සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යනු මෘදුකාංග සඳහා ක්‍රමානුකූල, ශික්ෂණාත්මක සහ ළඟා කරගත හැකි වර්ධනයක් සහිත යෙදුමක් අන්තර්ගත කිරීම සහ මෘදුකාංග මෙහෙය වීම හා නඩත්තු වේ. මෙ

Software engineering

  • මුල් පිටුව
  • Software engineering

මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යනු මෘදුකාංග සඳහා ක්‍රමානුකූල, ශික්ෂණාත්මක සහ ළඟා කරගත හැකි වර්ධනයක් සහිත යෙදුමක් අන්තර්ගත කිරීම සහ මෘදුකාංග මෙහෙය වීම හා නඩත්තු වේ. මෙය තාක්ෂණ ශිල්පයෙන් සහ ක්‍රියා පටිපාටියකින් වට කර ඇති අතරම විශ්වාසනීයත්වය සහ නඩත්තු කළ හැකි බව වර්ධනය සඳහා ඉහත කී ආකාරයේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කර ඇත. මෙම වැයම අවශ්‍ය වන්නේ කේත මිලියන ගණනකින් යුක්ත ශක්තිමත් සංකීර්ණත්වයක් ඇති කිරීමටය. මෙම මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යන වදන “නේටෝ මෘදුකාංග ඉංජිනේරු සම්මන්ත්‍රණය පැවැත් වූ 1968 වසර දී වන අතර F.L. බවර් මහතා ඊට මුල් විය. මෘදුකාංග ඉංජිනේරුකරණයේ වැදගත් සාධකයක් වන ශික්ෂණයක් සහිත වීම යන්න මුදුන්පත් කර ගැනීමට දැනුම් උපකාරක සහ මෘදුකාංග අවශ්‍යතාවක්, මෘදුකාංග සැලසුම්, මෘදුකාංග ගොඩනැඟුම්, මෘදුකාංග පරීක්ෂණ සහ මෘදුකාංග නඩත්තුව ආදී කාර්යයන් ඉටු කරගත යුතුය. තවද මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යනු පරිගණක විද්‍යාව, පරිගණක ඉංජිනේරු ශිල්පය, කළමණාකරණය, ගතිකය, ව්‍යාපෘති කළමණාකරණය, තත්ත්ව කළමණාකරණය, මෘදුකාංග ශ්‍රම ක්ෂමතා විද්‍යාව සහ පද්ධති ඉංජිනේරුකරණය යනාදී විෂය ක්ෂේත්‍රයන්හි ශික්ෂණයයි. 2004 දී එක්සත් ජනපද ශ්‍රමික සංඛ්‍යාතය පිළිබඳ බියුරෝව ගණනය කළ ආකාරයට එක්සත් ජනපදය තුළ පරිගණක ඉංජිනේරු ශිල්පීන් 760,840ක් රැකියාවල නිරත වේ. එසේම එම කාලය තුළ මිලියන 1.4 ක් වන ආධුනික ශිල්පීන් ද මෙම ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියාවල නිරත බව ද විය. මෙය අධ්‍යයන ක්ෂේත්‍රය තුළ පවතින නැවුම් බව හේතුවෙන් විධිමත් අධ්‍යාපනය තුළ ද පරිගණක මෘදුකාංග ඉංජිනේරු ශිල්පය පරිගණක විෂය ධාරාව තුළ ඉගැන්වේ. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ මෘදුකාංග ඉංජිනේරුවන් පරිගණක විද්‍යා උපාධියකින් යුක්ත වේ.

මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව යනු මෘදුකාංග යෙදුම් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම, පරීක්ෂා කිරීම සහ නඩත්තු කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන පරිගණක විද්‍යාවේ ශාඛාවකි. මෘදුකාංග ඉංජිනේරුවන් අවසාන පරිශීලකයින් සඳහා මෘදුකාංග විසඳුම් ගොඩනැගීම සඳහා ඉංජිනේරු මූලධර්ම සහ ක්‍රමලේඛන භාෂා පිළිබඳ දැනුම භාවිතා කරයි.

කේතනය සඳහා භාවිතා කරන පරිගණක භාෂාවන්

01. PHP

02. JAVA (SE, EE)

03. C භාෂාව

04. C# (.Net)

05. HTML(.Web)

06. Python

07.C++

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    වෙසක් උත්සවය

  • අප්‍රේල් 05, 2026

    උර්දු භාෂාව

  • අප්‍රේල් 05, 2026

    පදාර්ථයේ අවස්ථා

  • අප්‍රේල් 05, 2026

    කතෝලික ධර්මය

  • මාර්තු 17, 2026

    කලා වැව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට