සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

2004 ඉන්දියානු සාගර භූමිකම්පාව එම වසරේ දෙසැම්බර් 26 වන දින වේලාවෙන් UTC පැය 00:58:53ට ඉන්දුනීසියාවේ සුමාත්‍රාහී බටහිර වෙරළට ඈතින් හටගත් භූමිකම්පා අපිකේන්ද්‍රයේ

2004 සුනාමිය

  • මුල් පිටුව
  • 2004 සුනාමිය

2004 ඉන්දියානු සාගර භූමිකම්පාව එම වසරේ දෙසැම්බර් 26 වන දින වේලාවෙන් UTC පැය 00:58:53ට ඉන්දුනීසියාවේ සුමාත්‍රාහී බටහිර වෙරළට ඈතින් හටගත් භූමිකම්පා අපිකේන්ද්‍රයේ සිදුවිය. රිච්ටර් පරිමාණයට අනූව කම්පනය ඒකක 9.1–9.3 අතර අගයකින් යුක්ත වූ අතර මර්කලි තීව්‍රතා පරිමාණයට අනූව භූ කම්පාව IX (ප්‍රචණ්ඩ) මට්ටමේ භූ කම්පනයක් ලෙස අරුත් දැක්විණි. ඉන්දියානු භූ තැටිය, බුරුම භූ තැටිය පහළට ගමන්කිරීම හේතුකොටගෙන උත්ප්‍රේරණය වූ දැවැන්ත භූ තෙරපුම හේතුවෙන් ඉන්දියානු සාගරයට මායිම් වූ බිම්කඩවල්හී වෙරළතීර රැසක විනාශකාරී සුනාමි රළ නිර්මාණය වීම සිදුවිය. 2004 හටගත් මෙම සුනාමිය හේතුවෙන් රටවල් 14ක පුද්ගලයෝ 230,000 ක පමණ පිරිසක් මරණයට පත්විය. එසේම එය ලොව වාර්තාගත ඉතිහාසයෙහි සිදුවූ මාරාන්තික ස්වභාවික ව්‍යසන අතුරින් එකක් ලෙසද සැළකේ. ඉන්දුනීසියාව මෙම ව්‍යසනයට ගොදුරුවූ ප්‍රධානතම රට බවට පත්වූ අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව හා තායිලන්තය යන රටවල්වලටද මින් දැඩිලෙස හානි සිදුවිය. මෙම විපතෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 36000 පමණ වේ.

2004 ඉන්දීය සාගර භූමිකම්පාව
සුනාමියෙන් දරුණු ලෙස විනාශයට පත්වූ ඉන්දුනීසියාවේ Aceh ප්‍රදේශය
UTC time??
විශාලත්වය9.1–9.3 Mw
ගැඹුර30 km (19 mi)
Epicenter3°18′58″N 95°51′14″E / 3.316°N 95.854°E / 3.316; 95.854
වර්ගයMegathrust
බලපෑමට ලක් වූ ප්‍රදේශඉන්දුනීසියාව
ශ්‍රී ලංකාව
ඉන්දියාව
තායිලන්තය
මාලදිවයින
සෝමාලියාව
Max. තීව්‍රතාවයIX (Violent)
සුනාමිය30 metres (100 ft)
තුවාල ලැබූවන්230,000–280,000 dead and more missing
2004 සුනාමියේ ස්මාරකයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ මඩකලපුවේ තිරුත්චෙන්තුර් කෝවිල

මෙම භූකම්පනය සිස්මෝග්‍රාෆ්හී (seismograph) සටහන් වී ඇති තෙවැනි විශාලතම භූකම්පනය වන අතර මෙතෙක් නිරික්ෂණය කෙරූ දිගුම විභේදනය (faulting) සිදුවූ කාලයද (මිනිත්තු 8.3 - 10 අතර) මෙම භූමිකම්පාවේදී සටහන් විය. එසේම සමස්ථ පෘතුවි තලය සෙන්ටිමීටර 1ක පමණ ප්‍රමාණයකින් කම්පනය කිරීමට මෙම භූමි කම්පාව සමත් වූ අතරඇලස්කාව වැනි ඉතා ඈත ප්‍රදේශවල අනෙකුත් භූකම්පන ඇති කරවීමටද එය සමත් විය. භූමිකම්පාවේ අපිකේන්ද්‍රය Simeulue දිවයින සහ ඉන්දුනීසියා ප්‍රධාන භූමිය අතර හටගෙන තිබුනි.

භූ කම්පනයෙන් නිර්මාණය වූ සුනාමි රළ පහරට ගොදුරුව විපතට පත්වූ ජනයාගේ දුක්ඛිත තත්වය ලොව පුරා ප්‍රජාව අතර කම්පනයක් නිර්මාණය කිරීමට සමත් වූ අතර, වේගවත් මානුෂීය ආධාර හා ප්‍රතිචාර රැසක් එම හානියට පත්වූ රටවල් වෙත කඩිනමින් ලබාදීමට අනෙකුත් රටවල් විසින් පියවර ගනු ලැබිණි. ඒ අනූව ලෝක ප්‍රජාව විසින් අමෙරිකා ඩොලර් බිලියන 14 (2004) කට වඩා වැඩි සමස්ථ මානුෂීය අාධාර ප්‍රමාණයක් සුනාමියෙන් හානියට ලක්වූ රටවල් වෙත ලබා දෙමින් සිය සහයෝගය ලබා දීමට කටයුතු කොට තිබුණි. මෙම භූ කම්පනය හේතුවෙන් හටගත් සුනාමි රළ පසුව විවිධ නම් වලින් හැඳින්වූ අතර, ඉන් 2004 ඉන්දීය සාගර සුනාමිය, දකුණු අාසියානු සුනාමිය, ඉන්දුනීසියානු සුනාමිය, නත්තල් සුනාමිය හා බොක්සින් දින සුනාමිය වැනි නම් ලොව පුරා වඩා ප්‍රචලිත විය.

භූමි කම්පාව සහ සුනාමිය

2004 Indian Ocean
earthquake
 
ක්‍රි.ව. 2004දී ඉන්දියානු සාගරයේ ඇතිවූ භූමි කම්පාව සහ සුනාමිය

Animation of tsunami caused by the earthquake showing how it
radiated from the entire length of the 1,600 km (990 mi) rupture


Events

  • Timeline
  • Countries affected:
    • Indonesia
    • Sri Lanka
    • India
    • more...

Response

  • Humanitarian

See also

  • Warning System
  • Library damage
  • 2005 Sumatra earthquake
  • v
  • t
  • e

මේවාද බලන්න

  • සුනාමි
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 10, 2026

    දෙවන රාජසිංහ රජ

  • අප්‍රේල් 04, 2026

    යුද්ධ හමුදා

  • අප්‍රේල් 04, 2026

    තුලත්ථන රජ

  • අප්‍රේල් 03, 2026

    ප්ලාස්ටික් සැත්කම්

  • මාර්තු 22, 2026

    ජල චක්‍රය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට