සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

වර්තමාන ශ්‍රී ලංකාවට අයත් භූමියේ පැවති බ්‍රිතාන්‍ය යටත් විජිතය බ්‍රිතාන්‍ය ලංකාව ලෙස හැඳින්වේ. 1798 සිට 1815 දක්වා මෙම යටත් විජිතයට ලංකා දූපතේ මූදුබඩ ප්‍රදේශ සහ

බ්‍රිතාන්‍ය ලංකාව‍

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ලංකාව

බ්‍රිතාන්‍ය ලංකාව
1815–1948
ලංකාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: ගෝඩ් සේව් ද කිං (1815–37; 1901–48)
ගෝඩ් සේව් ද ක්වීන් (1837–1901)
තත්ත්වයබ්‍රිතාන්‍ය යටත්විජිතය
අගනුවරකොළඹ
පොදු භාෂාවන්ඉංග්‍රීසි (නිල),
සිංහල සහ දෙමළ
රජයරාජාණ්ඩුව
රජ 
 1815–20
තුන්වන ජෝර්ජ් රජ (පළමුවන)
 1936–48
හයවන ජෝර්ජ් රජ (අවසන්)
ආණ්ඩුකාරවරයා 
 1798–1805
ප්‍රෙඩ්රික් නෝර්ත් (first)
 1944–48
ශ්‍රීමත් හෙන්රි මොන්ක්-මේසන් මුවර් (last)
අග්‍රාමාත්‍යවරයා 
 1947–48
දොන් ස්ටීවන් සේනානායක
ව්‍යවස්ථාදායකයලංකාවේ ව්‍යවස්ථාදායක සභාව (1833–1931)
ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව (1931–47)
ලංකාවේ පාර්ලිමේන්තුව (1947—48)
ඓතිහාසික යුගයනව අධිරාජ්‍යවාදය
2 මාර්තු 1815
 නිදහස ලැබීම
4 පෙබරවාරි 1948
වර්ග ප්‍රමාණය
188165,610 km2 (25,330 sq mi)
189165,610 km2 (25,330 sq mi)
190165,610 km2 (25,330 sq mi)
192465,992 km2 (25,480 sq mi)
194665,610 km2 (25,330 sq mi)
ජනගහණය
 1881
2,759,700
 1891
3,007,800
 1901
3,565,900
 1924
4,574,550
 1946
6,657,300
ව්‍යවහාර මුදලලංකා රික්ස්ඩොලර් (1815–28)
බ්‍රිතාන්‍ය පවුම් (1825–71)
ලංකා රුපියල් (1872—1948)
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
උඩරට රාජධානිය
ලන්දේසි ලංකාව
වන්නි රාජ්‍යය
ලංකා ඩොමීනියන් රාජ්‍යය
වර්තමානයේ මෙය අයත් වන්නේ ශ්‍රී ලංකාව
1924 භූමි ප්‍රමාණය සහ ජනගහණය සඳහා මූලාශ්‍ර:

වර්තමාන ශ්‍රී ලංකාවට අයත් භූමියේ පැවති බ්‍රිතාන්‍ය යටත් විජිතය බ්‍රිතාන්‍ය ලංකාව ලෙස හැඳින්වේ. 1798 සිට 1815 දක්වා මෙම යටත් විජිතයට ලංකා දූපතේ මූදුබඩ ප්‍රදේශ සහ තදීය දූපත් (තදාසන්න කුඩා දූපත්) අයත් විය. 1815දී සිංහලේ නායකයන් සහ බ්‍රිතාන්‍යන් අතර අත්සන් කල උඩරට ගිවිසුම මගින් සිංහල රාජධානිය අහෝසිකර ලංකා දූපත මුළුමනින්ම බ්‍රිතාන්‍ය ලංකාවට අයත්කර ගන්නා ලදී. 1948 පෙබරවාරි 4 දිනදී ලංකාවට ඩොමිනීයන් තත්වය යටතේ බ්‍රිතාන්‍යයන් වෙතින් නිදහස ලැබීමත් හා සමගම බ්‍රිතාන්‍ය ලංකාව අහෝසිවිය.

ඉතිහාසය

බ්‍රිතාන්‍යයන් ලංකාවට ඇතුල්වීම හා බලයට පත් වීම

ලංකා රජවරුන් දිවයින් ලන්දේසි පන්නා දැමීමට බ්‍රිතානය හා ප්‍රංශ උදව් ඉල්ලී මෙන් බ්‍රිතාන්‍යයන්ට ලංකාවට ඇතුල්වීමට අවස්ථාවක් ලැබුනී, මෙයින් බ්‍රිතාන්‍යයන් උපරිම ප්‍රයෝන ගන්නා ලදී.

18 වැනි සියවසේ අගභාගයේදී මහා බ්‍රිතාන්‍යයට එරෙහි ඔවුන්ගේ යුද්ධවලින් දුර්වල වූ ලන්දේසීන් නැපෝලියන් ප්‍රංශය විසින් යටත් කර ගන්නා ලද අතර ඔවුන්ගේ නායකයන් ලන්ඩනයේ සරණාගතයන් බවට පත් විය. තවදුරටත් දිවයිනේ ඔවුන්ගේ කොටස ඵලදායී ලෙස පාලනය කිරීමට නොහැකි වූ අතර, ලන්දේසීන් එහි පාලනය බ්‍රිතාන්‍යයන්ට පවරා දුන් නමුත් මෙය එහි වාසය කරන ලන්දේසීන්ගේ කැමැත්තට පටහැනි විය. දිවයින අල්ලා ගැනීමත් සමඟම භාණ්ඩ වශයෙන් පවුම් 300,000ක මුදල් ලබා දීම මෙන්ම වැවිලි  අත්පත් කර ගැනීම, මෙය වටිනා ව්‍යාපාරයක් බවට පත් කළේය.

ඉහළට