සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගේලුසැක් නියමය යනු ප්‍රංශ ජාතික රසායනඥයෙක් වු ජෝසප් ලුවී ගේලුසැක් නමින් නම් කරන ලද නියමයන් දෙකෙන් එකකි. මෙම නියමය වායුන්ගේ ගුණ පිළිබද විස්තර කරන නියමයක් වන අතර

Gay-Lussac's law

  • මුල් පිටුව
  • Gay-Lussac's law

‍

ගේලුසැක් නියමය යනු ප්‍රංශ ජාතික රසායනඥයෙක් වු ජෝසප් ලුවී ගේලුසැක් නමින් නම් කරන ලද නියමයන් දෙකෙන් එකකි. මෙම නියමය වායුන්ගේ ගුණ පිළිබද විස්තර කරන නියමයක් වන අතර ගේ ලුසැක්ගේ නමින්ම හැදින්වේ.

වායු පරිමා සංයෝජනය වීම පිළිබද නියමය

ගේලුසැක්ගේ නියමය පහත පරිදි වේ.

වායුන් රසායනිකව සංයෝජනය වීමේදී එම ප්‍රතික්‍රියකවල පරිමා ද ප්‍රතික්‍රියාවේ ඵල ද වායූන් නම් ඒවායේ පරිමා ද යන සියල්ලම අතර අනුපාතය සරල පුර්ණ සංඛ්‍යාවලින් ප්‍රකාශ කළ හැකිය.

ගේලුසැක් තම සොයා ගැනීම්වලට අදාළව මෙම නියමය ඉදිරිපත් කරන ලදදේ වර්ෂ 1809 දීය. 1811 දී ඇවගාඩ්‍රෝ විසින් ඇවගාඩ්‍රෝවාදය ඉදිරිපත් කිරීමේදී ගේලුසැක් නියමය භාවිතා කරන ලදී. එබැවින් නුතන වායු සංඛ්‍යා රසායනයේ දියුණුව කෙරෙහි මෙමගින් වැදගත් මෙහෙයක් ඉටු විය.

ගේලුසැක් විසින් ප්‍රකාශිත අනෙක් නියමය

ගේලුසැක්ගේ සොයා ගැනීම් වලට අදාළව අනෙක් නියමය ඉදිරිපත් කරන ලද්දේ 1802 දීය. එය පහත පරිදි වේ.

“නියත පරිමාවක් සහිත නියත වායු ස්කන්ධයක පීඩනය එම වායු ස්කන්ධයේ උෂ්ණත්වයේ කෙල්වින් අගයට අනුලෝමව සමානුපාතික වේ.’’

මෙම නියමය

P a T හෝ

P = k ආකාරයටද ප්‍රකාශ කළ හැකිය. T

මෙහිදී

P යනු වායුවේ පීඩනය ද T යනු වායුවේ උෂ්ණත්වයේ කෙල්වින් අගය ද K යනු නියතයක් ද වේ.

උෂ්ණත්වය යනු ද්‍රව්‍යයක සාමාන්‍ය චාලක ශක්තියේ මිනුමකි. වායුවක චාලක ශක්තිය වැඩිවත්ම වායු අණු භාජනයේ බිත්ති සමග ගැටීම වේගවත් කරන අතර වායුන් මගින් ඇති කරන පීඩනය වැඩි වේ.

සරලව දක්වන්නේ නම් උෂ්ණත්වය වැඩි කරත්ම එහි පීඩනය ද වැඩිවේ.

එකම ද්‍රව්‍යය වෙනස් තත්ත්ව දෙකක් යටතේ දී සැලකූ විට මෙම නියමය පහත අයුරින් ඉදිරිපත් කළ හැක.


P1 =P2 හෝ P1T2 = P2T1 T1 T2

චාල්ස් නියමය චාල්ස් හා ගේලුසැක් නියමය ලෙසද හදුන්වනු ලැබේ. ගේලුසැක් විසින් 1802 දී මෙම නියමය ඉදිරිපත් කිරීමේ දී 1787 දී චාල්ස් විසින් පවසන ලද දත්ත බොහෝමයක් උපයෝගී කර ගැනීම මීට හේතු වේ. කෙසේ වෙතත් ගේලුසැක් විසින් පළමු නියමයට සම්බන්ධ වූ දෙවන නියමයක් ඉදිරිපත් කිරීමත් සමගම මෑත කාලයේ දී මේ පිළිබද වැඩි අවධානයක් යොමු නොවීය. මෙම ගේලුසැක් නියමයට සම්බන්ධ අනෙක් නියමයත් , චාල්ස්ගේ නියමය සෑදේ. මෙම වායු නියමයන් තුන ඇවගාඩ්‍රෝ නියමයත් සමග පොදුවේ ගත් කළ පරිපුර්ණ වායු නියමය ව්‍යුත්පන්න කරගත හැකිය.

ආශ්‍රිත

  • Avogadro's law
  • Boyle's law – නියත උෂ්ණත්වයක පවතින වායුවක පීඩනය හා පරිමාව අතර සම්බන්ධයPages displaying wikidata descriptions as a fallback
  • Charles's law – Charles's law is an experimental gas law which describes how gases tend to expand when heated.Pages displaying wikidata descriptions as a fallback
  • Combined gas law – combination of Charles', Boyle's and Gay-Lussac's gas lawsPages displaying wikidata descriptions as a fallback
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 15, 2026

    ෆාරෝ දිවයින්

  • මැයි 20, 2026

    වෙනෙග් (පාරාවෝ)

  • සැප්තැම්බර් 09, 2026

    අරියපාල පෙරේරා

  • මැයි 22, 2026

    Sinhalese–Portuguese War

  • ජූනි 08, 2026

    Taylor Swift

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට