සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ප්‍රාණ වාදි යන තාක්ෂණික පදය සිංහලට පිවිසියේ ඉංග්‍රිසි animism (ලතින් ‘ඇනීමා’ හෙවත් ‘ආත්මය’) පදයෙණි. එයින් නිරෑපණය කරන්නුයේ සත්ත්ව, ශාක හෝ වෙනත් අස්තිත්වයන්හි ආත

ප්‍රාණ වාදය

  • මුල් පිටුව
  • ප්‍රාණ වාදය

ප්‍රාණ වාදි යන තාක්ෂණික පදය සිංහලට පිවිසියේ ඉංග්‍රිසි animism (ලතින් ‘ඇනීමා’ හෙවත් ‘ආත්මය’) පදයෙණි. එයින් නිරෑපණය කරන්නුයේ සත්ත්ව, ශාක හෝ වෙනත් අස්තිත්වයන්හි ආත්ම කෙරෙහි විස්වාස කරන ඇදහිලි පද්ධතියකට ය.

ශ්‍රීමත් එඩ්වඩ් බරනට් ටයිලර් (1832-1917.

ප්‍රාණ වාදිහූ ස්වභාවික සංසිද්ධින්, භූගෝලිය විකසනයන් හෝ එදිනෙදා පරිහරනය කරන දෑ තුළ ද ආත්ම හෝ ආත්මයක් ඇතයි අදහති. සරල ලෙස ගත් කල, ප්‍රාණ වාදයෙන් ප්‍රකාශ වන්නේ ‘ආත්ම” කෙරෙහි ඇදහිම ය.

බ්‍රිතාන්‍ය ජාතික පුරෝගාමී මානව විද්‍යාඥයකු වන ශ්‍රීමත් එඩ්වඩ් බර්නෙට් ටයිලර් (1832-1917) විසින් රචිත Primitive Culture (1871) ග්‍රන්තයෙහි ‘ප්‍රාණ වාදය’ ආගමික භක්තියෙහි පුරාතන අවධියක් ලෙසින් දක්වන ලදි.බටහිර විද්වත්හූ ප්‍රාණ වාදය ආගමක් ලෙසින් නොසලකන අතර, එය ආගමක් ගොඩනැංවීම සඳහා පාදකවන මූලීක අවහ්‍යතාවක් බැව් දක්වති. ටයිලගේ අර්තවිවරණය ලෙස ප්‍රණවාදය ‘ආත්ම කෙරෙහි ඇදහිම’කි. එහෙයින් දේව ඇදහිලි හෝ මිනිස් ශරීරයෙන් පරිබාහිර අසතිත්වයක හෝ අත්මකෙරෙහි විශ්වාස කරන සකල සියලු ආගම් කෙරෙහි ප්‍රාණ වාදි පදනම පුළුල් ලෙස විහිදි ඇත. ප්‍රාණ වාදය නැමැති අරටුය මත සියලු ආගම් රදා පවතින හෙයින් ටයිලර් පුරාතන හෝ නූතන සියලු ආගම් ප්‍රාණවාදයේ විවිධ ආකෘතින් ලෙස දක්වයි. කෙසේවෙතත්, නුතන මානව විද්‍යඥයින් විසින් ‘ප්‍රණවාදය’ ලෙසින් දක්වන්නේ , අමනුෂ්‍ය අස්තිත්වයන්හි වූ ආත්ම කෙරෙහි විශ්වාස කරන ආගමික ලැදියාවන්ට ය. එනයින් ආදිවාසි ජන ප්‍රජාවන්ගේ ආගමික පදනම ප්‍රාණ වාදි වෙති.

පටුන

විශාරද මත

ප්‍රාණවාදි ලෝක දෘෂ්ටිය

 
උරාරිනා යකැදුරා (ශාමන්), 1988

බොහෝ දඩයක්කාර-ඵලවැල රැස්කරන ජනසමාජයන්හි ලෝක දෘෂ්ටියප්‍රාණවාදි ආකාරයකට සමාන වෙයි. මිනිසා සහ සත්ත්ව ප්‍රජාව වෘක්ෂලතාවෝ, ස්වභාවික බලවේගයන් සියල්ල සමාන මටිටමක ලා සැලකේ. එනයින් මේ සියලු සත්තාවන් හා බලවේග හට ගෞරවනීය ලෙස බුහුමන් දැක්වීම මිනිසා ගේ යුතුකමකි. මිනිසා හා සමාන තත්ත්වකලා සැලකෙන හෙයින් එකී සත්තාවන් හෝ බලවේග මනුෂ්‍ය පැවත්ම සඳහා අවශ්‍යක ය. ආහාර, නිවස්න, සාරවත්බව, දරුපල, නිරෝගිත්වය, සුරක්ෂිතතාව උදෙසා අනර්ථකාමි ආත්මයන් සත්ප්පිය යුතු ය. ඒ සඳහා ප්‍රාණවාදි ජනසමාජයන්හි විවිධ වූ වත් හෝ පූජා විධි අන්තර්ග වේ. ඒ වා හා බැඳුණු ජීවන දෘෂ්ටියක් සහ ලෝකය දෙස බැලීමක් ඇත. ආගමකත්වයෙන් පරිනත වූ ශින්ටෝ වැනි ප්‍රාණ වාදී දෘෂ්ටින් මින්සා සත්ත්ව සහ අනෙකුත් අස්තීත්වයන්ගෙන් වෙන් කෙරුණු සුවිශේෂ ලක්ෂණයක් මතු කරයි. එහෙත් වාසනාව, සශ්‍රීකත්වය හෝ පූර්ණ අස්වනු ලබා ගැනීමට විශේෂ ආත්ම මෑනවීමේ පූජාවිධි ආවශ්‍යක ය.

ප්‍රාණ වාදී මිත්‍යා

මිථ්‍යා වෘත්තාන්ත (හෙවත් පුරාණෝක්ති වේදය) රාශියක පදනම වන්නේ ආත්ම පිළිබඳ විශ්වාසයන් ය. ප්‍රාණ වාදී පුරාණෝක්ති රාශියක දැක්වෙන්නේ ශාක, විවිධ ස්වභාවික වස්තූන්, සත්ත්ව ප්‍රජාවන් ආදි සියල්ල අත්ම සහිත සත්තාවන් ලෙස ය. එහෙත් පුරාණෝක්තිවල මූලික අරමුණ වන්නේ සාමූහිකත්වය විනා ආත්මිකත්ව නොවේ. එහිදී වෘත්තාන්ත රාශියක දැක්වෙන චරිත බොහෝමයක් ආත්මික ලක්ෂණයන්ට වඩා සාමූහක ජිවන රටාවකට උනන්දු කිරීමකි. ඔස්ට්‍රෙලියානු පුරාණෝක්ති පාදක වන්නේ පරිවර්ථනය වීම්, මහා ගංවතුර (ඕඝය), විනාශවීම් මිථ්‍යා, මරණයේ සම්භවය ආදි තේමාවන් ය.

දර්ශනවාදි පසුබිම

(මෙම පිටුව සැකසෙමින් පවති)!

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 22, 2026

    ශ්‍රීපාදස්ථානය

  • මාර්තු 31, 2026

    ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසල් ලැයිස්තුව

  • මාර්තු 31, 2026

    කළමනාකරණය

  • අප්‍රේල් 09, 2026

    වළි කුකුලා

  • අප්‍රේල් 05, 2026

    විද්‍යාත්මක සිද්ධාන්තය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට