බිසෝ කොටුව යනු වැවකින් ජලය බෙදා හැරීමේ දී ඇති විය හැකි පීඩනයෙන් එහි වේල්ල ඇරැකැගැනීමට යෙදූ උපක්‍රමයකි. වැව හා සබැඳි විශිෂ්ඨතම නිමැවුම බිසෝ කොටුව යැ යි සැලැකේ.මෙය කුඩා ළිදක හැඩයෙන් යුතුව නිර්මාණය කර ඇති ආකාරය පැරණි වාරි මාර්ග පිරික්සා කරන ව්ට පෙනි යයි. අතීත ඉංජිනේරුවන්ගෙ විශිෂ්ටත්වය විදහා පාන්නක් ලෙස දැක්විය හැකිය.ජලය පිටතට යනවිට ජල පහරෙ වේගයට වැව් බැම්ම කාදනයට ලක් විය හැක එය වැලැක්විම බිසොකොටුව මගින් සිදු කරයි.
සැකැස්ම
චුල වංශයට අනුව බිසෝ කොටුව කොටස් 03 කට බෙදේ.
- වැවින් ළිඳට වතුර බසින බෝක්කුවක්
- ළිඳේ සිට බන්ධනයෙහි පිටස්තර බෑවුමෙහි අඩිය දක්වා බඳින ලද ජලය පිට කරන බෝක්කුවක්
- ගැඹුරට කණින ලද විවෘත ඝෘජුකෝණාස්‍ර ළිඳක් හෝ වළක්. බිසෝ කොටුවේ දිය මුදා හරිනු ලබන දොරෙහි විවරය ලොකු කිරීමට හෝ කුඩා කිරීමට ඔසවන හා පහත් කරන උපකරණය "මොහොල" නමි.මෙය "මොහොල්නනගා" ලෙස ඉතිහාස පොත්වල අන්තර්ගගත වේ.
ක්‍රියාකාරීත්වය
බිසෝ කොටුව යනු වැව් පතුලේ නිමැවූ හරි හතරැස් ලිඳෙකි. ලිඳේ එක් පසෙකැ අති සිදුරෙකින් ඇතුලු වන වැව් ජලය ඊට ම ප්‍රතිවිරුද්ධ දිශාවේ ඇති සිදුරෙන්, ගල් නළයක් හරහා, සොරොව්වට යයි. බිසෝ කොටුව හැම විට ම වතුරෙන් පිරී තිබෙයි.
සොරොව්ව ඇරිය විට, බිසෝ කොටුව ස්වයංක්‍රීය වැ ලීවරයකින් (මොහොල) ක්‍රියා කරයි. ඉන් පසු සොරොව්වට ජලය ගෙනැයයි. වැවේ දිය ගලායෑමේ වේගය පාලනය කරන බිසෝ කොටුව වතුරේ පීඩනයට බාධකයක් එල්ල කර වැව් බැම්ම අරකී.
ලොවෙහි කිසිම රටක නැති මේ විස්මකුරු නිමැවුම දැක බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයෝ පවා පුදුම වූ හ.
පරණවිතාන මහතා දක්වන්නේ සොරොව්ව හරහා බැහැර කෙරෙන වැව් ජලයේ වේගය බිඳැ දැමීම බිසෝ කොටුවේ ප්‍රධාන කාර්යය බවයි.
මෙයද බලන්න
- සොරොව්ව
- පිටවාන
- රළපනාව
- මුරගල
- වැවක අංග
- සාම්ප්‍රදායික සිංහල දැණුම