සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රාජකීය විද්‍යාලය ශ්‍රී ලංකාවේ කොළඹ කුරුඳුවත්ත (කොළඹ 07) ප්‍රදේශයේ පිහිටා ඇති රජයේ පාසලකි. මෙය එරට පැරණිතම පාසලක් වන අතර ප්‍රමුඛ පාස‍ලකි. සිසුන් 9000කට ආසන්න සංඛ

රාජකීය විද්‍යාලය

  • මුල් පිටුව
  • රාජකීය විද්‍යාලය

රාජකීය විද්‍යාලය ශ්‍රී ලංකාවේ කොළඹ කුරුඳුවත්ත (කොළඹ 07) ප්‍රදේශයේ පිහිටා ඇති රජයේ පාසලකි. මෙය එරට පැරණිතම පාසලක් වන අතර ප්‍රමුඛ පාස‍ලකි. සිසුන් 9000කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබයි.

රාජකීය විද්‍යාලය, කොළඹ
ස්ථානය
Map
කොළඹ
,
බස්නාහිර

ශ්‍රී ලංකාව
තොරතුරු
වර්ගය1AB (ජාතික පාසල)
ආදර්ශ පාඨයලතින්: Disce Aut Discede
ඩිස්කේ ඖට් ඩිස්කේඩේ

(උගනිවු නැත පිටවෙනු)
ආරම්භ කලේ1835; වසර 191 කට පෙර (1835)
ආදිකර්තෘශ්‍රීමත් රොබර්ට් විල්මට්-හෝර්ටන් හා ජෝසප් මාර්ෂ් දේවගැතිතුමා
පාසල් අංකයRCC
විදුහල්පතිතිලක් වත්තුහේවා මහතා
කාර්ය මණ්ඩලය800
ශ්‍රේණි1 සිට 13 ශ්‍රේණිය දක්වා
බාලක/බාලිකාබාලක
වයස් පරාසය6 - 19
සිසුන් ගණන9,000
වර්ණ(ය)රාජකීය නිල් සහ රාජකීය රන්
        
Alumniආදි රාජකීයයන්
පාඨයලතින්: Floreat ෆ්ලොරියට්
(වැජඹේවා)
වෙබ් අඩවියroyalcollege.lk

එක් ‍පසෙකින් කොළඹ විශ්ව විද්‍යාලයටත්, අනෙක් පසින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයයටත් මායිම්ව ශාස්ත්‍රීය කලාපයක් තුළ පිහිටා ඇත. අක්කර 50ක බිම් වපසරියක් තුළ පැතිරී ඇත.

මෙම අධ්‍යනායතනය, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයවනු ලබන අතර පරිපාලනය විදුහල්පති විසින් සිදුවේ. විදුහල්පතිවර‍යාගේ පරිපාලන සහය සඳහා උප විදුහල්පතිවරයෙක් දායකත්වය සපයනු ලබන අතර. පාසල මූලික වශයෙන් ප්‍රාථමික අංශය, කනිෂ්ට අංශය සහ ජ්‍යේෂ්ඨ අංශය ලෙසින් අධ්‍යයන අංශ තුනකට බෙදා ඇත. ඒ ඒ අධ්‍යයන අංශ සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරුන් පත් කර ඇත.

කොළඹ රාජකීය විද්‍යාලය

පටුන

නිවාස

හිටපු විදුහල්පති වරුන්ගේ නම් 5 කින් හැඳින් වෙන නිවාස 5 කි

  • මාෂ්
  • හාවඩ්
  • හාට්ලී
  • බෝක්
  • රීඩ්

මීට අමතරව නේවාසිකාගාරයේ සිසුන් ද තවත් නිවාස 4 කට බෙදී තරඟ පවත්වයි. ඒවා නම්

  • අන්ගි
  • බෙලෙත්
  • බ්‍රැඩ්බි
  • කොරෙයා,

පාසල් ගීතය

ඉංග්‍රීසි පාසල් ගීතය School Of Our Fathers රචනා කරන ලද්දේ රාජකීය විද්‍යාලීය විදුහල්පතිවරයෙකු වූ එච්. එල්. රීඩ් විසිනි.

School Of Our Fathers
Thy spirit first to life awoke
In eighteen hundred and thirty five
Beneath the sway of Marsh and Boake
Thenceforth did Lanka's learning thrive
School where our fathers learnt the way before us
Learnt of books and learnt of men, through thee we'll do the same
True to our watchword "Disce Aut Discede"
We will learn of books and men, and learn to play the game
(ධ්රැව පදය - Refrain)
Within thy shade our fathers trod
The path that leads to man's estate;
They have repaid the debt they owed;
They kept thy fame inviolate.
(ධ්‍රැව පදය - Refrain)
And we their loyal sons now bear
The torch, with hearts as sound as oak;
Our lusty throats now raise a cheer
For Hartley, Harward, Marsh and Boake.
(ධ්‍රැව පදය - Refrain)

සමිති සහ සංගම්

  • සමාජසේවා සංගමය
  • බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය
  • සාමාන්‍ය දැනීම සංගමය
  • කෘෂිකර්ම සංගමය
  • සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය
  • සිංහල කථික හා විවාද සංසඳය
  • නව නිපැයුම්කරුවන්ගේ සංගමය
  • චෙස් සංගමය
  • ස්ක්‍රැබල් සංගමය
  • මාධ්‍ය ඒකකය
  • එක්සත් ජාතීන්ගේ සංගමය
  • අන්තර්ක්‍රියාකාරිත්ව සංගමය
  • යුනෙස්කෝ සංගමය
  • ගුවන් විදුලි සංගමය
  • පරිගණක සංගමය
  • තාරකා විද්‍යා සංගමය
  • රසායන විද්‍යා සංගමය
  • වාණිජ සංගමය
  • කථික සමාජය
  • ඉංග්‍රීසි නාට්‍ය සංගමය
  • ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
  • පරිසර සංගමය
  • පුරාවිද්‍යා සංගමය
  • ගණිත සංගමය
  • සංගීත කවය
  • ඡායාරූප සංගමය
  • රතු කුරුස සංගමය

ශිෂ්‍යභට ඛණ්ඩය

1881 වර්ෂයේදී එවකට රාජකීය විදුහලේ විදුහල්පති ජේ.බී.කල් මහතා විසින් ඝණ සරඹ තුලින් ශිෂ්‍යයන්ගේ විනය නගා සිටුවීම සදහා ශිෂ්‍යහට ඛණ්ඩය ප්‍රථමයෙන් පිහිටවීය. මෙය, ශ්‍රී ලංකාවේ ප්‍රථම ශිෂ්‍ය භට ඛණ්ඩය වන අතර, එයට අනුබද්ධව ශිෂ්‍ය භට තූර්ය වාදන ඛණ්ඩය පවතී. ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩය 2007 වර්ෂයේදී පිහිටු වන ලදී.

විදුහල්පතිවරු සහ ප්‍රධානාචාර්යවරු

ප්‍රධානාචාර්යවරු

ආදි කර්තෘ රෝබට් විල්මට් හෝර්ටන් (එවකට බ්‍රිතාන්‍ය ආන්ඩුකරුය) හා ජෝශප් මාශ් පියතුමා

ආරම්භක විදුහල්පති ජෝශප් මාශ් පියතුමා ය.(ක්‍රි.ව 1835 -1839)

නම සිට දක්වා
J.F. හැස්ලම්, BA (කැන්ටබරි) 1839 1840
ආචාර්ය බාක්‍රොෆ්ට් බෝක්, BA (ඩබ්ලින්), DD (ඩබ්ලින්) දේවගැතිතුමා 1842 1870
ජෝජ් ටොඩ්, BA (Oxon), ISO 1871 1878
J.B. කල්, MA (Oxon) 1878 1890
J.H. මාෂ් (කණිෂ්ට), MA (එඩින්බරෝ) 1890 1892
J.H. හාවර්ඩ්, MA (Oxon) 1892 1902
C. හාර්ට්ලි, MA (කැන්ටබරි) 1903 1919
මේජර් H.L. Reed, MC, BA (කැන්ටබරි) 1920 1932
L.H.W. සැම්සන්, BA (Oxon), FRGS 1932 1938
E.L. බ්‍රැඩ්බි, MA (Oxon) 1939 1945
J.C.A. කොරෙයා, MA (ලන්ඩන්), DipEd (කැන්ටබරි) 1946 1953
D.K.G. ද සිල්වා, BSc (ලන්ඩන්), DipEd (ලංකා) 1954 1966
දේශබන්ධු B.G. ප්‍රේමරත්න, BA (ලන්ඩන්), MA (NY TTC) 1967 1971
D.G. වැලිකල, BSc (ලන්ඩන්) 1971 1972
D.J.N. සෙනෙවිරත්න, BSc (ලන්ඩන්), MA (කොලොම්බියා), F.G.TRD, Cert(History) (ලංකා) 1972 1972
L.D.H. පීරිස්, BSc (ලන්ඩන්), DipEd (ලංකා) 1972 1980
C.T.M. ප්‍රනාන්දු, BA (ලන්ඩන්), CertEd (ලංකා), Cert Ed. Adm. (එඩින්බරෝ) 1981 1986
B. සූරියාරච්චි, BA (ලංකා), DipEd 1986 1994
S.H. කුමාරසිංහ, BA (ලංකා), DipEd 1994 1997
H.L.B. ගෝමස්, BA (පේරාදෙණිය), DipEd, Cert Ed. Mgt. 1997 2003
H.A.U. ගුණසේකර, BSc (පේරාදෙණිය), DipEd 2003 2016
B.A.අබේරත්න, 2016

අඩවියෙන් බැහැර පිටු

  • නිල වෙබ් අඩවිය
  • රාජකීය විද්‍යාලයීය [ආදි ශිෂ්‍ය සංගමය (Royal College Union)] සංරක්ෂණය කළ පිටපත 2010-02-18 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 26, 2026

    මහවැලි සංවර්ධන වැඩසටහන

  • මාර්තු 12, 2026

    E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)

  • අප්‍රේල් 03, 2026

    බස්නාහිර පළාත

  • අප්‍රේල් 06, 2026

    කිරීට යටත්විජිත

  • අප්‍රේල් 03, 2026

    සිංහල ඉලක්කම්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට