සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සැදැහැවත් බෞද්ධයාගේ වන්දනාමානයට ලක් වූ බුදුරජාණන් වහන්සේ නියෝජනය කරනු ලබන සංක්ත තුනකි.එනම් බෝධීන් වහන්සේ,දාගැබ් වහන්සේ හා බුදු පිළිම වහන්සේය.බෝධි වන්දනාව හා දාග

බුදු පිළිම

  • මුල් පිටුව
  • බුදු පිළිම
මෙම ලිපිය හෝ ලිපි කොටස බුද්ධ ප්‍රතිමා සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)

බුදු පිළිමයේ උපත

සැදැහැවත් බෞද්ධයාගේ වන්දනාමානයට ලක් වූ බුදුරජාණන් වහන්සේ නියෝජනය කරනු ලබන සංක්ත තුනකි.එනම් බෝධීන් වහන්සේ,දාගැබ් වහන්සේ හා බුදු පිළිම වහන්සේය.බෝධි වන්දනාව හා දාගැබ් වන්දනාව බුද්ධ කාලයේ දී ම ආරම්භ වුවත්,බුදු පිළිම වන්දානාව ආරම්භ වී ඇත්තේ බුද්ධ පරිණිර්වාණයෙන් සියවස් පහකටත් පසුව බව පෙනේ.ආදී සැදැවත් බෞද්ධයන් අසමසම වූ බුදුරජාණන් වහන්සේ රූප කායකින් නිරූපණය කර දැක්වීම කළ නොහැකි දෙයක් ලෙස හෝ එසේ කිරීම උන්වහන්සේට කරන අගෞරවයක් ලෙස හෝ සැලකීම මෙසේ බුද්ධ ප්‍රතිමාව පහළවීම ප්‍රමාද වීමට හේතුවක් විය හැකිය.ක්‍රි.පූ.3 වන සියවසට අයත් සේ සලකනු ලබන සාංචි,හාරුත් ආදී කැටයම් වල සිද්ධාර්ථ බෝධි සත්වයන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේ හෝ නිරූපණය කර ඇත්තේ සිරිපතුල,ධර්මචක්‍රය,බෝධි වෘක්ෂය, ආසනය වැනි සංකේතයක් ඉදිරිපත් කිරීමෙනි.

ග්‍රීක්වරුන්ගේ පිළිම නෙලීමේ ශිල්පය වයඹ දිග ඉන්දියාවට පැතුරුණු පසු ගන්ධාර දේශයේ දී ග්‍රීක් ශිල්පීන් අතින් මුල්ම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වෙන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ කියති.කණිෂ්ක රජු ගේ (ක්‍රි.ව.78-144) කාසියක දක්නට ලැබෙන බුදු රූ සටහන පළමු වරට බුදුන් වහන්සේ රූපකායෙන් දක්වනු ලැබූ අවස්ථාවක් ලෙස ද සලකනු ලැබේ.ඝන්ධාර සම්ප්‍රදායේ බුදු පිළිමවල විශේෂ ලක්ෂණයක් නම් ග්‍රීක් දෙවිවරුන් පරිද්දෙන් බුදුන් වහන්සේ ද මනා කඩවසමින් යුත් බාහිර රූප ලාවණ්‍යයෙන් අගතැන් පත් කෙනෙකු ලෙස දැක්වීම ය.


මේ කාලයේ දී ම වාගේ ඉන්දියාවේ මථුරා ප්‍රදේශයේ ද බුදු පිළිම නිර්මාණය වෙමින් පැවතුන බව පෙනේ.දේශීය සම්ප්‍රධාය අනුගමනය කළ මථුරා බුදු පිළිමවල ප්‍රධාන ලක්ෂණයක් වූයේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව,ප්‍රඥාව වැනි ආධ්‍යාත්මික ගතිගුණ මූර්තිමත් කිරීම ය.ඉහත සඳහන් ගන්ධාර ප්‍රතිමා සම්ප්‍රදායත්,මථුරා ප්‍රතිමා සම්ප්‍රදායත් යන දෙකම සංකලනය වීමෙන් දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර රාජ්‍යයේ අමරාවතී ප්‍රදේශයේ තවත් ප්‍රතිමා සම්ප්‍රධායක් බිහි විය.ලංකාවේ බුදු පිළිම නෙලීම ආරම්භ වූයේ මෙම අමරාවතී සම්ප්‍රධාය ගුරු කොට ගෙන බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස යි.එහෙත් ඩී.ටී.දේවේන්ද්‍ර,නන්දදේව විජේසේකර හා ආචාර්ය සිරි ගුණසිංහ යන විද්වතුන් කියා සිටින්නේ බුදුදහම ලක්දිවට පැමිණි මුල් කාලයේ සිට ම ලංකාවේ බුදු පිළිම ඇති වූ බව ය.


මහාවංශයේ එන තොරතුරු අනුව දෙවන පෑතිස් රජු ථූපාරාමයේ පිහිට වූ "ශිලා පටිමා" නැමති පිළිමය දෙටුතිස් රජ (230-273) විසින් පාචීන පබ්බත විහාරයේ තැබූ බව සඳහන් වේ.එසේ ම රුවන්වැලි සෑ විස්තරයේ දී දුටුගැමුණු රජ විසින් තබවන ලද රනින් කළ බුදු පිළිමයක් ගැන ද මහාවංශයේ සඳහන් වේ.එහෙත් ක්‍රි.ව.2 වන ශතවර්ෂයට පෙර නෙලන ලද්දේ යැයි සැළකිය හැකි පිළිම කිසිවක් ලංකාවේ පුරාවිද්‍යාඥයන්ට තව ම ලැබී නැත්තේ ය.

බුදු පිළිම ශෛලීන්

ප්‍රධාන ලිපිය: බුද්ධ ප‍්‍රතිමා ශෛලීන්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 12, 2026

    මාර්ටින් වික්‍රමසිංහ

  • මාර්තු 28, 2026

    1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත

  • මාර්තු 16, 2026

    මහාසේන රජ

  • අප්‍රේල් 05, 2026

    Continuum mechanics

  • මාර්තු 31, 2026

    ඔලිම්පික්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට