සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සිමියොන් පේදුරු ලෙසින්ද හැඳින්වුනු, ශුද්ධවූ පේදුරු තුමා යනු, කැපී පෙනුනු මුල් ක්‍රිස්තියානි නායකයෙකු වූ අතර, නව ගිවිසුම පරිදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අපෝස්ත

Saint Peter

  • මුල් පිටුව
  • Saint Peter

සිමියොන් පේදුරු ලෙසින්ද හැඳින්වුනු, ශුද්ධවූ පේදුරු තුමා යනු, කැපී පෙනුනු මුල් ක්‍රිස්තියානි නායකයෙකු වූ අතර, නව ගිවිසුම පරිදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අපෝස්තුළුවරුන් දොළොස් දෙනා අතුරින් එක් අයෙකු විය. සාන්තුවරයෙක් බවට එතුමා හට බුහුමන් දැක්වෙන අතර රෝමානු කතෝලික සභාව,නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව සහ, පෙරදිග ඕර්තඩොක්ස් ආගම විසින් එතුමා සලකනුයේ, රෝමයේ පළමු රදගුරුතුමා සහ පළමු පාප් වහන්සේ ලෙසිනි. ජුවාම්ගේ (හෝ ජෝනාහ් හෝ ජෝනා) පුත්‍රයාවූ මෙතුමා,ගලීල හෝ ගෝලාන්ටිස් පළාතේ බෙත්සෙයිදා ගමෙහි උපන්නේය. එතුමාගේ සොහොයුරු ඇන්ඩෲ තුමාද අපෝස්තුළුවරයෙක් විය.

ශු. පේදුරු තුමා
පේදුරු තුමා පාප් ලෝගුවකින්
උපතසීමොන් බාර් ජෝනා
ක්‍රි.ව. 1
බෙත්සයිදාව
විපතක්‍රි.ව. 64-68
රෝමයේ වතිකානු කන්ද
විපතට හේතුවඋඩුකුරුව කුරුසයේ ඇණ ගැසීම
ආදාහන/භුමදාන ස්ථානයවතිකානයේ සාන්ත පීතර බැසිලිකාව
ජාතියජුදා
දන්නේජේසුස් වහන්සේගෙ ගෝලයෙක්, පළමු පාප් වහන්සේ
TitleBishop of Rome
Successorලීනස්

අන්තියෝකියෙහි බිෂෝප්වරයා හා පසුව රෝමයේ බිෂෝප් වරයා හෝ පාප්වහන්සේ ලෙස හැදින්වු මෙතුමා පළමු සභා නායකයින් අතරින් එකි තැනැත්තෙකු ලෙස සැලකිය හැක.

රෝම ඉතිහාසයට අනුව ජුනි 26 වන දින ‍පේදුරු සහ පාවුලු යන දෙදෙනාම මරණයට පත්ව ඇත. නමුත් හිෂේහි ශාන්ත ඔගස්ටින් ඔහුගේ 285 වන දේශනයෙහි පවසන ආකාරයට‍ දේවදුතයන් දෙදෙනෙකුගේ මරණය සිහි කිරිම සදහා දිනයක් යොදා ‍ගෙන ඇත. සත්‍යය වශයෙන්ම ඔහුගේ ආගම වෙනුවෙන් දිවි පිදු දිනයන් 2 ක් තිබුනද ඔවුන් දෙදෙනාම එකම පුද්ගලයෙකු ලෙස සලකයි.

අනුරියෝ සෝන්ටිෆසියෝහි සදහන් වන ආකාරවය පිටර්ගේ මරණය ක්‍රි.ව 64 දි හෝ ක්‍රි.ව 67 දි සිදු වි ඇත. සමහර විද්වතුන්ට අනුව ශාන්ත පිටර් ක්‍රි.ව. 64 ඔක්තෝම්බර් 13 වන දින මරණයට පත්ව ඇත. ඉතිහාසයට අනුව ශාන්ත පීටර් ශිර්ෂය පහලට සිටින සේ කරුසයේ ඇණ ගසා මරණයට පත්ව ඇත ශාන්ත පිටර්ගේ බැසිලිකාව ඇති ස්ථාවය ශාන්ත පීටර් භුමිදානය කල ස්ථානය ලෙස සොයාගෙන ඇත. ඔහුව චිත්‍රයට නගා ඇති බොහෝ අවස්ථාවලදී ශාන්ත පීටර් ස්විරයේ දොරටුවෙහි යතුරු දරාගෙන සිටින ආකාරය පෙන්නුම් කර ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    ලෝකඩ යුගය

  • මාර්තු 10, 2026

    මහනුවර

  • අප්‍රේල් 06, 2026

    මෘදුකාංග සැලැස්ම

  • මාර්තු 26, 2026

    අර්ථය

  • අප්‍රේල් 05, 2026

    අසේල රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට