සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

චෝළ රාජ සමය (ක්‍රි.ව 850 - 1250) යනු ද්‍රවිඩ කලාවේ සහ ගෘහ නිර්මාණ ශිල්පයේ සංවර්ධනය සහ කලාත්මක බව පැවති කාලයකි. ඔවුන් ඔවුන්ගේ පුළුල් විජයග්‍රහණයන් මඟින් උපයාගත්

චෝළ කලාව

  • මුල් පිටුව
  • චෝළ කලාව

චෝළ රාජ සමය (ක්‍රි.ව 850 - 1250) යනු ද්‍රවිඩ කලාවේ සහ ගෘහ නිර්මාණ ශිල්පයේ සංවර්ධනය සහ කලාත්මක බව පැවති කාලයකි. ඔවුන් ඔවුන්ගේ පුළුල් විජයග්‍රහණයන් මඟින් උපයාගත් අතිවිශාල ධනය භාවිතයෙන් ද්‍රෝණිය පුරාම විශාල -ස්ථිර ගල් දේවාල සහ විශිෂ්ට ලෝකඩ මූර්ති නිම කරන ලදි.

ශිව නටරාජා ලෙස, නර්තනයට අධිපති, චෝළ පෙරහැර මූර්ති අතර වඩාත්ම ප්‍රකට තේමාවයි.
සෙම්බියන් මහාදේවී රැජින පාර්වතී දෙවඟන ලෙස නිරූපිත චෝළ ලෝකඩ ප්‍රතිමාවක්

පටුන

මූර්ති කලාව සහ ලෝකඩ ශිල්පය

 
අතිශයින් විසිතුරු කරන ලද කුළුණු සහ සියුම් කැටයම්වලින් හෙබි බිත්ති සහිත දාරාසුරම්හි ඓරාවතේස්වර දේවාලය චෝළ කලාවේ සහ ගෘහනිර්මාණ ශිල්පයේ සම්භාව්‍ය නිදසුනකිග
 
ශිව සහ පාර්වතී නිරූපිත චෝළ ලෝකඩ ප්‍රතිමාවක්, ක්‍රි.ව. 1200 පමණ

චෝළ රාජකිය සමය මූර්ති ශිල්පය සහ ලෝකඩ අතින් ඉතා විශිෂ්ට සමයකි. ලොව විවිධ කෞතුකාගාරවල මෙන්ම වර්තමානයේ ඉතිරිව පවතින දකුණු ඉන්දියානු දේවාලවල බොහෝවිට විවිධ සංඛ්‍යා වල වෙනස් වෙනස් ඉරියව් සහිතව මෙන්ම තම භාර්යාව වු පාර්වතී දේවිය සමඟ අනුබද්ධව සිටින සිව දෙවියන් සහ අනෙකුත් දෙවියන්, සායිවේට් දේව මණ්ඩලයේ උප දේවතාවන් සහ දේවතාවන්, විෂ්ණු දෙවියන් සහ ඔහුගේ භාර්යාව වන ලක්ෂ්මී දෙවඟන, නායන්මාර්ස්, වෙනත් ශෛව භක්තික සෘෂිවරුන් සහ බොහෝ දෑ නිරූපිත මූර්ති මෙම සමයේ නිර්මාණය වූ දෑ ලෙස හඳුනා ගත හැකිය. කෙසේනමුත් සාමාන්‍යයෙන් ප්‍රතිමා ශිල්පී සම්ප්‍රධායය ආරම්භ වූයේ දීර්ඝ සංස්කෘතියකින්.ප්‍රතිමා ශිල්පීන් ඔවුන්ගේ සිතුවිළි හින්දු ආගමික ප්‍රතිමාශිල්පයට පමණක් සීමා නොකර නිදහසකින් යුක්තව එකොළොස් වන සහ දොළොස් වන සියවස් අතර කාලයේදී කටයුතු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස, මූර්ති කලාව සහ ලෝකඩ ශිල්ප‍යේ සම්භාව්‍ය ලාලිත්‍යයක්,විභූතිය සහ පරිපූර්ණ රසයක් ඇති විය. මෙයට දිය හැකි කදිම නිදසුන ලෙස නර්තනයේ යෙදෙන නටරාජා ප්‍රතිමාව දැක්විය හැකිය.

ප්‍රතිමා සඳහා යෝජනා

වෙනස් නොවන බලය සහිත දේවාලවල ගල් කැටයම් සහ අභ්‍යන්තර ශුද්ධ ස්ථාන මූර්ති ‍දේවාල නිර්මාණය කිරීම් රැඳි පැවතුණේ, 10 වන සියවස අතරතුරදි ජතතා මතයේ දේවතා ආගමික සංකල්ප පිළිබඳ මතයේ වෙනස්වීමට අනුරූපව පාලකයන්ගේ වෙනස්විම සිඳුවීමත් සමඟය. ප්‍රතිපලයක් ලෙස විශාල වශයෙන් ලෝකඩ ප්‍රතිමාවන් නිතිපතා දේවාලයෙන් පිටත නිමකර පෙරහැරින් යුතුවදේවාල උත්සව වලදී රැගෙන එන ලදි. දැවැන්ත ප්‍රතිමාවන් ප්‍රතිමාවන් රැගෙන ඒමට සකස් කළ ගෝලාකාර හැඩැති තුඩු සහ කුහර හමුවීමෙන් ඒ බව සනාථ වේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 12, 2026

    ශක්ති පීඨ

  • මැයි 17, 2026

    නටන්නැතුව දින්නා

  • මැයි 20, 2026

    නෙබ්රා (පාරාවෝ)

  • මාර්තු 14, 2026

    පූජාවලිය

  • මැයි 02, 2026

    Sabaragamuwa Province

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට