සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බ්‍රහස්පතිගේ සය (6) වැනි චන්ද්‍රයා වන යුරෝපා ක්‍රි.ව. 1610 දී ගැලීලියෝ ගැලිලි විසින් සොයාගන්නා ලදී. (නමුත් සමහරුන් දරනා මතය වනුයේ ගැලීලියෝ ගෙන් ස්වාධීනව සයිමන්

යුරෝපා (චන්ද්‍රයා)

  • මුල් පිටුව
  • යුරෝපා (චන්ද්‍රයා)

බ්‍රහස්පතිගේ සය (6) වැනි චන්ද්‍රයා වන යුරෝපා ක්‍රි.ව. 1610 දී ගැලීලියෝ ගැලිලි විසින් සොයාගන්නා ලදී. (නමුත් සමහරුන් දරනා මතය වනුයේ ගැලීලියෝ ගෙන් ස්වාධීනව සයිමන් මේරියස් (Simon Marius ) විසින් මෙම උප ග්‍රහයා සොයා ගන්නා ලද බවයි) යුරෝපා චන්ද්‍රයාට එම නම ලැබී ඇත්තේ පොලිතීෂියානු මාත්‍යා කථාවල පැවතෙන වංශවත් කාන්තාවකගේ නමිනි. ඇය සියුස් (Zeus ) විසින් ආලය කරනු ලැබූ ක්‍රීට් (Crete) හි රැජිණ බවට පත්වූ බව පැවසේ.

යුරෝපා
True color image taken by the Galileo probe
Europa's trailing hemisphere, as seen by the Galileo spacecraft. The prominent crater in the lower right is Pwyll. Darker regions are areas where Europa's primarily water ice surface has a higher mineral content.
සොයාගැනීම
සොයාගත් තැනැත්තේගැලිලි, ගැලී‍ලියෝ
මරියුස්, සිමොන්
සොයාගත් දිනයජනවාරි 7, 1610
නිලනාමයන්
විකල්ප නම්ජුපිටර් II
විශේෂණයයුරෝපානු
කක්ෂීය ලක්ෂණ
කාලාරම්භය ජනවාරි 8, 2004
පරිදුරාන්තිකය664 862 කිමී
විදුරාන්තිකය676 938 කිමී
මධ්‍යන්‍යය කක්ෂ අරය670 900 කිමී
උත්කේන්ද්‍රියතාවය0.009
කක්ෂීය කාලාවර්තය3.551 181 දි
සාමාන්‍යය කක්ෂීය වේගය13.740 කිමී/තත්
ආනතිය0.470° (බ්‍රහස්පතිගේ සමකයට සාපේක්ෂව)
මෙහි චන්ද්‍රිකාවකිබ්‍රහස්පති
භෞතික ගුණාංග
මධ්‍යන්‍යය අරය1569 km (0.245 Earths)
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය3.09×107 km2 (0.061 Earths)
පරිමාව1.593×1010 km3 (0.015 Earths)
ස්කන්ධය4.80×1022 kg (0.008 Earths)
මධ්‍යන්‍යය ඝණත්වය3.01 g/cm3
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය1.314 m/s2 (0.134 g)
මිදුම් ප්‍රවේගය2.025 km/s
භ්‍රමණ කාලාවර්තයSynchronous
ආක්ෂක ආනතිය0.1°
ප්‍රභානුපාතය0.67 ± 0.03
පෘෂ්ඨීය උෂ්ණත්වය අවම මධ්‍යන්‍යය උපරිම
Surface ~50 K 102 K 125 K
දෘශ්‍ය විශාලත්වය5.29 (opposition)
වායුගෝලය
පෘෂ්ඨීය පීඩනය0.1 µPa (10-12bar)

ගැලීලියානු චන්ද්‍රයින් අතරින් කුඩාම චන්ද්‍රයා වන්නේ යුරෝපා චන්ද්‍රයායි. කි.මි. 3000 කට මදක් වැඩි විෂ්කම්භයකින් යුතු යුරෝපා පෘථිවියේ චන්ද්‍රයාට වඩා කුඩා වන්නේ ස්වල්ප වශවයනි. සෞරග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයින් අතර සයවැනියට විශාල මෙය එයට වඩා කුඩා සියළුම උපග්‍රහයන්ගේ ස්ක්ධවල එකතුවටත් වඩා වැඩි ස්කන්ධයක් දරයි. මෙහි හරය සිලිකේට් පාෂාන වලින් සහ යකඩ වලින් සමන්විත වේ. යුරෝපාහි තුනීවායු ගෝලයේ මූලික සංඝටකය ඹක්සිජන්වේ. අයිස් වලින් සැදි යුරෝපාහි මතුපිට පෘෂ්ඨය සෞරග්‍රහ මණ්ඩලය තුල දක්නට ලැබේන සුමටම පෘෂ්ඨයන්ගෙන් එකක් ලෙස සැලකේ. ආවාටයන්ගෙන් දුලබ වූ මෙම නැවුම් මතුපිට පෘෂ්ඨය පැළුම් නිසා වයිරම් වැටුණු ස්වභාවයක් උසුලයි. මෙම නැවුම් සහ සුමුදු බව නිසාම මෙම පෘෂ්ඨයට යටින් ජලයෙන් සෑදුණු මුහුදක් පවතින බවට උපකල්පනයක් පවතී. උදම් මගින් ජනනය වූ තාප ශක්තිය මෙම මුහුද ද්‍රව තත්වයෙන් පවත්වා ගැනීමට හේතුවේ. මෙය පිටසක්වළ ජීවයට වාසස්ථානයක් වීමටද ඉඩ ඇත.

2007 වසර වන විටත් ආසන්නයෙන් පියඹා යෑමේ මෙහෙයුම් වලට පමණක් (only fly by mission) යුරෝපා ලක් වී ඇත. යුරෝපාහි ඇති කුතුහලය දනවන ලක්ෂණ පරීක්ෂණ බොහෝ ප්‍රමාණයකට මඟ පාදා ඇත.ගැලිලීයෝ මෙහෙයුම් මගින් යුරෝපා පිළිබඳව වත්මන් දත්ත බොහොමයක් අනාවරණය කෙරුනු අතර 2005 දී අවලංගු වු ජුපිටර් අයිස් මූන් එබ්ටර් (Jupiter Icy moon Orbiter) මෙහෙයුම් යුරෝපා , ගැනිමේඩ් හා කැලිසටෝ යන චන්ද්‍රයින් පාදක කරගත් එකක් විය. පිටසක්වල ජීවය පිලිබඳ උපකල්පනය මෙම චන්ද්‍රයාට විශේෂිත ස්ථානයක් හිමිකර දී ඇති අතර අනාගත මෙහෙයුම් වලදී විශේෂ නවාතැන් පලක් බවට යුරෝපා චන්ද්‍රයා පත් කර ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    උලකුඩය දේවිය

  • අප්‍රේල් 07, 2026

    චන්ද්‍රගුප්ත මෞර්ය

  • අප්‍රේල් 10, 2026

    Northeast Asia

  • අප්‍රේල් 04, 2026

    චාල්ස් ඩාවින්

  • අප්‍රේල් 05, 2026

    ගවුමී සලාම්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට