සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බොස්නියන් යුද්ධය යනු 1992 - 1995 අතර කාලය තුළදී බොස්නියා සහ හර්සගොවිනා තුළ සිදු වූ අවි ගත් ගැටුමකි. 1992 මුල් භාගයේ දී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවකට පසුව, 19

බොස්නියානු යුද්ධය

  • මුල් පිටුව
  • බොස්නියානු යුද්ධය

බොස්නියන් යුද්ධය යනු 1992 - 1995 අතර කාලය තුළදී බොස්නියා සහ හර්සගොවිනා තුළ සිදු වූ අවි ගත් ගැටුමකි. 1992 මුල් භාගයේ දී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවකට පසුව, 1992 අප්‍රේල් 6 දින යුද්ධය ආරම්භ වූ බව පොදු පිළිගැනීමයි. යුද්ධය 1995 දෙසැම්බර් 14 දින අවසන් විය. සටන් වැදුණු ප්‍රධාන පාර්ශව වූයේ බොස්නියා සහ හර්සගොවිනා ජනරජය සහ බොස්නියානු සර්බියන්වරු හා බොස්නියානු ක්‍රෝඒෂියන්වරු විය. සටන් වැදුණු බොස්නියානු සර්බියන්වරු රිපබ්ලිකා ස්පර්ස්කා යනුවෙන් හැඳින්වුණු අතර ඔවුන්ට සර්බියාවේ ආධාර ලැබුණි. හර්සෙග් බොස්නියා යනුවෙන් හැඳින්වුණු සටන් වැදුණු බොස්නියානු ක්‍රෝඒෂියන්වරුට ක්‍රෝඒෂියාවේ ආධාර ලැබුණි.

යුද්ධය යුගෝස්ලාවියාව බිඳවැටීමේ අතුරු ප්‍රතිඵලයක් ද විය. 1991 දී සමාජවාදී ෆෙඩරල් යුගොස්ලාවියානු ජනරජයෙන් ස්ලෝවේනියාව සහ ක්‍රෝඒෂියාව වෙන්ව යාමෙන් පසු බහු-වාර්ගික සමාජවාදී බොස්නියා සහ හර්සගොවිනා ජනරජය නිදහස සඳහා ජනමත විචාරණයක් 1992 පෙබරවාරි 29 සම්මත කර ගත්තේය. බොස්නියා සහ හර්සගොවිනා හි ප්‍රධාන වශයෙන් මුස්ලිම්වරු (44%) වාසය කල අතර ඕතඩොක්ස් සර්බියන්වරු (32.5%) සහ කතෝලික ක්‍රෝඒශියන්වරු (17%) ද වාසය කළහ.

ජනමත විචාරණය වර්ජනය කල බොස්නියානු සර්බියන්වරුන්ගේ දේශපාලන නියෝජිතයෝ එය ප්‍රතික්ෂේප කළහ. බොස්නියා සහ හර්සගොවිනා හි නිදහස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ බොස්නියන් සර්බියානුවන්, රඩෝවාන් කැරඩිච් ගේ යටතේ සහ Scobodan ගේ සර්බියානු රජයේ සහ යුගොස්ලාවියානු මහජන හමුදාවේ ආධාර ඇතිව ඔවුන්ගේ හමුදා බොස්නියා සහ හර්සගොවිනාවට යවන ලදී. එමගින් ඔවුන් බොස්නියාව තුළ තිබූ සර්බියානුවන්ගේ වාර්ගික භූමි ප්‍රදේශ රැක ගැනීමට අපේක්ෂා කළහ. එමගින් වාර්ගික ජන සංහාරයක් ද සමග මුළු රට පුරාම වේගයෙන් යුද්ධය පැතිර ගියේය. ගැටුම මූලික වශයෙන් පැවතුණේ එක් පසෙක බොස්නියාවේ යුගොස්ලාවියානු හමුදා ඒකක (පසුව රිපබ්ලිකා ස්ප්ර්ස්කා බවට පත් වූ) සහ අනෙක් පස බොස්නියා සහ හර්සගොවිනා ජනරජයේ හමුදාව (විශාල වශයෙන් බොස්නියැක්වරුන්ගෙන් සමන්විත වූ) අතරය. 1992 අවසන් භාගය වන විට ක්‍රෝඒෂියානුවන් සහ බොස්නියැක්වරු අතර ද අසමගිය වර්ධනය වන්නට විය. එනිසා 1993 මුල් භාගය වන විට ක්‍රෝඒෂියන්-බොස්නියැක් යුද්ධයක් හට ගැනුණි. බොස්නියානු යුද්ධය කටුක සටන්,ගම් නගරවල ෂෙල් වෙඩි පිපිරීම්, වාර්ගික සංහාර ආදියෙන් සමන්විත විය. සරෙජිවෝ අත්පත් කරගැනීම සහ ස්‍රේබ්‍රේනිකා සමූහ ඝාතනය එම යුද්ධයේ වඩාත් කතාබහට ලක් වූ සිදුවීම් විය.

ආරම්භයේදී සාර්බියානු ගැටුම්කාරින් යුධමය වශයෙන් වඩාත් බලවත් විය. ඒ JNA මගින් ඔවුන් වෙත සපයන ලද ආයුධ සහ සම්පත් හේතුවෙනි. නමුත් 1994 දී රිපබ්ලිකා ස්ප්ර්ස්කාට එරෙහිව බොස්නියානු සහ ක්‍රෝඒෂියානු ගැටුම්කාරින් එක් වීමත් සමග සර්බියානුවන් දුර්වල වන්නට විය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    බටදොඹ ලෙන

  • අප්‍රේල් 05, 2026

    Jimmy Wales

  • මාර්තු 31, 2026

    ශ්‍රී ලංකාවේ පාසල් ලැයිස්තුව

  • මාර්තු 23, 2026

    ගෞතම බුදුන් වහන්සේ

  • අප්‍රේල් 05, 2026

    Encyclopædia Britannica

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට