සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කොළඹ–මාතර–මත්තල අධිවේගී මාර්ගය, දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය නැතහොත් දක්ෂිණ අධිවේගිය ශ්‍රී ලංකාව තුල ඉදිවූ පලමු E වර්ගයේ මාර්ගයයි. දිග කි.මී. 211.8ක් වන මාර්ගය ශ්

E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)

  • මුල් පිටුව
  • E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)

කොළඹ–මාතර–මත්තල අධිවේගී මාර්ගය, දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය නැතහොත් දක්ෂිණ අධිවේගිය ශ්‍රී ලංකාව තුල ඉදිවූ පලමු E වර්ගයේ මාර්ගයයි. දිග කි.මී. 211.8ක් වන මාර්ගය ශ්‍රී ලංකාවේ අග නගරය වන කොළඹ සහ දිවයිනේ දකුණේ නගරයක් වන මත්තල, සම්බන්ධ කරමින් දිවෙයි. මාර්ගයේ ඉදිකිරීම් 2003 වසරේදී අරඹන ලදී. මාර්ගයේ පළමු අදියර ලෙස කොට්ටාව සිට පින්නදූව දක්වා කොටස 2011 නොවැම්බර් 27 දිනත් දෙවන අදියර ලෙස ඉදිකල පින්නදූව සිට ගොඩගම දක්වා වූ කොටස 2014 මාර්තු 15 වන දිනත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් විවෘත කර ජනගත කරන ලදී. සාමාන්‍ය මාර්ග භාවිතයෙන් කොළඹ සිට මාතර දක්වා ගමන් කිරීමට පැය 4 ක් පමණ ගත වූවත් අධිවේගී මාර්ගය භාවිතයෙන් එම දුර පැය 2 කටත් වඩා අඩු කාලයකින් නිම කිරීමට හැකියාව පවතී.

 E01 
කොළඹ–මාතර අධිවේගී මාර්ගය
දක්ෂිණ අධිවේගිය
ගමන් මං තොරතුරු
නඩත්තු කිරීම - මාර්ග සංවර්ධන අධිකාරිය
දිග:211.8 කිමී (131.6 සැත)
පැවැත්ම:27 නොවැම්බර් 2011 (2011-11-27) සිට මේ දක්වා
ඉතිහාසය:2003 මාර්තු 08 දින කොට්ටාව සිට පින්නදූව දක්වා කොටස ඉදිකිරීම් එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ආරම්භ කළ අතර 2011 නොවැම්බර් 27 එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විවෘත කරන ලදී
2014 මාර්තු 15 දින පින්නදූව සිට ගොඩගම දක්වා කොටස විවෘත කරන ලදී
ප්‍රධාන මං සන්ධි
උතුරු අවසන:කොට්ටාව  A4  -  E02  කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ආරම්භය
 අ.හු. 2 →  BB84  කහතුඩුව

අ.හු. 3 →  A8  ගැලනිගම
අ.හු. 4 →  B304  දොඩංගොඩ
අ.හු. 5 →  B157  වැලිපැන්න
අ.හු. 6 →  B14  කුරුඳුගහහැතැප්ම
අ.හු. 7 →  B153  බද්දේගම
අ.හු. 8 →  B594  පින්නදූව
අ.හු. 9 →  A17  ඉමදූව
අ.හු. 10 →  B465  කොක්මාදූව
අ.හු. 11 →  A24  ගොඩගම
අ.හු. 12 →  A24  ගොඩගම - පාලටුව
අ.හු. 13 →  B275  කපුදූව
අ.හු. 14 →  B284  අපරැක්ක
අ.හු. 15 →  B627  බෙලිඅත්ත
අ.හු. 16 →  B410  බැදිගම
අ.හු. 17 →  B387  කසාගල
අ.හු. 18 →  B622  අගුණුකොළපැලැස්ස
අ.හු. 19 →  A18  බරවකුඹුක
අ.හු. 20 →  B562  සූරියවැව

අ.හු. 21 →  E06  අන්දරවැව
දකුණු අවසන: B631  මත්තල
පිහිටුම
නගර:පානදුර, කළුතර, මතුගම, බෙන්තොට, අම්බලන්ගොඩ, බද්දේගම, ගාල්ල, වැලිගම, මාතර, බෙලිඅත්ත, තංගල්ල, හම්බන්තොට
මහා මාර්ග පද්ධතිය
ශ්‍රී ලංකාවේ E ශ්‍රේණියේ මාර්ග
E01 අධිවේගී මාර්ගයේ කි.මී.36 ක් පමණ දුරින් වූ ප්‍රදේශය
දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා දිවෙන මාර්ගය 2020.02.23 දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් විවෘත කර ජනගත කිරීමත් සමග දක්‍ෂිණ අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම භාවිතා කිරීමේ අවස්ථාව මහජනතාවට ලැබී ඇත.

පටුන

අන්තර් පිවිසුම් හා පද්ධති හුවමාරු

ස්ථානය කිමී පිටවීම අන්තර් හුවමාරුව ගමනාන්තය කරුණු
0.0 1 කොට්ටාව (පද්ධති හුවමාරුවකි) A4 - කොට්ටාව (කි.මී. 1.8), මහරගම (කි.මී. 6.3), නුගේගොඩ (කි.මී. 11.3), කොළඹ (කි.මී. 20.6), රත්නපුර (කි.මී. 79.1), අවිස්සාවේල්ල (කි.මී. 37), හෝමාගම (කි.මී. 2.2) අධිවේගී මාර්ගයේ ආරම්භය; E02 කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය හා සම්බන්ධ වේ.
5.9 2 කහතුඩුව B084 – කැස්බෑව (කි.මී. 5.8), පිළියන්දල (කි.මී. 8.1), කොළඹ (කි.මී. 25.7), හොරණ (කි.මී. 12.3), ඉංගිරිය (කි.මී. 25.9), රත්නපුර (කි.මී. 63.5) මෙම මංසන්ධිය E06 රුවන්පුර අධිවේගී මාර්ගයේ ආරම්භක ස්ථානය වනු ඇති අතර එය රත්නපුරය ජාතික අධිවේගී මාර්ග ජාලයට සම්බන්ධ කරයි. එය 2019 දී විවෘත කිරීමට නියමිතව තිබුණි.
13.7 3 ගැලනිගම A8  - බණ්ඩාරගම (කි.මී. 1.8), පානදුර (කි.මී. 11.6), හොරණ (කි.මී. 6.9), ඉංගිරිය (කි.මී. 20.4), රත්නපුර (කි.මී. 58.1)
34.8 4 දොඩංගොඩ B304 – නාගොඩ (කි.මී. 11.5), කළුතර (කි.මී. 17.0), මතුගම (කි.මී. 5.5), කලවාන (කි.මී. 36.3)
46.0 5 වැලිපැන්න B157 – අලුත්ගම (කි.මී. 10.3), මතුගම (කි.මී. 11.5), අගලවත්ත (කි.මී. 17.5)
67.6 6 කුරුදුගහහැතැක්ම B014 – ඇල්පිටිය (කි.මී. 3.8), කරන්දෙණිය (කි.මී. 6.0), බටපොල (කි.මී. 7.0), අම්බලන්ගොඩ (කි.මී. 13.2), බලපිටිය (කි.මී. 13.5)
79.8 7 බද්දේගම B153 – බද්දේගම (කි.මී. 1.5), හික්කඩුව (කි.මී. 12.8), නිල්හේන (කි.මී. 2.4), නාගොඩ (කි.මී. 14.2), මාපලගම (කි.මී. 18.4), උඩුගම (කි.මී. 20.8)
95.3 8 පින්නදූව B594 - ගාල්ල (කි.මී. 8.4)
107.5 9 ඉමදූව A17- දෙණියාය (කි.මී. 63.9), අකු‍රැස්ස (කි.මී. 19.1), හබරාදුව (කි.මී. 10.5) අහංගම (කි.මී. 8.1), ඉමදුව (කි.මී. 2.8)
115.2 10 කොක්මාදුව B465 – වැලිගම (කි.මී. 7.0), මිරිස්ස (කි.මී. 13.8)
126.2 11 ගොඩගම A24- මාතර (කි.මී. 6.2), අකු‍රැස්ස (කි.මී. 18.4) කොට්ටාව දෙසට පිවිසීම හා මත්තල දෙසින් පිටවීම පමණි.
129 12 ගොඩගම - පාලටුව A24- මාතර (කි.මී. 9.2), අකු‍රැස්ස (කි.මී. 15.4) කොට්ටාව දෙසින් පිටවීම හා මත්තල දෙසට පිවිසීම පමණි.
140 13 කපුදූව B275 තිහගොඩ (කි.මී. 1.2), කඹුරුපිටිය (කි.මී. 10.4), මාතර (කි.මී. 7.2) කොට්ටාව දෙසින් පිටවීම හා කොට්ටාව දෙසට පිවිසීම පමණි.
148 14 අපරැක්ක B284 යටියන (කි.මී. 2.2), කැකණදුර (කි.මී. 7.2)
164.2 15 බෙලිඅත්ත B627 බෙලිඅත්ත (කි.මී. 1.5), තංගල්ල (කි.මී. 9.0), වීරකැටිය (කි.මී. 13.4), මිද්දෙනිය (කි.මී. 25.8)
169.2 16 බැදිගම B410 තංගල්ල (කි.මී. 8.7), වීරකැටිය (කි.මී. 5.7), මිද්දෙනිය (කි.මී. 18.2) කොට්ටාව දෙසින් පිටවීම හා කොට්ටාව දෙසට පිවිසීම පමණි.
175 17 කසාගල B387 රන්න (කි.මී. 7.5), වීරකැටිය (කි.මී. 7.4)
184.1 18 අඟුණුකොළපැලැස්ස B622 අගුණකොළපැලැස්ස (කි.මී. 3.4), හුංගම (කි.මී. 11.9), මිද්දෙනිය (කි.මී. 15.7)
192.1 19 බරවකුඹුක A18 ඇඹිලිපිටිය (කි.මී. 14.6), නෝනගම හන්දිය (කි.මී. 15.9), අම්බලන්තොට (කි.මී. 19.8)
202.5 20 සූරියවැව B562 සූරියවැව (කි.මී. 6.3)
207 21 අන්දරවැව (පද්ධති හුවමාරුවකි) E06 හම්බන්තොට (කි.මී. 19.6) E06 මාගම්පුර අධිවේගී මාර්ගය හා සම්බන්ධ වේ.
211.8 22 මත්තල B631 හම්බන්තොට (කි.මී. 25.1), B259 කතරගම (කි.මී. 35.8), A2 තිස්සමහාරාමය (කි.මී. 29.7)

ගැලරිය

  • -->
    -->
  • -->
    -->
  • -->
    -->
  • -->
    -->
  • -->
    -->
  • -->
    -->
  • -->
    -->
  • -->
    -->
  • -->
    -->
  • --
    --
  •  
    -->

ගමනාගමන ධාරිතාව හා ආදායම

වර්ෂය වාර්ෂික ඉපැයීම් රු. (බිලියන) සාමාන්‍ය ෙදෙනික ඉපැයීම් (ඇඩො) වාර්ෂික රථ වාහන ධාරිතාව (මිලියන) සාමාන්‍ය ෙදෙනික ගමනාගමනය ප්‍රාග්ධනය මත ආයෝජනයේ ප්‍රතිලාභ රු. (බිලියන) කිමී 1 කට ඉපැයීම (ඇඩො)
2012 0.975 21,000 3.3 9000 -125.25 80,500
2013 - -
2014 - -

මේවාද බලන්න

  • කොළඹ–කටුනායක අධිවේගී මාර්ගය
  • කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය

යොමු කිරීම්

  1. සංරක්ෂිත පිටපත, http://www.news.lk/news/sri-lanka/8748-southern-expressway-from-galle-to-matara-vested-in-the-people, ප්‍රතිෂ්ඨාපනය 2014-03-16 
  2. සංරක්ෂිත පිටපත, http://www.highbeam.com/doc/1P3-2824346191.html, ප්‍රතිෂ්ඨාපනය 2013-11-27 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    Portuguese language

  • අප්‍රේල් 04, 2026

    මහානාග රජ

  • අප්‍රේල් 04, 2026

    Adam's Peak

  • අප්‍රේල් 04, 2026

    අරාබි අර්ධද්වීපය

  • මාර්තු 31, 2026

    තිස්ස වැව (අනුරාධපුරය)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට