සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

Apple II යනු දැන් Apple Inc. නමින් හැඳින්වෙන, එකල Apple Computer නම් වූ ආයතනය විසින් 1977දී වෙළඳපොළට නිකුත් කළ ඉතාමත්ම සාර්ථක වූ පළමු මයික්‍රෝ පරිගණකය යි. Apple

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
මෙහි දැක්වෙන 1977 දී නිකුත් වූ Apple II පරිගණකය 5 1/4" ඩිස්ක් ඩ්‍රයිව් දෙකකින්, යතුරු පුවරුවකින් හා මොනිටරයකින් හෙබි වූවකි. මෙහි Expansion Slots අටක් තිබීම සමහර විට අද මවිතයට කරුණක් වීමට ද පුළුවන.


හැඳින්වීම

Apple II යනු දැන් Apple Inc. නමින් හැඳින්වෙන, එකල Apple Computer නම් වූ ආයතනය විසින් 1977දී වෙළඳපොළට නිකුත් කළ ඉතාමත්ම සාර්ථක වූ පළමු මයික්‍රෝ පරිගණකය යි. Apple I වලට වඩා බෙහෙවින් ඉහළ තාක්ෂණයකින් හෙබි මෙය මුල් යුගයේ බිහි වූ ගෘහ පරිගණක (Home Computer) ගණයට ද අයත් යැයි සැලකිය හැකිය.

Apple ආයතනය ඉතා සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කළ මෙම නිර්මාණය 90 දශකය වන තෙක් ම ඉතා සුළු වෙනස් කිරීම් සහිතව Models ගණනාවක් වෙළඳපොළට නිකුත් කළ අතර එය මුල් යුගයේ පෞද්ගලික පරිගණක (Personal Computer) ගණයට අයත් සාර්ථකම පරිගණකයක් සේ සැලකේ.

1993 දී එහි නිෂ්පාදනය නවත් වන විට මිලියන 5ක් 6ක් අතරේ පරිගණක ප්‍රමාණයක් විකිණී තිබූ මෙම Apple II කාණ්ඩයේ පරිගණක, 80 දශකයේ අග භාගයේ සිට 90 දශකය වන තෙක් ඇමෙරිකානු අධ්‍යාපනයේ පිළි ගත් පරිගණකය විය


මෘදුකාංග

මුල් Apple II පරිගණකවල වූයේ එක තුළ ම වූ BASIC නම් පරිගණක භාෂාව පමණෙකි. එහි මෙහෙයුම් පද්ධතිය ( Operating System) ලෙස සැලකිය හැකි වූයේ මෙයයි. Apple II සඳහා නිපදවුනු අති විශාල අධ්‍යාපනික වැඩ සටහන් මෙන්ම පරිගණක ක්‍රීඩා ද කෙලින්ම දෘඩාංගවලට සම්බන්ධ වී ක්‍රියාවට නැඟුනි. පසුව ඩිස්ක් ඩ්‍රයිව්ස් සඳහා Apple DOS නම් මෙහෙයුම් පද්ධතිය ( Operating System) ඉදිරිපත් කළ අතර එහි අවසන් Version එක වූයේ "Apple DOS 3.3" යි.

CP/M නම් මෙහෙයුම් පද්ධතිය (Operating System) මත WordStar, dBase II, Multiplan හා අනෙකුත් CP/M මෘදුකාංග සමඟ වැඩ කිරීමට ද Apple II පරිගණකයට හැකියාව තිබිණ.

නිර්මාණය

Apple II පරිගණකය නිර්මාණය වූයේ සංකීර්ණ ඉලෙක්ට්‍රොනික මෙවලමකට වඩා නිවසේ භාවිතා කළ හැකි හුරුබුහුටි උපකරණයක් ලෙසිනි. ලා කහ පැහැති කවරයක් සහිත වූ මෙම පරිගණකයට කිලෝ බයිට් 48 ක් (48 KB) දක්වා RAM එකක් තිබීම එකල හැටියට ඉතා හොඳ තත්වයක් විය. මෙම පරිගණකයට අධි විභේදක ග්‍රාෆික ආකාර (High Resolution Graphic Modes) කිහිපයක්ම තිබුණු අතර මුලින් Integer BASIC නම් පරිගණක භාෂාවත් පසුව AppleSoft BASIC නම් පරිගණක භාෂාවත් ඩිස්ක් වැනි කිසිවක් නොමැතිව ROM එක හරහා ම භාවිතා කිරීමේ හැකියාව තිබිණ.

මාදිලි (Models)

Disk II ඩිස්ක ධාවක.

මුල් කාලයේ Apple II නමින්ම මාදිලි ඉදිරිපත් වූ අතර පසුව ඒ නමට පසුව ඉංග්‍රීසි අකුරක් එකතු වී මාදිලියේ නම සෑදීම සිදු විය.

Apple II

මෙගා හර්ට්ස් 1ක (1 MHZ) වේගයක් ඇති ව 6502 මයික්‍රෝ ප්‍රෝසෙසරය සහිතව 1977 ජූනි 5 වන දින මුල්ම Apple II පරිගණකය ලෝකයට එක් විය. එය කිලෝ බයිට් 4ක (4 KB) සසම්භාවී ප්‍රවේශ මතකයකින් (Random Access Memory - RAM) යුක්ත වූ අතර පඨක මාත්‍ර මතකය (Read Only Memory - ROM) තුළ Integer BASIC නම් පරිගණක භාෂාව කවා එවන ලදී.තිරය තීරු 40කින් හා පේළි 24කින් යුක්ත වූ අතර තිරයේ දිස් වූයේ ලොකු අකුරු (Uppercase Letters) පමණෙකි

Disk II නමින් හැඳින්වුනු බාහිරින් සවි කළ හැකි 5 1/4" නම්‍ය ඩිස්ක ධාවකය (Floppy Disk Drive) එකල පෞද්ගලික පරිගණක (Personal Computer) සඳහා වූ ලාභදායකම ඩිස්ක ධාවකය විය.


Apple II plus

Apple IIe .

1979 ජූනි මාසයේ ඉදිරිපත් වූ Apple II plus පරිගණකයේ AppleSoft BASIC නම් පරිගණක භාෂාව තිබූ අතර අනෙක් බොහෝ ලක්ෂණ අතින් එය කලින් Apple II පරිගණකයට සමාන විය. නමුත් කලින් මෙන් කිලෝ බයිට් 4රේ කුඩා මතකයන් වෙනුවට කිලෝ බයිට් 48 ප්‍රමාණයෙන් මතකයන් නිකුත් වූ අතර එය කිලෝ බයිට් 64 ද්ක්වා දිගු කළ හැකි විය.


Apple IIe

1963දී වෙළඳපොළට නිකුත් කළ Apple IIe පරිගණකය වඩාත් ලාභදායී වූ අතර වැඩි පහසුකම් වලින් ද සමන්විත විය. කිලෝ බයිට් 64ක මතකයක් සහිතව ඉදිරිපත් වූ මෙහි ලොකු හා කුඩා අකුරු (Uppercase & Lowercase) දෙවර්ගයම තිබීම තවත් පහසුකමක් විය.

Apple II නිර්මාණ වැලෙහි වඩාත් ජ්නප්‍රියම පරිගණකය වූයේ Apple IIe පරිගණකයයි. එසේම කුඩා වෙනස්කම් සහිතව වසර 11ක් පුරා පැවතුනු බැවින් දීර්ඝතම ආයු කාලයක් තිබියේ ද මෙම පරිගණකයටමයි.


Apple IIc

Apple IIc

1984 අප්‍රේල් මාසයේ වෙළඳපොළට නිකුත් වූ Apple IIc පරිගණකය කිලෝ බයිට් 128ක මතකයකින් හා පරිගණකයටම සවි වූ 5 1/4" ඩිස්ක ධාවකයකින් සමන්විත විය. එහා මෙහා ගෙන යාම සඳහා හැඬලයකින් සමන්විත වූ මෙය සුදු පැහැයෙන් යුක්ත වූ අතර අනෙක් Apple II පරිගණක මෙන් නොව අභ්‍යන්තර Expansion Slots නොමැතිවම නිර්මාණය කරන ලද්දක් විය.


Apple IIGS

මෙම නිර්මාණ වැලෙහි ඊළඟ සාමාජිකයා වූයේ නම් Apple IIGS පරිගණකයයි. 1986 සැප්තැම්බර් 15 දින වෙළඳපොළට නිකුත් වූ මෙය බිට් 16යේ මයික්‍රෝ ප්‍රෝසෙසරයක් ලෙස සැලකේ

ඉහළට