සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නැතහොත් සෙල්ලම් නිරිඳු හෝ කුණ්ඩසාලේ කුමරු යනු සිංහල රාජ වංශයේ අන්තිම සිංහල රජුයි. එතුමා ක්‍රි.ව.1707 සිට 1739 දක්වා මහනුවර රාජධ

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

  • මුල් පිටුව
  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නැතහොත් සෙල්ලම් නිරිඳු හෝ කුණ්ඩසාලේ කුමරු යනු සිංහල රාජ වංශයේ අන්තිම සිංහල රජුයි. එතුමා ක්‍රි.ව.1707 සිට 1739 දක්වා මහනුවර රාජධානියේ රාජ්‍යත්වයට පත් විය. එතුමා II වන විමලධර්මසූරිය රජුගේ පුත්‍රයායි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වයස 17 දි සිහසුනට පත් වූ අතර වසර 32 රාජ්‍යය පාලනය කලේය. එතුමා උගත් මෙන්ම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙකු ලෙස සළකනු ලැබුවේය. පෙර රාජ්‍යත්වය දැරූවන් මෙන් එතුමාද ලන්දේසි ආක්‍රමණිකයන් සමග සමාදානයෙන් කටයුතු කලේය. එමෙන්ම එතුමා සාහිත්‍ය හා ආගමික චිරස්ථිතිය උදෙසා මහඟු කැපවිමක් කලේය. එතුමාගේ බිසව දකුණු ඉන්දියාවේ මදු‍රෙයි නගරයේ නායක්කර් රාජකීය පවුලේ කුමාරිකාවක් වූ ප්‍රමිලා බිසව හැඳින්වේ.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ
ත්‍රිසිංහලාධීශ්වර
ලංකේශ්වර
භූපති
රාජ්‍ය සමය4 ජූනි 1707 - 13 මැයි 1739
අභිෂේකය1707
පූර්වප්‍රාප්තිකයාදෙවන විමලධර්මසූරිය රජ
අනුප්‍රාප්තිකයාශ්‍රී විජය රාජසිංහ රජ
උපත1690; වසර 336 කට පෙර (1690)
ශ්‍රී ලංකාව
මරණය13 මැයි 1739(1739-05-13) (වයස 49)
භූමදානයරාජකීය ආදාහන මළුව, අස්ගිරි විහාරය, මහනුවර, ශ්‍රී ලංකාව
වල්ලභයාබිසෝ රැජින
ප්‍රමිලා දේවි

රාජකීය බිසව
උදුමලේ දේවි

රාජකීය උපභාර්යාව
මොනරවිල දේවි
දරුවන්උනම්බුවේ බණ්ඩාර කුමරු සහ යකඩදොලින්ගෙන් වෙනත් පුතුන්
වංශයදිනජර වංශය
පියාදෙවන විමලධර්මසූරිය රජ
මවදෙවන විමලධර්මසූරිය රජුගේ බිසෝ රැජින වූ මදුරෙයි රැජිනක්
- හදාගත් මව

මුතුකුඩ දේවි (රාජකීය උපභාර්යාව / යකඩ දෝලි) - ජීව විද්‍යාත්මක මව

පටුන

මුහුණ දුන් ප‍්‍රධාන අභියෝගය

ශ‍්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජු මුහුණ දුන් ප‍්‍රධාන අභියෝගය වූයේ උඩරට රාජ සභාවේ රදල ප‍්‍රධානීන් ගේ බලය වැඩී තිබීම යි. මෙම තත්ත්වය සමනය කර ගනුව හේ නායක්කර් පරම්පරාවේ නෑයනට උඩරට රාජ සභාවේ තනතුරු ලබා දිනි. බුදු දහම වැළඳ ගෙන දිගු කලක් භික්ෂූන් ඇසුරේ හැදී වැඩුණු මෙතුමා වැලිවිට සරණංකර හිමියන් ගේ උපදෙස් පරිදි බුරුමයෙන් උපසම්පදාව මෙරටට ගෙන ඒමට කටයුතු කළත් එම ව්‍යායාමය සාර්ථක නොවී ය. ශ‍්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජ දකුණු ඉන්දියානු කුමාරියක සරණ පාවා ගත් නමුත් දරුවන් නොසිටි බැවින් රාජ්‍ය උරුමකරුවකු නොතබා ම වර්ෂ 1739 දී මිය ගියේ ය.

දස්කොන්

ශ‍්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජු ගේ රාජසභා සභිකයකු ලෙස සැලැකෙන දස්කොන් ගේ නම, පේද්‍රෝ ද ගැස්කොන් නම් නාමයෙන් සිංහලයට බිඳී ආවෙකි. ප්‍රංශ ජාතික පියකු ගේ හා පෘතුගීසි ජාතික මවක ගේ පුතු වන මොහු, සිංහල භාෂාව මැනැවින් හැදෑරූ අයෙකි. ඔහුට රජු ගේ ඉන්දීය බිසොවක වූ ප්‍රමිලා කුමරිය සමග අනියම් සම්බන්ධතාවක් තිබිණැ යි ජනප්‍රවාදයෙහි එයි. එවකට (1709 දී) මොහු රජු ගේ මහ අදිකාරම් ධුරයේ කටයුතු කරන්නට තරම් රජු ගේ කුළුපග මිතුරෙක් විය. නමුදු පසුව ඔහු සිරගත කොට මරා දැමීමට රජ නියම කළේ ය.

මේවාද බලන්න

  • මහාවංශය
  • සිංහලේ රාජාවලිය
  • මහනුවර නායක්කාරවරු
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    මුදු කරවලා

  • අප්‍රේල් 04, 2026

    සවුදි අරාබියාව

  • මාර්තු 31, 2026

    කුණකටුවා

  • මාර්තු 11, 2026

    මහාවංශය

  • මාර්තු 31, 2026

    රතු දත්ත පොත

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට