සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බි‍්‍රතාන්‍ය කිරීටය වැඩිම කලක් දරන ලද්දේ වික්ටෝරියා රැජිණ විසින් වන අතර, ඇගේ පාලන සමය තුළ සිදු වූ සංස්කෘතික, දේශපාලනික, ආර්ථි’ක, කාර්මික හා විද්‍යාත්මක වෙනස්කම්

වික්ටෝරියා යුගය

  • මුල් පිටුව
  • වික්ටෝරියා යුගය
වික්ටෝරියා රැජින

හැඳින්වීම

බි‍්‍රතාන්‍ය කිරීටය වැඩිම කලක් දරන ලද්දේ වික්ටෝරියා රැජිණ විසින් වන අතර, ඇගේ පාලන සමය තුළ සිදු වූ සංස්කෘතික, දේශපාලනික, ආර්ථි’ක, කාර්මික හා විද්‍යාත්මක වෙනස්කම් විශිෂ්ටය. වික්ටෝරියා ඔටුන්න ලබා ගත් සමය වන විට බි‍්‍රතාන්‍ය මූලිකවම කෘෂිකාර්මික හා ග‍්‍රාමීය මට්ටමෙන් පැවතුණි. (ඉන් පසුව එය ලොව වඩාත් කාර්මීකරණය වූ රට බවට පත් වුන ද* ඇගේ මරණයෙන් පසු රට අතිශයින් කාර්මීකරණය වූ අතර, දුම්රිය මාර්ග ජාලයකට සම්බන්ධ විය. වික්ටෝරියා රැුජිනගේ පාලනයේ මුල් දශක කීපය තුළ වසංගත ගණනාවක් ඇති විය. එනම්, ටයිපොයිඞ් (උණ සන්නිපාතය*, කොලරාව, අස්වනු හිඟවීම හා ආර්ථික බිඳවැටීම් ය. නැපෝලියන් යුද සමය අතරතුර බි‍්‍රතාන්‍ය කෘෂිකර්මය ආරක්ෂා කිරීම පිණිස පනවන ලද ඉරිඟු පිළිබඳ නීති සංශෝධනය කරන ලෙස ද ඉල්ලමින් කළ කැරළි බහුල විය.

චාල්ස් ලියෙල් සහ චාල්ස් ඩාවින් විසින් කරන ලද සොයාගැනීම් නිසා මනුෂ්‍යත්වය, ලෝකය, විද්‍යාව, ඉතිහාසය, ආගම සහ දර්ශනය පිළිබඳ ව ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවති අදහස් නැවත සාකච්ඡුාවට බඳුන් විය. එමෙන්ම දුම්රිය මාර්ග ජාලයට රට විවෘත වීමත් සමග, කුඩා ජන සමාජ නගර බවට පත් වෙමින්, ඒවාට සමස්ත ආර්ථික පද්ධතියට ඇති ප‍්‍රවේශය වඩ වඩා ඉහළ ගියේය.

වික්ටොරියානු යුගයේ මැද අවධිය තුළ ද සැලකිය යුතු සමාජීය වෙනස්කම් දැකිය හැකිය. කාන්තා අයිතිවාසිකම් පිළිබඳ නීති ප‍්‍රතිසංස්කරණ මාලාවක් සමග ඉවැන්ජලික පුනර්ජීවනයක් ද ඇති විය. වික්ටෝරියානු යුගය තුළ කාන්තාවන්ට ඡුන්ද බලය හිමි නොවූ නමුත්, විවාහක කාන්තාවන්ගේ දේපළ පිළිබඳ පනත යටතේ ඔවුන්ට සිය දේපළ අයිතිය ද, දික්කසාද වීමේ අයිතිය ද, වෙන්වීමකදී දරුවන්ගේ භාරකාරත්ව අයිතිය ද හිමි විය.

එම යුගය තුළ බි‍්‍රතාන්‍යය යුද්ධයේ නිරතව සිටි අතර ප‍්‍රමියස් යුද්ධය ද පැවතුණි. එහෙත් දීර්ඝ කාලීනව සාමය හා ආර්ථික, යටත් විජිත සහ කාර්මික දියුණුව ස්ථාපනය විය. එම ශතවර්ෂය අවසාන වන විට නව යටත් විජිතවාදී ප‍්‍රතිපත්ති හේතුවෙන් ගැටුම් ඇති විය. අවසානයේ ඇන්ග්ලෝ - සැන්සිබාර් යුද්ධය සහ බෝර් යුද්ධය හට ගැණුනි. අභ්‍යන්තර වශයෙන් ක‍්‍රමික ලිබරල් දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙනු ලැබූ අතර, එය ඡුන්ද බලය ලබා දීම අරමුණු කර ගනිමින් සිදු විය.

මෙම යුගයේ මුල් අවධිය තුළමහජන මන්ත‍්‍රී මණ්ඩලය ‘විග්’ සහ ‘ටෝරී’ යන පක්ෂ දෙකෙන් සමන්විත විය. 1850 සිට විග් පාර්ශවය ලිබරල් ලෙසත්, ටෝරි පාර්ශවය ගතානුගතික ලෙසත් වර්ධනය විය. ප‍්‍රධාන නායකයින් ලෙස මෙල්බර්න් සාමි, සර් රොබට් පීල්, ඩර්බි සාමි, පැල්මර්ස්ටන් සාමි, විලියම් ග්ලැට්ස්ටෝන්, බෙන්ජමින් ඩිස්රායලි සහ සැලිස්බරි සාමි හැඳින්විය හැකිය. වික්ටෝරියානු යුගයේ අවසන් සමය වන විට අයර්ලන්තය පාලනය කිරීම පිළිබඳ ගැටළු මතු වූ අතර, එහිදී ග්ලැඞ්ස්ටෝන් දේශපාලනික සමථයකට යාම පිළිබඳ ව කළ යෝජනා කැපී පෙනේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    අනුර බණ්ඩාරනායක

  • අප්‍රේල් 03, 2026

    සම්මා සම්බුදුවරු

  • අප්‍රේල් 07, 2026

    ජනිත් ඉද්දමල්ගොඩ

  • අප්‍රේල් 06, 2026

    තමිල්නාඩු ප්‍රාන්තය

  • අප්‍රේල් 05, 2026

    බඹරු ඇවිත්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට