චෝළ රාජ සමය (ක්‍රි.ව 850 - 1250) යනු ද්‍රවිඩ කලාවේ සහ ගෘහ නිර්මාණ ශිල්පයේ සංවර්ධනය සහ කලාත්මක බව පැවති කාලයකි. ඔවුන් ඔවුන්ගේ පුළුල් විජයග්‍රහණයන් මඟින් උපයාගත් අතිවිශාල ධනය භාවිතයෙන් ද්‍රෝණිය පුරාම විශාල -ස්ථිර ගල් දේවාල සහ විශිෂ්ට ලෝකඩ මූර්ති නිම කරන ලදි.


මූර්ති කලාව සහ ලෝකඩ ශිල්පය
චෝළ රාජකිය සමය මූර්ති ශිල්පය සහ ලෝකඩ අතින් ඉතා විශිෂ්ට සමයකි. ලොව විවිධ කෞතුකාගාරවල මෙන්ම වර්තමානයේ ඉතිරිව පවතින දකුණු ඉන්දියානු දේවාලවල බොහෝවිට විවිධ සංඛ්‍යා වල වෙනස් වෙනස් ඉරියව් සහිතව මෙන්ම තම භාර්යාව වු පාර්වතී දේවිය සමඟ අනුබද්ධව සිටින සිව දෙවියන් සහ අනෙකුත් දෙවියන්, සායිවේට් දේව මණ්ඩලයේ උප දේවතාවන් සහ දේවතාවන්, විෂ්ණු දෙවියන් සහ ඔහුගේ භාර්යාව වන ලක්ෂ්මී දෙවඟන, නායන්මාර්ස්, වෙනත් ශෛව භක්තික සෘෂිවරුන් සහ බොහෝ දෑ නිරූපිත මූර්ති මෙම සමයේ නිර්මාණය වූ දෑ ලෙස හඳුනා ගත හැකිය. කෙසේනමුත් සාමාන්‍යයෙන් ප්‍රතිමා ශිල්පී සම්ප්‍රධායය ආරම්භ වූයේ දීර්ඝ සංස්කෘතියකින්.ප්‍රතිමා ශිල්පීන් ඔවුන්ගේ සිතුවිළි හින්දු ආගමික ප්‍රතිමාශිල්පයට පමණක් සීමා නොකර නිදහසකින් යුක්තව එකොළොස් වන සහ දොළොස් වන සියවස් අතර කාලයේදී කටයුතු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස, මූර්ති කලාව සහ ලෝකඩ ශිල්පයේ සම්භාව්‍ය ලාලිත්‍යයක්,විභූතිය සහ පරිපූර්ණ රසයක් ඇති විය. මෙයට දිය හැකි කදිම නිදසුන ලෙස නර්තනයේ යෙදෙන නටරාජා ප්‍රතිමාව දැක්විය හැකිය.
ප්‍රතිමා සඳහා යෝජනා
වෙනස් නොවන බලය සහිත දේවාලවල ගල් කැටයම් සහ අභ්‍යන්තර ශුද්ධ ස්ථාන මූර්ති දේවාල නිර්මාණය කිරීම් රැඳි පැවතුණේ, 10 වන සියවස අතරතුරදි ජතතා මතයේ දේවතා ආගමික සංකල්ප පිළිබඳ මතයේ වෙනස්වීමට අනුරූපව පාලකයන්ගේ වෙනස්විම සිඳුවීමත් සමඟය. ප්‍රතිපලයක් ලෙස විශාල වශයෙන් ලෝකඩ ප්‍රතිමාවන් නිතිපතා දේවාලයෙන් පිටත නිමකර පෙරහැරින් යුතුවදේවාල උත්සව වලදී රැගෙන එන ලදි. දැවැන්ත ප්‍රතිමාවන් ප්‍රතිමාවන් රැගෙන ඒමට සකස් කළ ගෝලාකාර හැඩැති තුඩු සහ කුහර හමුවීමෙන් ඒ බව සනාථ වේ.