
| මෙය ලිපි මාලාවක කොටසක් වන |
| Ireland සංස්කෘතිය |
|---|
![]() |
| ජනයා |
|

සාපේක්ෂව කුඩා දිවයිනක් වන අයර්ලන්තය එහි අංශ වලින් ලෝක සාහිත්‍ය්‍යට සමානු පාතික නොවන දායකත්වයක් ලබාදී ඇත. අයර්ලන්ත සාහිත්‍යය අයර්ලන්ත හා ඉංග්‍රීසි භාෂා සංයුක්ත කරයි.
මෙම දිවයිනෙහි වඩාත් සුප්‍රසිද්ධ සාහිත්‍යමය කටයුතු විවාදයකින් තොරවම ඉංග්‍රීසි භාෂාවෙන් එවැනි කටයුතු වලට උදාහරණ වන්නේ ජේම්ස් ඩෝයිල්, ඔස්කාර් වයිල්ඩ් හා අයර්ලන්තයේ සාහිත්‍යය සදහා නොබෙල් ත්‍යාගලාභීන් 4 දෙනා වන විලියම් බට්ලර් යීට්ස්, ජෝර්ජ් බර්නාඩ් ෂෝ, සැමුවෙල් බැකට් හා සීමස් හීනිගේ නිර්මාණ ය. කෙසේ නමුත් අයර්ලන්තයේ පැරණිතම සාහිත්‍ය සම්ප්‍රදායයන් අයර්ලන්ත භාෂාවෙන් ලියවී ඇත. එමෙන්ම යුරෝපයේ තෙවැනියට පැරණිතම සාහිත්‍යය වන්නේ අයර්ලන්ත සාහිත්‍යයයි. (ග්‍රීත හා ලතින් සාහිත්‍යයන්ට පසුව) තවද ඕනෑම කෙල්ටික භාෂාවකින් ලියන සාහිත්‍යයේ (පෞරාණික හා නූතන) වඩාත්ම සුවිශේෂී ව්‍යුහය ඇත්තේ ද අයර්ලන්ත භාෂාවටයි. තවදුරටත් පුරාවෘත්ත හා පද්‍ය වල බලවත් මුඛ සම්ප්‍රදායයන්වැනි අයර්ලන්ත භාෂා සම්ප්‍රදායයයේ ඓතිහාසික බලපෑම් අනෙක් රටවලට වඩා සැලකිය යුතු අන්දමින් වෙනස් ලෙස ඉංග්‍රීසි සාහිත්‍යයක් නිර්මාණය කිරීමට උදවු විය. පැරැණි සම්ප්‍රදායයන් වලදී ඉංග්‍රීසි භාවිතා කරන ලද බොහෝමයක් අයර්ලන්ත ලේඛකයන් ස්වභාව සෞන්දර්යය විස්තර කිරීමේ දී විශ්මය ජනක හැගීමක් අයත් කර ගෙන සිටි අතර ඉන්පසු එය වඩා විස්තිර්ණ හෝ තියුණු හාස්‍යරසයක් දක්වා ඇදී ගියේය. ඊට අමතරව භාෂා දෙක අතර අන්තර් ක්‍රියාව ඉංග්‍රීසි භාෂාවේ ව්‍යුත්පන්නයක් වු හර්බනෝ ඉංග්‍රීසි භාෂාවට උත්පත්තිය ලබාදී ඇති අතර එමගින් ලියැවී ඇති සාහිත්‍යයට වෙනස් පද ගැලපුමක් හා සංගිතයකට ද මග පාදා ඇත.
අමතර අවධානයට
- Irish Gothic literature
- Irish prose fiction
- අයර්ලන්ත පද්‍ය
- Irish short story
- Irish theatre
- Early Irish literature
- List of Irish writers
- List of Irish poets
- Literature of Northern Ireland
- Literature in the other languages of Britain
- Scottish Gaelic literature
පාද සටහන්
- අයර්ලන්ත සාහිත්‍යය
- European literature
- ඉංග්‍රීසි-භාෂා සාහිත්‍යය
- අය'ලන්තය
- සාහිත්‍යය