සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විද්‍යුත් සම්බාධනය යනු, පරිපථයක් වෙත වෝලටීයතාවක් යෙදූ කල එය තුලින් ධාරාව ගලායෑමට ප්‍රතිවිරුද්ධ වීමෙහි ලක්ෂණයෙහි මිනුම වෙයි. ප්‍රමාණාත්මක අයුරින් සැලකූ කල, ප්‍රත

විද්‍යුත් සම්බාධනය

  • මුල් පිටුව
  • විද්‍යුත් සම්බාධනය

විද්‍යුත් සම්බාධනය යනු, පරිපථයක් වෙත වෝලටීයතාවක් යෙදූ කල එය තුලින් ධාරාව ගලායෑමට ප්‍රතිවිරුද්ධ වීමෙහි ලක්ෂණයෙහි මිනුම වෙයි. ප්‍රමාණාත්මක අයුරින් සැලකූ කල, ප්‍රත්‍යාවර්තක ධාරා (ප්‍රධා) පරිපථයක, වෝලයීයතාව සහ ධාරාව අතර සංකීර්ණ අනුපාතය ලෙසින් එය සැලකිය හැකිය. ප්‍රතිරෝධ සංකල්පය ප්‍රධා පරිපථ වෙත විස්තීර්ණය කිරීම සම්බාධනය විසින් සිදුකෙරෙන අතර, විශාලත්වයක් පමණක් සහිත ප්‍රතිරෝධය මෙන් නොව, එය සතුව විශාලත්වයක් සහ කලාවක් යන දෙකම පවතියි. පරිපථයක් වෙත සරල ධාරා (සධා) ප්‍රභවයක් යෙදූ කල , සම්බාධනය සහ ප්‍රතිරෝධය අතර වෙනසක් නොපවතියි; ශුන්‍ය කලා කෝණයක් සහිත සම්බාධනය ලෙසින් ප්‍රතිරෝධය සැලකිය හැකියි.

සංකීර්ණ සම්බාධන තලයෙහි ග්‍රාපිකරූපි නිරූපණයක්

ප්‍රධා පරිපථ වලදී සම්බාධන සංකල්පය හඳුන්වා දීම අවශ්‍ය වන්නේ, සධා පරිපථ වල සාමාන්‍ය ප්‍රතිරෝධයට පරිබාහිර ධාරාව ගැලීමට බාධා පමුණවන වෙනත් යාන්ත්‍රණ ප්‍රධා පරිපථවලදී ක්‍රියාත්මක වන බැවිනි. ප්‍රධා පරිපථ වලදී සැලකිල්ලට ගත යුතු අමතර බාධක යාන්ත්‍රණ දෙකක් පවතියි: ධාරාවන්හී චුම්බක ක්ෂේත්‍ර නිසා සන්නායක වල ස්වයං-ප්‍රේරණය වන වෝල්ටීයතා ප්‍රේරණය (ප්‍රේරණතාව) සහ , සන්නායක අතර වෝලටීයතාව නිසා ප්‍රේරණය වන ස්ථිතිවිද්‍යුත් ආරෝපණ ගබඩා වීම (ධාරණාව). මෙම ආචරණ දෙක නිසා සිදුවන සම්බාධනය සාමුහික වශයෙන් හැඳින්වෙන්නේ ප්‍රතිබාධකය ලෙසින් වන අතර, එය සංකීර්ණ සම්බාධනයෙහි අතාත්වික කොටස තනමින් ප්‍රතිරෝධයට තාත්වික කොටස තැනීමට ඉඩ හරියි.

සම්බාධනය සඳහා සංකේතය සාමාන්‍යයෙන් Z{\displaystyle \scriptstyle Z}{\displaystyle \scriptstyle Z} වන අතර, එහි විශාලත්වය සහ කලාව |Z|∠θ{\displaystyle \scriptstyle |Z|\angle \theta }{\displaystyle \scriptstyle |Z|\angle \theta } යන ආකාරයට ලිවීමෙන් එය නිරූපණය කල හැක. කෙසේවෙතත්, පරිපථ විශ්ලේෂණ කාර්යාවලිය සඳහා, සංකීර්ණ සංඛ්‍යා නිරූපණය බොහෝවිට බලවත් වෙයි. සම්බාධනය යන පදය මුලින්ම භාවිතයට ගැනුනේ ඔලිවර් හෙවිසයිඩ් විසින් 1886 ජූලි මසහිදීය. සම්බාධනය 1893දී සංකීර්ණ සංඛ්‍යාවන් තුලින් නිරූපණය කල පළමුවැන්නා වූයේ ආතර් කෙනලි වෙයි.

සම්බාධනය අර්ථදැක්වෙන්නේ සංඛ්‍යාත වසමෙහිදී වෝල්ටීයතාව සහ ධාරාව අතර අනුපාතය ලෙසිනි. වෙනත් වචනවලින් පැවසුවොත්, එය ω නම් විශේෂිත සංඛ්‍යාතයකදී, තනි සංකීර්ණ ඝාතයක් සඳහා, වෝල්ටීයතා-ධාරාව අනුපාතය වෙයි. වෙනත් වචනවලින් පැවසුවොත්, එය ω නම් විශේෂිත සංඛ්‍යාතයකදී, තනි සංකීර්ණ ඝාතයක් සඳහා, වෝල්ටීයතා-ධාරාව අනුපාතය වෙයි. පොදු වශයෙන් ගත් තල, සම්බාධනය සංකීර්ණ සංඛ්‍යාවක් වන අතර, ප්‍රතිරෝධයට සමාන ඒකක සහිත වෙමින්, එය සඳහා SI ඒකකය ලෙසින් ඕම් (Ω) භාවිතා කරයි.

ආශ්‍රිත

  1. සයන්ස්, පි. 18, 1888
  2. ඔලිවර් හෙවිසයිඩ්, දි ඉලෙක්ට්‍රීෂියන්, පි. 212, 23 ජූලි 1886, ඉලෙක්ට්‍රිකල් පේපර්ස් ලෙසින් යළිමුද්‍රිත, පි 64, ඒඑම්එස් බුක්ස්ටෝර්, ISBN 0-8218-3465-7
  3. කෙනලි, ආතර්. ඉම්පිඩන්ස් (AIEE, 1893)
  4. ඇලෙක්සැන්ඩර්, චාල්ස්; සදිකු, මැතිව් (2006). ෆන්ඩමෙන්ටල්ස් ඔෆ් ඉලෙක්ට්‍රික් සර්කිට්ස් (3, revised ed.). මැක්ග්‍රෝ-හිල්. pp. 387–389. ISBN 978-0-07-330115-0{{cite book}}: CS1 maint: postscript (link)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    රසායනික මූලද්‍රව්‍යය

  • අප්‍රේල් 04, 2026

    මහා බ්‍රිතාන්‍යය

  • අප්‍රේල් 11, 2026

    ජනක් ප්‍රේමලාල්

  • අප්‍රේල් 04, 2026

    කොරවක් ගල

  • අප්‍රේල් 05, 2026

    පළාත් සභා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට