ගූගල් ක්‍රෝම් යනු ගූගල් සමාගම විසින් වැඩි දියුණු කරන ලද නොමිලේ ලබාගත හැකි වෙබ් බ්‍රවුසරයකි. එය 27 වැනි සංස්කරණය තෙක් පිටු දර්ශන සැකැස්ම සැකසීමට වෙබ්කිට් ලේඅවුට් එන්ජිම යොදාගත් අතර 28 වැනි සංස්කරණයේ සිට වෙබ්කිට් පාදක කරගත් බ්ලින්ක් ලේඅවුට් එන්ජිම භාවිතා කරයි. මුල්ම වරට 2008 සැප්තැම්බර් දෙවන දින එහි බිටා සංස්කරණය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා දියුණු කෙරිනි. එහි පළමු ස්ථාවර සංස්කරණය 2008 දෙසැම්බර් එකොලොස් වන දින මහජනතාවට නිකුත් කරන ලදි. StatCounter වෙබ් අඩවියට අනුව ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය 2013 අප්‍රේල් වන විට ලෝක වෙබ් බ්‍රව්සර් භාවිතය අතින් 39% කොටසකට හිමිකම් කියයි.
![]() | |||||||||||
| සංවර්ධක(යෝ) | ගූගල් සංස්ථාපිත | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ප්‍රථම නිකුතුව |
| ||||||||||
| ස්ථාවර නිකුතු(ව) [±] | |||||||||||
| |||||||||||
| Preview release(s) [±] | |||||||||||
| |||||||||||
| ක්‍රමලේඛන භාෂා(ව) | C, C++, Assembly, HTML, Java (Android app only), JavaScript, Python | ||||||||||
| Engines | Blink (WebKit on iOS), V8 JavaScript engine | ||||||||||
| මෙහෙයුම් පද්ධතිය |
| ||||||||||
| පරිගණක වේදිකාව | IA-32, x86-64, ARMv7, ARMv8-A | ||||||||||
| Included with |
| ||||||||||
| ලබාගත හැකි භාෂා ගණන | 47 | ||||||||||
| වර්ගය | වෙබ් බ්‍රව්සරයකි, ජංගම වෙබ් බ්‍රව්සරයකි | ||||||||||
| බලපත්‍රය | Proprietary freeware, based on open source components. | ||||||||||
| වෙබ් අඩවිය | google.com/chrome/ | ||||||||||
2008 සැප්තැම්බරයේදී ගූගල් සමාගම සිය වෙබ් බ්‍රව්සරයේ කේත විශාල කොටසක් ක්‍රෝමියම් නමැති විවෘත කේත මෘදුකාංගයක් ලෙස නිදහස් කෙරිණි.
ඉතිහාසය
ගූගල් සමාගමේ එරික් ෂ්මිත් සයවසරක් තිස්සේ තම සමාගමේ ස්වාධීන වෙබ් බ්‍රව්සරය දියුණු කිරීමට මැලිවිය. ඔහු ප්‍රකාශ කර සිටියේ "ඒ කාලේ ගූගල් කියන්නේ සමාන්‍ය සමාගමක්" ; ඔහුට එකල බ්‍රව්සරය යුද්ධයක පැටලී සටනක් දීමට කිසිදු කැමැත්තක් නොතිබිණි. එහෙත් ගුගල් සමාගමේ සමනිර්මාතෘ වන සර්ජි බ්රින් සහ ලැරී පෙජ් විසින් මොසිල්ලා පදනමේ මෘදුකාංග ශිල්පින් කුලියට යොදා ගෙන ගූගල් ක්‍රෝම්හි අදර්ශනයක් සැදීමෙන් පසු එරික් ස්කිමිත් එහි විශිෂ්ටත්වය ඉදුරාම තම සිත වෙනස් කල බව කියා සිටියා.
