සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සමාධි බුදු පිළිමය ශ්‍රී ලංකාවේ අනුරාධපුර නන්දන උයනේ පිහිටා තිබේ. මෙම පිළිම වහන්සේ බුදු රජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිමින් භාවනාවේ යෙදෙන අයුරු දක්වයි.

සමාධි බුදු පිළිමය

  • මුල් පිටුව
  • සමාධි බුදු පිළිමය

සමාධි බුදු පිළිමය ශ්‍රී ලංකාවේ අනුරාධපුර නන්දන උයනේ පිහිටා තිබේ. මෙම පිළිම වහන්සේ බුදු රජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිමින් භාවනාවේ යෙදෙන අයුරු දක්වයි. මෙම භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිණියා ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ උකුල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ හිඳින සේක. මෙම ඉරියව්ව පිළිබඳ මුළු මහත් බෞද්ධ ලෝකයම දැනුවත් වන අතර එනිසාම බුදු පිළිම නිර්මාණය කිරීමේදී බහුලව යොදාගනු ලැබේ. අනුරාධපුර සමාධි පිළිම වහන්සේ අඩි 7'3" ක උසින් යුක්ත වන අතර තනි ග්‍රැනයිට් (හුණුගල්) පාෂාණයෙන් නිමවා ඇත.

සමාධි බුදු පිළිමය
අනුරාධපුර සමාධි බුදු පිළිමය
සමාධි බුදු පිළිමය is located in ශ්‍රී ලංකාව
සමාධි බුදු පිළිමය
ශ්‍රී ලංකාව තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමඅනුරාධපුර
භූගෝලීය ඛණ්ඩාංක8°22′12″N 80°23′53″E / 8.36987°N 80.39817°E / 8.36987; 80.39817
අනුබැඳියාවබෞද්ධ
පළාතඋතුරු මැද පලාත
රටශ්‍රී ලංකාව

ඉතිහාසය

සමාධි බුදු පිළිම වහන්සේ 4 වන හෝ 5 වන සියවසේ අභයගිරි සමයට අයත් ලෙස සැලකෙන අතර එය කිනම් රජ කෙනෙකුගේ කාලයේදී නිර්මාණය කරන ලද්දේ දැයි නිශ්චිතව නොදනී. නමුත් මෙම පිළිමය එකල උතුරු, දකුණු, නැගෙනහිර හා බටහිර යන සිව් දිශාවන්ට මුහුණ ලා පිහිටවූ එකිනෙකට සමාන පිළිම වහන්සේලා 4 නමකගෙන් එකක් ලෙස පිළිගත් මතයක් පවතී. මෙම පිළිමය දැනට පිහිටි ස්ථානයේදීම 1888 දී හමු වූ අතර ඒ වන විට පිළිමයේ නාසයට හානි සිදුවී තිබුණි. පිළිමය ආවරණය කරමින් තිබෙන උඩු වියන 1950/60 කාල සීමාවේදී පිහිටනු ලැබීය.

පුරාවිද්‍යාඥ ආනන්ද කුමාරස්වාමි මහතා මෙම සමාධි බුදු පිළිමය නිසැකවම ශ්‍රී ලංකාවේ මූර්ති ශිල්පීන්ගේ නිර්මාණයක් බවත් ඉන්දියාවෙන් අතික්‍රාන්තය නොවූවක් ලෙසත් අවධාරණය කර ඇත.

සමාධි බුද්ධ ප්‍රතිමාව බාහිර ලෝකය සමඟ බැඳිමක් හෝ විදැහීමක් නොමැතිව භාවනානුගෝගීව සිටින බුදු රජාණන් වහන්සේගේ මනසේ සන්සුන් බව නිරූපණය කරනු ලැබේ.

ආශ්‍රිත

  • තොළුවිල බුද්ධ ප්‍රතිමාව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 29, 2026

    තාර්කික විභජ්ජවාදය

  • අප්‍රේල් 24, 2026

    ඩබ්ලිව්. ජයසිරි

  • අප්‍රේල් 05, 2026

    Continuum mechanics

  • ජූනි 30, 2026

    ලෝකයේ රටවල්

  • මාර්තු 31, 2026

    බඹරකන්ද ඇල්ල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට