සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වික්ටෝරියා වේල්ල, මහවැලි ගංගාවේ ඉහළ කොටසේ (කිලෝමීටර 209) තෙල්දෙණිය නගරයට කිලෝමීටර 6ක් දුරින් පිහිටි දෙආරුක්කු වේල්ලකි. මෙය වික්ටෝරියා ජලාශය වෙනුවෙන් ඉදිකර ඇත. ව

වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව

  • මුල් පිටුව
  • වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව

වික්ටෝරියා වේල්ල, මහවැලි ගංගාවේ ඉහළ කොටසේ (කිලෝමීටර 209) තෙල්දෙණිය නගරයට කිලෝමීටර 6ක් දුරින් පිහිටි දෙආරුක්කු වේල්ලකි. මෙය වික්ටෝරියා ජලාශය වෙනුවෙන් ඉදිකර ඇත. වේල්ල ඉදි කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ වාරි සම්පාදනය සහ ජල විදුලිය නිපදවීමයි. වික්ටෝරියා වේල්ල ශ්‍රී ලංකාවේ උසම වේල්ල [තහවුරු කර නොමැත] වන අතර, එය ශ්‍රී ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරයට (මෙගාවොට් 210) දායකත්වය සපයයි[තහවුරු කර නොමැත]. 1978 දී ඉදිකිරීම් කටයුතු ඇරඹූ මෙය 1985 අප්‍රේල් මස එවකට ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

වික්ටෝරියා වේල්ල
වික්ටෝරියා වේල්ල (2011 දී)
වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව is located in Sri Lanka
වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව
වික්ටෝරියා වේල්ල Sri Lanka තුල පිහිටීම
රටශ්‍රී ලංකාව
තත්වයක්‍රියාත්මක
ඉදිකිරීම ඇරඹුවේ1978 අගෝස්තු 14
වේල්ල සහ වාන් දොරටු
වාන් දොරටු ධාරිතාවය8,200 m3/s (289,580 cu ft/s)

පටුන

ඉතිහාසය

වික්ටෝරියා වේල්ල කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ (Accelerated Mahaweli Development Programme (AMDP)) ඉදි කරන ලදී. මෙම ව්‍යාපෘතිය වසර ගණනාවක් සැලසුම් අදියරේ තිබුණු අතර 1977 දී රටේ පැවැති ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන කඩිනම් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන ලදී. හෙක්ටයාර 365,000 ක භූමි ප්‍රදේශයකට වාරි සම්පාදනය කිරීම හා මෙගාවොට් 600ක විදුලිය නිපදවීම වෙනුවෙන් මෙහි සැලසුම් නිර්මාණය කර තිබුණි. කැනඩාවේ Huntings Technical Services ආයතනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ කණ්ඩායමක් විසින් එක්ව කරන ලද අධ්‍යයනයකින් අනතුරුව වික්ටෝරියා වේල්ල 1964 දී මුල් වරට යෝජනා විය. 1978 අගෝස්තු මස 14 වන දින හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් වික්ටෝරියා වේල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අතර, 1980 දී එහි ප්‍රධාන ව්‍යුහයන් දි කිරීම ක්‍රියාවට නංවන ලදී. එය සම්පූර්ණයෙන් නිම කිරීම 1985 අප්‍රේල් මස 12 දින උත්සවාකාරයෙන් සනි‍ටුහන් කෙරිණි. වේල්ල හා උමග ඉදිකිරීම බ්‍රිතාන්‍ය බද්ධ ව්‍යාපාරයක් වූ බැල්ෆෝර් බියැටි සහ එඩ්මන්ඩ් නටාල් (Balfour Beatty & Edmond Nuttal )විසින් සිදු කරන ලද අතර, විදුලි බලාගාරය ඉදිකිරීම කොටසෙන් විසින් සිදුකරන ලදී. ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරුවන් ලෙස ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ගිබ් සහ හවුල්කරුවෝ කටයුතු කළහ. වේල්ල ඉදිකිරීම හේතුවෙන් ඇස්තමේන්තු ගත ප්‍රමාණය මෙන් සිව්ගුණයක (30,000) ජනකායක් නැවත පදිංචි කිරීමට සිදුවිය.

වේල්ල සහ විදුලි බලාගාරය

වික්ටෝරියා වේල්ල මීටර 122ක උසින්ද, මීටර 520ක දිගකින්ද, මීටර 6ක පළලින් හා මීටර 25ක් පළල පදනමකින්ද යුක්ත වෙයි. මෙම වේල්ල මාර්ගයෙන් වික්ටෝරියා ජලාශය නිර්මාණය කරන ලද අතර එම ජලාශය වර්ග කිලෝමීටර 22.7ක මතුපිට ප්‍රදේශයක පැතිර තිබෙන අතර, ඝන මීටර 722,000,000ක ජල ධාරිතාවයකින් හා වර්ග කිලෝමීටර 1869ක ජලාධාරක ප්‍රදේශයකින් සමන්විත වේ.

වේල්ලෙන් එන වික්ටෝරියා ජලාශයේ ජලය, මීටර 5646ක දිගින් යුතු උමඟක් හරහා විදුලි බලාගාරය වෙත ගෙනයනු ලැබේ. එහි මිටර 6.2ක බැගින් විශ්කම්භය සහිත කො‍ටු දොරවල් (penstocks) 3ක් පවතින අතර මෙම කො‍ටු දොරවල් මීටර 190ක ශුද්ධ ජල පීඩනයක් නිර්මාණය කර ටර්බයින 3 කට (මෙගාවොට් 70ක හා කිලෝවොට් 12.5ක) ජලය නිකුත් කරනු ලැබේ. මෙම ටර්බයින වලට වාර්ෂිකව ගිගාවොට් පැය 780ක් දක්වා විදුලිය නිපදවීමේ හැකියාව පවතී.

වික්ටෝරියා වේල්ල එකක් මීටර 12.5ක පළලින් හා මීටර 6.5ක දිගින් යුතු වාන් දොර‍ටු 8කින් සමන්විත වෙයි. මෙම වාන් දොර‍ටු ජල මට්ටම ඉහළ යාමේදී ස්වයංක්‍රීයව විවෘත වේ. මෙම වාන් දොර‍ටු නිර්මාණය (වැසීම සඳහා පමණක් බලය යොදවන) සිවිල් ඉංජිනේරුවන්ගේ ආයතනය වෙතින් නව්‍ය සිවිල් ඉංජිනේරු නිර්මාණය යන සම්මානය දිනා ගන්නා ලදී. වාන් දොර‍ටු 8 හි සම්පුර්ණ සඵල පළල මීටර 100ක් වන අතර එය ඝනමීටර 8200ක උපරිම ජලය මුදා හැරීමකට සහය දක්වයි. මීට අමතරව පහත් මට්ටමින් වාන් දොර‍ටු 2ක් වේල්ලේ පදනමේ පිහිටා තිබෙන අතර ඒවා වේල්ල පි‍ටුපස එකතු වන රොන්මඩ ඉවත් කිරීම සඳහා භාවිතා කරයි.

 
වික්ටෝරියා වේල්ල සහ ජලාශයේ හාත්පස දර්ශනයක්.

ගැලරිය

  •  
    වික්ටෝරියා වේල්ලේ විදුලි බලාගාරය
  •  
    වික්ටෝරියා වේල්ල
  •  
    වික්ටෝරියා වේල්ල මුදුන
  •  
    වික්ටෝරියා වේල්ල වාන් දොරටු
  •  
    වික්ටෝරියා වේල්ල

ආශ්‍රිත ලිපි

  • වික්ටෝරියා ජලාශය
  • ශ්‍රී ලංකාවේ ගංගා නාමාවලිය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 15, 2026

    ලෝවාමහාපාය

  • මාර්තු 10, 2026

    සිංහල අක්ෂර වින්‍යාසය

  • මාර්තු 16, 2026

    දළදා වහන්සේ

  • අප්‍රේල් 04, 2026

    Andhra Pradesh

  • අප්‍රේල් 04, 2026

    ඉන්දියාවේ අධිරාජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට