සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සිංහල ප්‍රාකෘත භාෂාව යනු මධ්‍ය ඉන්දු ආර්ය භාෂාවකි ( Middle Indo Aryan ).එය පසුකාලිනව හෙල හෝ එළු ප්‍රාකෘත ලෙස සරලව හදුන්වා ඇත. මුල් කාලයේදී සෙල්ලිපි සකස් කිරීම උ

හෙළබස

  • මුල් පිටුව
  • හෙළබස
මෙම ලිපිය හෝ ලිපි කොටස එළු සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)

සිංහල ප්‍රාකෘත භාෂාව යනු මධ්‍ය ඉන්දු ආර්ය භාෂාවකි ( Middle Indo Aryan ).එය පසුකාලිනව හෙල හෝ එළු ප්‍රාකෘත ලෙස සරලව හදුන්වා ඇත. මුල් කාලයේදී සෙල්ලිපි සකස් කිරීම උදෙසා මෙම සිංහල ප්‍රකෘතය භාවිතා කර ඇති අතර එහි සම්භවය බටහිර ඉන්දීය ප්‍රාකෘත ප්‍රභවයක් ලෙස හදුනා ගැනේ.

මහින්දාගමනයෙන් පසුව මෙහි නැ⁣ගෙනහිර ප්‍රකෘත ලක්ෂණ වර්ධනය වී වර්තමාන සිංහල භාෂාව දක්වා ක්‍රමිකව පරිණාමය වී ඇති අතර එම නිසාම මහින්දාගමනයෙන් පසු රචනා කර ඇති සෙල්ලිපි වල සිංහල ප්‍රාකෘතය පාලි භාෂාවට වඩාත් සමාන ලක්ෂණ දක්වයි.

පටුන

ලිහිසි

ස්වර

එළු බසෙහි ප්‍රධාන විශේෂාංගයක් වනුයේ කෙටි ස්වර පාවිච්චිය සහ දික් ගතකුරු අත්හැර දැමීමයි.

ව්‍යංජන

පාලි බසට සාපේක්ෂව ශබ්ද වෙනස්වීම්

  • පාලි සංස්කෘත ච් ශබ්දය ස් හෝ හ් වීම.
උදා: චන්‍ද්‍ර → සඳ, හඳ
  • ප් හඬ ඉවත් නොවන විට දී ව් බවට පත්වීම.
උදා: රූප → රුව
උදා: දීප → දීව
උදා: උපාංග → උවඟ

දික් ගතකුරු වෙනස්වීම

වදනක මුලට එක් ගාත්‍රාක්ෂරයක් පමණක් ඉතිරි වීම. (ගතකුරු පිල්ලම් නොමැති වීම.)

උදා: ධර්ම → දම්
උදා: ප්‍රාණ → පණ

වචනයක මැදදී ද 'ර් හා න් වැනි හල් ගතකුරු ඉවත් වීම.

උදා: අර්ථ → අරුත්
උදා: දන්ත → දත්

වදන්

සරළ සිංහල සංස්කෘත පාලි මිශ්‍ර සිංහල
ඇස අක්‍ෂි අක්ඛි‍ අක්‍ෂිය
ඇල්ම/ ආලය ආදර ආදරය
අකුර අක්‍ෂර අක්ඛර අක්ෂරය
තේරුම්/ අරුත් අර්ථ අට්ඨ අර්ථය/ අරුත
අහස් ආකාශ ආකාස අහස්
අනඳ ආනන්ද් ආනන්ද ආනන්‍දය
පුටුව/ අස්න ආසන ආසන ආසනය/ අසුන
අත හස්ත හත්ත‍ හස්තය
බඹු බ්‍රහ්ම බ්‍රහ්ම බ්‍රහ්ම
බඹුරා බර්බර barbarian
බමුණු බ්‍රහ්මන් බ්‍රාහ්මණ බමුණා/ බ්‍රාහ්මණයා
බස භාෂා භාෂා භාෂාව
බිම් භූමි භූමි භූමිය/බිම
බිබිළ බුද්බුඩ බුබ්බුල බුබුල
කෑම භෝජන භොජන ‍ බොජුන
බොදු බෞද්ධ බෞද්ධ බෞද්ධ/ බොදු
බෝසත් බෝධිසත්ත්‍ව බෝධිසත්ත බෝධිසත්ත්ව
දම් ධර්‍ම ධම්ම දහම්/ ධර්මය
දත් දන්ත දන්ත දත
දෙවොල දෙවාල දෙවාල දේවාලය/ දෙවොල
දික් දීර්‍ඝ දීඝ දික්/ දිගු
දිව ජිහ්වා ජිහ්වා දිව
දිවි ජීවිත ජීවිත ජීවිතය/ දිවිය
දුදන දුර්‍ජන දුජ්ජන දුදන
dukata දුශ්කෘත wicked deed
දුලබ දුර්‍ලභ දුල්ලභ දුර්ලභ/ දුලබ
දුං ධූම්‍ර ධූම දුම
දුම් ධූප ධූප දුම්
ගම් ග්‍රාම ගාම ගම
ඇඟ ගාත්‍ර ගාත්ත ගත
ගතකුරු ගාත්‍රාක්‍ෂර ගාත්තක්ඛර ගාත්‍රාක්ෂරය/ ගතකුර
කන කර්‍ණ කණ්ණ කන
කරු කාර person
කෙත් ක්‍ෂෙත්‍ර ඛෙත්ත ක්ෂේත්‍රය/ කෙත
කිඩ ක්‍රීඩා ක්‍රීඩාව
කිළ කීළ කීළා ක්‍රීඩාව/ කෙළිය
කිණු කෘෂ්ණ අඳුර
කුණු ක්ල්ශ්ඨ කිලිට්ඨ කිළිට/ කිළුට
කිරි ක්‍ෂීර ඛීර කිර
කුමර කුමාරක කුමාර කුමරා/ කුමාරයා
කුමරි කුමාරිකා කුමාරි කුමරිය/ කුමාරිකාව
නපුරු කෘර කුරුර කුරිරු
ලක් ලංකා ලංකා‍ ලංකා/ ලක
ලස්සණ ලක්‍ෂණ ලක්ඛණ ලස්සන
ලොව්/ ලෙව් ලෝක ලෝක ලෝකය/ ලොව
මඟ මාර්‍ග මග්ග පාර/ මඟ
මඟුල මංගල්‍ය මංගල්ල මංගල්‍යය
මැතිරුම් මන්ත්‍ර මන්ත මැතිරුම
මැදි මධ්‍යම, මධ්‍ය මජ්ඣිම, මජ්ඣ මධ්‍යම, මැද
මිතුරු මිත්‍ර ‍| යහළුවා/ සකි
මුදු මෘදු මුදු සිනිඳු/ මෘදු/ සුමට
මුව මුඛ මුඛ මුඛය/ කට
මැඳුරු මන්‍දිර මන්‍දිර මැඳුර
මුල මූල මූල මූලය
නැබ නාභි ‍|බුරිය/ නැබ
නැව් නෞකා නාවා නෞකාව/ නැව
නෙත් නේත්‍රා නෙත්ත නෙත
නිදන් නිධාන නිධාන නිධානය
නිමල් නිර්‍මල නිම්මල නිමල
නිපන් නිෂ්පන්න නිපැයුම/ නිමැවුම
නිවන් නිර්‍වාණ නිබ්බාන නිවන
නුවර නගර නගර‍ නගරය
පබල ප්‍රබල පබල සවිමත්
පමණ ප්‍රමාණ පමාණ ප්‍රමාණය
පරපුර පරම්පරා පරම්පරාව
පැන ප්‍රශ්න පණ්හ ප්‍රශ්නය/ පැනය
පව් පාප පාප පව
පවස පිපාසා තිබහ / පවස
පැරණි පුරාණ පුරාණ
පරුස පරුෂ ඵරුස පරුෂ
පසන් ප්‍රසන්න පසන්න ප්‍රසන්න
පාසැල පාඨශාලා පාඨසාලා පාසැල/ විදුහල
පැවරුණ ප්‍රකරණ පකරණ treatise
පැතුම් ප්‍රාර්‍ථනා ප්‍රාර්ථනාව
පෙදෙස ප්‍රදෙශ පදෙස ප්‍රදේශය
පෙම් ප්‍රෙම පේම ආලය
පුද පූජා පූජා පූජාව
පිං පුණ්‍ය පුඤ්ඤ පින
පොකුණ පුෂ්කරිණී පොක්ඛරිණී පතහ
පොසොන් පූර්‍ව-ශ්‍රවණ පුබ්බ-සවණ පොසොන්
පොත් පුස්ථක පුත්‍ථක පුස්තකය
පොත්ගුල් පුස්ථකාල පුත්‍ථකාල පුස්තකාලය
පුන් පූර/ පූර්‍ණ පුණ්ණ පූර්ණ
මල් පුෂ්ප පුප්ඵ පුෂ්පය/ මල
පුත් පුත්‍ර පුත්ත පුතු
පෙර පූර්‍ව පුබ්බ පෙර/ කලින්
පුවත් ප්‍රවෘත්ති පුවත්ති ප්‍රවෘත්තිය/ පුවත/ ආරංචිය
රද රාජ්න් රාජා රජ
රකුස් රාක්‍ෂ රාක්‍ඛ රාස්සයා
රත් රක්තක රත්ත රතු
රැස් රශ්මි රස්මි රැස, රශ්මිය
රෑ රාත්‍රී රාත්තී රාත්‍රිය
රුක වෘක්‍ෂ රුක්ඛ ගස
රුව රූප රූප රූපය/ රුව
සඟමිත් සංඝමිත්‍ර සංඝමිත්ත
සඳ චන්‍ද්‍ර චන්‍ද චන්ද්‍රයා, හඳ
සැමුනි ශාක්‍යමුනි sakyamuni
සෙන් සෙනා සෙනා සේනාව
සිදුරු චිදුර් චිද්ද සිදුර/ හිල
සිරුරු ශරීර සරීර සිරුර/ ඇඟ
සොයුරු සහෝදර සොදරිය සහෝදරයා/ සොයුරා
සොඳුරු සුන්‍දර සුන්‍දර සොඳුරු
හීන ස්වප්න සුපින සිහිනය
සපිරි සම්පූර්‍ණ සම්පුණ්ණ සම්පූර්ණ/ සපිරුණු
තෙද තෙජ තෙජ තේජස/ තෙද
තවුස් තාපස තාපසයා
උතුරු උත්තර උත්තරා උතුර
වැකිය වාක්‍ය වාක්‍යය
වෙසක් වෛශාඛ විසාඛ වෙසක්/ වෙසඟ
වෙසෙස් විශෙෂ විසෙස විශේෂ
වියරණ ව්‍යාකරණ ව්‍යාකරණය
යක් යක්‍ෂ යක්ඛ යක්‍ෂයා

ආශ්‍රේය

ආශ්‍රිත ලිපි

  • Middle Indic
  • Linguistic history of India
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 25, 2026

    Organic chemistry

  • මැයි 20, 2026

    Sahara Desert

  • මැයි 17, 2026

    මාදුරු ඔය

  • මාර්තු 22, 2026

    ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය

  • අප්‍රේල් 20, 2026

    කළු කුහර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට