සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සර්වබලධාරි දෙවඟන යනු මහා දෙවඟනක් වටා පදනම් වන මාතෘ මූලික ආගමික සංකල්පයකි. මහා දෙවඟන උපකල්පනය, අවම වශයෙන් යුරේසියාවේ වැඩි ප්‍රදේශයක් පුරා නවශිලා යුගයේ වන්දනාමාන

සර්වබලධාරි දෙවඟන

  • මුල් පිටුව
  • සර්වබලධාරි දෙවඟන

සර්වබලධාරි දෙවඟන යනු මහා දෙවඟනක් වටා පදනම් වන මාතෘ මූලික ආගමික සංකල්පයකි. මහා දෙවඟන උපකල්පනය, අවම වශයෙන් යුරේසියාවේ වැඩි ප්‍රදේශයක් පුරා නවශිලා යුගයේ වන්දනාමාන කර ඇතැයි අනුමාන කළ සශ්‍රීකත්වයට අධිපති දෙවඟනකි. මෑත දශක කිහිපය තුළ පුරුෂ මූලික දේවවාදය පැමිණීමත් සමඟ මෙම උපකල්පනය පිළිබඳ විද්වතුන්ගේ විශ්වාසය අඩු වී ඇත.

පටුන

හින්දු ධර්මය

හින්දු ධර්මයට අනුව විශ්වය නිර්මාණය කෙරූ පරම ශක්තිය වන ආදි ශක්තිය සර්වබලධාරි දෙවඟන හෙවත් මාතෘ දෙවඟන වේ. ශක්ත නිකායට අනුව ඇය ත්‍රිපුර සුන්දරී හෝ මහාකාලි වේ. ශක්තයන් දෙවඟන සියලු පැවැත්මේ උත්තරීතර, අවසාන, සදාකාලික යථාර්ථය ලෙස හෝ හින්දු ආගමේ බ්‍රහ්මන් සංකල්පයට සමාන කරයි. ඇය සියලු මැවිල්ලේ ප්‍රභවය, එහි ප්‍රතිමූර්තිය සහ එය සජීවී කරන සහ පාලනය කරන ශක්තිය සහ අවසානයේ සියල්ල විසුරුවා හරින බව සැලකේ. ඇය පිරිමි ස්වරූපයෙන් ශිව ලෙස පෙනී සිටි.

ග්‍රීක

ග්‍රීක පුරාණෝක්තියන්ට අනුව ගයෙයා යනු පෘථිවියේ සියලු ජීවීන්ගේ මවයි.

මෙසපොතේමියානු

මෙසපොතේමියානු ආගමට අනුව ටියාමට් යනු සාගරයට අධිපති ප්‍රාථමික දේවතාවියකි, ප්‍රාථමික දෙවිවරුන් බිහි කිරීම සඳහා භූගත ජලයේ දෙවියන් වන අබ්සු සමඟ සංසර්ගයේ යෙදුනාය. ඇය ප්‍රාථමික මැවිල්ලේ සංකේතයයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    අත්භුත රාමායණ

  • මැයි 24, 2026

    ගොර්යෝ රාජවංශය

  • අප්‍රේල් 10, 2026

    Democratic Party (United States)

  • ජූනි 15, 2026

    විෂ්ණු පුරාණ

  • ජූනි 01, 2026

    Atretium schistosum

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට