන් නතු කරගත් ඒවා විය හැක. සිය මුතුන්මිත්තන් සතුව තිබූ මධ්‍යම ඩෙකෑනයේ භූමි ප්‍රදේශ ද නැවත හිමි කරග්න්නට ඔහු සමත් විය. ඔහුගේ පාලනය යටතේ, සාතවාහන හමුදා කාංචි වැනි දකුණු ප්‍රදේශ කරා ද ගමන්කොට ඇති බව පෙනේ. එසේම ඔහු දකුණු මහාරාෂ්ට්‍රයේ කොල්හාපූර් ප්‍රදේශය ආනන්ද පාලකයන් වෙතින් සියතට ගන්නට සමත් විය. එසේම බනාවාසි ප්‍රදේශය ඈඳාගත් ගෞතමීපුත්‍ර කර්ණාටකයෙහි ද සිය බලය ව්‍යාප්ත කරවීමට සමත් විය. ඔහුගෙන් පසු ක්‍රි.ව. 130 පමණ ඔහුගේ පුත්, වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවී රාජ්‍යත්වයට පත් විය.

ගෞතමීපුත්‍ර සාතකර්ණී විසින් ශක රජ[තහවුරු කර නොමැත]වික්‍රමාදිත්‍යව පරාජය කොට, ශාලිවාහන වර්ෂ ක්‍රමය හෙවත් ශක දින් දර්ශන ක්‍රමය ආරම්භ කළේ ය. මෙම ක්‍රමය මහාරාෂ්ට්‍රියානුවන්, තෙලිඟුවරුන්, සහ කන්නඩිගයන් අතර භාවිතයේ පවතී.

ගෞතමීපුත්‍ර සාතකර්ණී විසින් පහත විරුද නාමයන් භාවිතා කොට තිබේ:

  • ත්‍රීසමුද්‍රපිත්තෝයිවාහන (සමුද්‍ර ත්‍රිත්වයෙන්ම දිය පානය කළ අශ්වයා හිමි තැනැත්තා)
  • ශකයවනපල්ලවනිදූෂණ (ශක, යවන සහ පල්ලවයන් විනාශ කරන්නා)
පූර්වප්‍රාප්තික වූයේ:
සිවස්වතී.
සාතවාහන පාලක
(ක්‍රි.ව. 78-102)
අනුප්‍රාප්තික වූයේ:
වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවී
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 10, 2026

    සිංහල අක්ෂර වින්‍යාසය

  • අප්‍රේල් 05, 2026

    මාල දිවයින

  • මාර්තු 14, 2026

    ඊශ්‍රායලය

  • අප්‍රේල් 06, 2026

    සුනිල් ආරියරත්න

  • මාර්තු 24, 2026

    සියෙරා ලියෝන්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට