සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මහින්ද තෙරණුවන් මහින්ද්‍ර (සංස්කෘත: महिन्द्र; ඉංග්‍රීසි: Mahindra) (මිහිඳු) නමින් ක්‍රි.පූ. 3 වන සියවසේදී මගධ රටේ (දැනට භාරතයේ බිහාර්) උපත ලැබීය. මෞර්ය අධිරාජ්‍

මහින්ද තෙරණුවෝ

  • මුල් පිටුව
  • මහින්ද තෙරණුවෝ

මහින්ද තෙරණුවන් මහින්ද්‍ර (සංස්කෘත: महिन्द्र; ඉංග්‍රීසි: Mahindra) (මිහිඳු) නමින් ක්‍රි.පූ. 3 වන සියවසේදී මගධ රටේ (දැනට භාරතයේ බිහාර්) උපත ලැබීය. මෞර්ය අධිරාජ්‍යයේ අශෝක අධිරාජයාගේ පුතුවේ. බෞද්ධ ප්‍රභව වල විස්තර කර ඇති පරිදි මහින්ද රහතන් වහන්සේ විසින් බුද්ධ ධර්මය ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.

මහින්ද තෙරණුවෝ
මහින්ද
මහෙමෙව්නා අසපු ආරාමයේ වූ මහින්ද මහරතන් වහන්සේගේ ප්‍රතිමාවක්
ආගමබුද්ධාගම
නිකායථෙරවාද
පෞද්ගලික තොරතුරු
ජාතිකත්වයඉන්දියානු
උපතමහේන්ද්‍ර (සංස්කෘත)
ක්‍රි.පූ. 3වන සියවස
උජ්ජේනි, අශෝක යුගය, ඉන්දියාව
මරණයඋත්තිය රජ දවස
අනුරාධපුර, ශ්‍රී ලංකාව
Resting place
ශ්‍රී ලංකාව
පවුල
දෙමව්පියෝඅශෝක (පියා)
දේවි (මව) Sisterසොයුරිය =සංඝමිත්තා තෙරණිය
මිහින්තලේ මහින්ද තෙරණුවන්ගේ ඇඳ

පටුන

ඓතිහාසික මූලාශ්‍ර

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික හා ආගමික පසුබිමක් සහිත ග්‍රන්ථ දෙකක් වන දීපවංසය සහ මහාවංසය හි, මහින්දාගමනය හා දේවානම්පියතිස්ස රජතුමා බුද්ධධර්මය වැළඳ ගැනීම පිළිබඳව සඳහන් වේ.

චරිතාපදානය

මහින්ද හැදී වැඩුනෙ විදිශ නම් ගමෙහි එතුමාෙග් මවත් සමගය. 20 වන වියෙහිදී මොග්ගලීපුත්ත-තිස්ස හිමි නම යටතෙ පැවිදි බවට පත්විය. මහින්ද තෙරණුවන්ගෙ පියානන්ගෙ අාගමික ගුරුතුමා වූ උන්වහන්ෙස් මහින්ද තෙරණුවන්ටද තිපිටකය පිළිබඳව මනා නිපුණත්වයක් ලබා දෙන ලදී. මිහිඳු හිමියන් ශීලංකාෙව් බුද්ධ ධර්මය පචාරය කිරීම සඳහා උන්වහන්ෙස්ෙග් පියාණන් වූ ධර්මාෙශා්ක රජු විසින්, ඉත්තිය, උත්තිය, සම්බල සහ භද්ධසාල (සංඝමිත්තා තෙරණිය ෙග පුතණුවන්) යන හිමි වරුන් සමග ශී ලංකාවට වැඩම කරවන ලදී. ඒ 3 වන ධර්ම සංඝායනාවෙන් පසුව මොග්ගලීපුත්ත-තිස්ස තෙරණුවන්ෙග් අනුශාසනාවන්ට අනුවය. මෙම ගමනට සුමන සාමෙෙන්ර නම හා මිහිඳු හිමියන්ගෙ ඥාති මුනුපුෙරකු වූ භන්ඩුක උපාසක ද සහභාගී වී ඇත. මෙම පිරිස වෙදසගිරි නම් වූ විහාරයෙ හි සිට ගමන් අරඹා ඇත. එම ස්ථානය අද සාංචි විහාරය ලෙස විශ්වාස කෙෙර්.

මහාවංශයට හා දීපවංශයට අනුව මෙම පිරිස පසලොස්වක දිනයක පැවති ජාතික උත්සවයක් අතරතුර ලක්දිවට පැමිණ ඇත. එම මොහොතේ දේවානම්පියතිස්ස රජතුමා මිහින්තලේ දී මුව දඩයමේ යෙදෙමින් සිට ඇත. එහි සඳහන් අන්දමට අශෝක රජතුමා හා දේවානම්පියතිස්ස රජතුමා කලින් දැන හැඳිනගෙන සිටි අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තෑගි බෝග හුවමාරු කරගෙන ඇත.

වැදගත්කම හා උරුමය

මිහිඳු හිමි ලක්දිවට වැඩම කර පසු මෙරට බුදු දහම පැතිර ගියේය.වෘක්ෂ වලට හා පර්වත ආදියට වන්දනාමාන කළ මෙරට මිනිසුන් බුදු දහම ඇදහීමට හා පිළිගැනීමට පටන් ගත්තේය.ඉන් පසුව භික්ෂුනි සාසනය ඇරඹීමට ද උන්වහන්සේ විසින් විශාල මෙහෙයක් ඉටු කර ඇති බව ඉතිහාසයේ පැවසේ.ඒ සඳහා උන්වහන්සේගේ සහෝදරිය වූ සංඝමිත්තා තෙරණිය ද උපකාර කල සේක.මහින්ද සහ ඔහුගේ සෙසු මිෂනාරිවරුන් ඔවුන්ගේ කඳවුරුවල සිට අඛණ්ඩව දේශනා කළ අතර, බුද්ධාගම වේගයෙන් ව්‍යාප්ත වූ අතර, බොහෝ ශ්‍රී ලාංකිකයන් බෞද්ධ භික්ෂූන් බවට පත්විය.දෙවන සියවස වන විට වෙළෙන්දන්, වෙළඳුන් සහ බෞද්ධ වන්දනාකරුවන් බෞද්ධ අදහස් චීනයට ව්‍යාප්ත කිරීමට උදව් කළහ. බුද්ධාගම කර්මය, පුනරුත්පත්තිය, නිරය, භික්ෂූන් සහ ආරාම වැනි නව අදහස් චීන ජාතිකයින්ට ඉදිරිපත් කළේය. බුදුදහම චීනයේ, විශේෂයෙන් කොන්ෆියුසියානුවන්ගෙන් විරෝධයට ලක් වූ නමුත්, වර්ධනය වී සමෘද්ධිමත් වීමට සමත් විය.

අමතර අවධානයට

  • ශ්‍රී ලංකාවේ බුද්ධාගම
  • තිස්ස රජ සහ දේවානම්පිය තිස්ස රජ

බාහිර ඈදුම්

  • Mahinda Thera
  • The arrival of Buddhism in Sri Lanka සංරක්ෂණය කළ පිටපත 2021-02-08 at the Wayback Machine
  • The Birthplace Buddhism in Sri Lanka සංරක්ෂණය කළ පිටපත 2016-01-19 at the Wayback Machine
  • Historical Buddhist details of Sri Lanka
  • Buddhism, The Buddha and what are His Teachings? සංරක්ෂණය කළ පිටපත 2007-09-29 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    රසායනික ද්‍රව්‍යය

  • අප්‍රේල් 04, 2026

    ග්‍රීසියේ ඉතිහාසය

  • මාර්තු 12, 2026

    කුසුමාසන දේවි

  • මාර්තු 31, 2026

    නියඟය

  • මාර්තු 27, 2026

    ශ්‍රී ලංකාවට අයත් දූපත් නාමාවලිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට