සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වොල්ගා නදිය(ඉංග්‍රීසි:  Volga River; රුසියානු: Во́лга, IPA: [ˈvoɫɡə]( listen)), යනු යුරෝපයේ දිගම ගංගාවයි. රුසියාවේ පිහිටා ඇති එය මධ්‍යම රුසියාව හරහා දකුණු රුසිය

වොල්ගා නදිය

  • මුල් පිටුව
  • වොල්ගා නදිය

වොල්ගා නදිය(ඉංග්‍රීසි:  Volga River; රුසියානු: Во́лга, IPA: [ˈvoɫɡə]( listen)), යනු යුරෝපයේ දිගම ගංගාවයි. රුසියාවේ පිහිටා ඇති එය මධ්‍යම රුසියාව හරහා දකුණු රුසියාවට සහ කැස්පියන් මුහුදට ගලා යයි. වොල්ගා නදියෙහි දිග කිලෝමීටර් 3,531 (සැතපුම් 2,194) වන අතර ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර 1,360,000 (වර්ග සැතපුම් 530,000) වේ. ඩෙල්ටාවේ දී 8,000 m3/s (280,000 cu ft/s) - 8,500 m3/s (300,000 cu ft/s) ක ජලාපවහන ද්‍රෝණියේ සාමාන්‍ය විසර්ජනය අනුව එය යුරෝපයේ විශාලතම ගංගාව ද වේ. එය රුසියාවේ ජාතික ගංගාව ලෙස පුළුල් ලෙස සැලකේ. පැරණි රුසියානු රාජ්‍යය වන Rus' Khaganate, ක්‍රි.ව. 8 වැනි සියවසේ අගභාගයේ සහ 9 වැනි සියවසේ මැද භාගයේදී වොල්ගා ආශ්‍රිතව ඇති විය. ඓතිහාසික වශයෙන්, ගංගාව විවිධ යුරේසියානු ශිෂ්ටාචාරවල වැදගත් ස්ථානයක් ලෙස සේවය කළේය.

වොල්ගා නදිය
Волга

Volga
The Volga at Ulyanovsk
Map of the Volga drainage basin
පිහිටීම
Countryරුසියාව
CitiesTver, යරෝස්ලාව්ල්, නිෂ්නි නොවොගොරොඩ්, කසාන්, Ulyanovsk, Samara, Saratov, වොල්ගොග්‍රාඩ්, Astrakhan
භෞතික ලක්ෂණ
ජල මූලාශ්‍රය 
 - locationValdai Hills, Tver Oblast
 - coordinates57°9′N 32°36′E / 57.150°N 32.600°E / 57.150; 32.600
 - elevation228 m (748 ft)
ගං මෝයCaspian Sea
 - ස්ථානය
Astrakhan Oblast
 - ඛණ්ඩාංක
45°50′N 47°58′E / 45.833°N 47.967°E / 45.833; 47.967
 - elevation
−28 m (−92 ft)
දිග3,530 km (2,190 mi)
Basin size1,380,000 km2 (530,000 sq mi)
Discharge 
 - locationAstrakhan
 - average8,060 m3/s (285,000 cu ft/s)
ද්‍රෝණියේ ලක්ෂණ
අතු ගංගා 
 - වමKama
 - දකුණOka

ගංගාව රුසියාවේ වනාන්තර, ස්ටෙප්ස් වනාන්තර සහ ස්ටෙප්ස් හරහා ගලා යයි. රාජ්‍යයේ අගනුවර වන මොස්කව් ඇතුළු රුසියාවේ විශාලතම නගර දහයෙන් හතරක් වොල්ගා ජලාපවහන ද්‍රෝණියේ පිහිටා ඇත.

ලෝකයේ විශාලතම ජලාශ සමහරක් වොල්ගා ගඟ ඔස්සේ පිහිටා ඇත. රුසියානු සංස්කෘතිය තුළ ගංගාවට සංකේතාත්මක අර්ථයක් ඇත - රුසියානු සාහිත්‍යය සහ ජනප්‍රවාද බොහෝ විට එය Волга-матушка වොල්ගා-මතුෂ්කා (වොල්ගා මව) ලෙස හඳුන්වනු ලබයි.

ආශ්‍රිත

  • වොල්ගාග්‍රාද්
  • කැස්පියන් මුහුද
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    වන්නම්

  • අප්‍රේල් 04, 2026

    ගෝඨාභය රජ

  • මාර්තු 31, 2026

    අයිසැක් නිව්ටන්

  • අප්‍රේල් 08, 2026

    The Guardian

  • අප්‍රේල් 03, 2026

    Capital city

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට