සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශුක්‍රාණු ප්‍රදානය යනු පුරුෂයෙකු (‘ශුක්‍රාණු දායකයා’ ලෙසින් හැඳින්වේ) විසින් තම ලිංගික සහකාරිය නොවන ස්ත්‍රියක ගැබ් ගැන්වීම සඳහා භාවිතා කරනු වස් ඔහුගේ ශුක්‍රාණු

ශුක්‍රාණු දන්දීම

  • මුල් පිටුව
  • ශුක්‍රාණු දන්දීම

ශුක්‍රාණු ප්‍රදානය යනු පුරුෂයෙකු (‘ශුක්‍රාණු දායකයා’ ලෙසින් හැඳින්වේ) විසින් තම ලිංගික සහකාරිය නොවන ස්ත්‍රියක ගැබ් ගැන්වීම සඳහා භාවිතා කරනු වස් ඔහුගේ ශුක්‍රාණු සැපැයුම (හෝ ‘දන්දීම’) වෙයි.

සබැඳි වෛද්‍ය සදාචාර, නීති සහ රීති

තම ශුක්‍රාණු දායකත්වය නිසාවෙන් බිහිවන සැම දරුවෙකුගේම ස්වභාවික හෝ ජීවවිද්‍යාත්මක පියා වන්නේ ශුක්‍රාණු දායකයා වුවත්, සාමාන්‍ය වශයෙන් ඔහු නීතිමය හෝ නීති ප්‍රකාර හෝ පියා ලෙස සැලකීමට බලාපොරොත්තු නොවේ. පසුකලෙක පිතෘක හිමිකම් ඉල්ලා සිටීමට සුදුසුකම් ලැබීමට හෝ පිතෘක බැඳීම් සඳහා වගකීම දැරිමට නියම කරනු ලැබීමට හෝ ඔහු හට විය හෝ නොවිය හෝ හැක්කේ අධිකරණ බලය හා එහි නීති බලපැවැත්වෙන ප්‍රකාරයටය.

බොහෝවිට ශුක්‍රාණු බැංකුවක් හෝ සායනයක් හෝ අනුසාරයෙන් ශුක්‍රාණු දන්දෙනු ලබන අතර, දායක නිර්නාමිකත්වය හා දාරකයන් ගණන පිළිබඳ සීමාකිරීම් ඇතුළු විවිධවූ ප්‍රාන්තමය රෙගුලාසි වලට මෙම ආයතන යටත් වෙති. මවක වීමට අදහස් කරන තැනැත්තියට පෞද්ගලිකව හා සෘජු ලෙසින් ශුක්‍රාණු සැපයීමෙන්, නීතිමය සීමාකිරීම් මගහැරීමට දායකයන් හා ප්‍රතිග්‍රාහකයන් විසින් සමත්වූවද ප්‍රතිග්‍රාහකයාගේ නීතිමය රැකවරණද දායකයාගේ අයිතිවාසිකම් සහ වගකීම්ද ලබාගන්නට බැරිවෙයි.

දායක ශුක්‍රාණුවල ප්‍රාථමික ප්‍රතිග්‍රාහකයන් වන්නේ පුරුෂ අසාරතාවයෙන් පීඩා විඳින අසමලිංගික යුගලයන්, සමලිංගික සේවන ස්ත්‍රී යුගලයන්, සහ යුගල නොවී තනිව ජීවත්වන කාන්තාවන් වෙති. ශුක්‍රාණු බැංකුවක සේවය ලබා ගැනුමේදී, බාහිර පෙනුම, පෞරුෂත්වය, ශාස්ත්‍රීය හැකියාව, ජාතිය, සහ වෙනත් බොහෝ කරුණු මත පදනම් වෙමින් ඔවුන්ගේ දායකයා තෝරාගැනුමෙහි හැකියාව ප්‍රතිග්‍රාහකයන් සතු වෙයි. ස්වයං-වාරණය හෝ නියාමනය හෝ නිසාවෙන්, සමහරක් ශුක්‍රාණු බැංකු විසින්, භව්‍ය ප්‍රතිග්‍රාහකයන් වෙත ලබා දෙන තොරතුරු ප්‍රමාණය වෙත සීමා පනවති; කලින් දන්නා දායකයෙක් සහ/හෝ පෞද්ගලික දායකයක් වෙත ප්‍රතිග්‍රාහකයන් විසින් නැඹුරුවීමට එක් හේතුවක් වන්නේ වැඩි වැඩියෙන් තොරතුරු ලබා ගැනීමට ඇති රිසියයි.

ආශ්‍රිත

  1. Single Mothers by Choice.com
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 30, 2026

    කාබොක්සිලික් අම්ලය

  • අප්‍රේල් 03, 2026

    Capital city

  • මැයි 17, 2026

    මළ මුහුද

  • මැයි 17, 2026

    Southeast Asia

  • ජූනි 16, 2026

    අයිපී ලිපිනය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට