සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සිරි ලක්මාන (සිංහල භාෂාවෙන්),ශ්‍රී ලංකාභිමාන්‍ය (සංස්කෘත භාෂාවෙන්),(ඉංග්‍රීසි: Sri Lankabhimanya, siri lakmana) යනු පුද්ගලයෙකු විසින් "ජාතිය වෙනුවෙන් විදහා පෑ ක

ශ්‍රී ලංකාභිමාන්‍ය

  • මුල් පිටුව
  • ශ්‍රී ලංකාභිමාන්‍ය

සිරි ලක්මාන (සිංහල භාෂාවෙන්),ශ්‍රී ලංකාභිමාන්‍ය (සංස්කෘත භාෂාවෙන්),(ඉංග්‍රීසි: Sri Lankabhimanya, siri lakmana) යනු පුද්ගලයෙකු විසින් "ජාතිය වෙනුවෙන් විදහා පෑ කැපීපෙනෙන සහ විශිෂ්ඨ සේවය" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ ඉහළම සිවිල් ජාතික ගෞරව අභිධානයයි. එය සමස්ථ රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් පිළිගන්වනු ලබයි. මෙම ගෞරවාභිධානය සමකාලීනව දැරිය හැක්කේ ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙකුට පමණක් වන අතර, පුද්ගලයෙකුගේ මරණයෙන් අනතුරුවද මෙම අභිධානය පිරිනැමිය හැකි වේ. සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් දේශබන්ධු යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. 1986 වර්ෂයේ සිට මේ වන විට මෙම ගෞරව නාමය පුද්ගලයෝ අට දෙනෙකුට පමණක් පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාභිමාන්‍ය ගෞරවාභිධාරීන් ලැයිස්තුව
වසර අභිධානලාභියා ක්ෂේත්‍රය ජනාධිපති
1986 රණසිංහ ප්‍රේමදාස දේශපාලනය ජේ.ආර්. ජයවර්ධන
1993 ඩිංගිරි බණ්ඩා විජේතුංග දේශපාලනය රණසිංහ ප්‍රේමදාස
2005 ආතර් සී. ක්ලාක් විද්‍යාව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
2005 ලක්ෂ්මන් කදිර්ගාමර් දේශපාලනය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
2007 ඒ.ටී. ආරියරත්න සිවිල් සේවය මහින්ද රාජපක්ෂ
2007 ලෙස්ටර් ජෙම්ස් පීරිස් සිනමාව මහින්ද රාජපක්ෂ
2007 ක්‍රිස්ටෝපර් වීරමන්ත්‍රී අධිකරණය මහින්ද රාජපක්ෂ
2017 අමරදේව සංගීතය මෙෙත්‍රීපාල සිරිසේන
2023 කරු ජයසූරිය දේශපාලනය රනිල් වික්‍රමසිංහ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    සාකච්ඡාව:ප්‍රස්තාව පිරුළු

  • අප්‍රේල් 04, 2026

    ගජබා රෙජිමේන්තුව

  • අප්‍රේල් 02, 2026

    එක්සත් රාජධානිය

  • මාර්තු 24, 2026

    දර්ශනය

  • මාර්තු 28, 2026

    චෛත්‍ය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට