සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ප්‍රනාබ් කුමාර් මුඛර්ජී (/prənəb kʊmɑ:r mʉkhərdʒiː/; 1935 දෙසැම්බර් 11) යනු 13 න් වන සහ වත්මන් ඉන්දියාවේ ජනාධිපතිවරයා වේ. ඔහුගේ ධූර කාලය 2012 වසරේ ජූලි මස සිට ඇ

ප්‍රනාබ් මුඛර්ජි

විකිපීඩියා වෙතින්
ගරු
ප්‍රනාබ් මුඛර්ජි
13න් වන ඉන්දියාවේ ජනාධිපති
තනතුරුධාරී
තනතුර දරමින්
25 ජූලි 2012
අග්‍රාමාත්‍යවරයාමන්මෝහන් සිං
නරේන්ද්‍ර මෝදි
උප ජනාධිපතිවරයාමොහමඩ් හමිඩ් අන්සාරි
පූර්වප්‍රාප්තිකයාප්‍රතිභා පටිල්
මුදල් අමාත්‍යවරයා
තනතුර දරමින්
24 ජනවාරි 2009  26 ජුනි 2012
අග්‍රාමාත්‍යවරයාමන්මෝහන් සිං
පූර්වප්‍රාප්තිකයාමන්මෝහන් සිං
අනුප්‍රාප්තිකයාමන්මෝහන් සිං
තනතුර දරමින්
5 ජනවාරි 1982  31 දෙසැම්බර් 1984
අග්‍රාමාත්‍යවරයාඉන්දිරා ගාන්ධි
රජීව් ගාන්ධි
පූර්වප්‍රාප්තිකයාආර්. වෙන්කටරාමන්
අනුප්‍රාප්තිකයාවී. පී. සිං
ආරක්ෂක අමාත්‍යවරයා
තනතුර දරමින්
22 මැයි 2004  26 ඔක්තෝම්බර් 2006
අග්‍රාමාත්‍යවරයාමන්මෝහන් සිං
පූර්වප්‍රාප්තිකයාජෝජ් ෆර්නැන්ඩස්
අනුප්‍රාප්තිකයාඒ. කේ.ඇන්තනි
භාහිර කටයුතු පිළිබද අමාත්‍යවරයා
තනතුර දරමින්
24 ඔක්තෝම්බර් 2006  22 මැයි 2009
අග්‍රාමාත්‍යවරයාමන්මෝහන් සිං
පූර්වප්‍රාප්තිකයාමන්මෝහන් සිං
අනුප්‍රාප්තිකයාඑස්. එම්. ක්‍රිෂ්ණා
තනතුර දරමින්
10 පෙබරවාරි 1995  16 මැයි 1996
අග්‍රාමාත්‍යවරයාපී. වී. නරසිංමා රාඕ
පූර්වප්‍රාප්තිකයාදිනේෂ් සිං
අනුප්‍රාප්තිකයාසිකන්දර් බාට්
සැළසුම් කොමිසමේ උප සභාපති
තනතුර දරමින්
24 ජුනි 1991  15 මැයි 1996
අග්‍රාමාත්‍යවරයාපී. වී. නරසිංමා රාඕ
පූර්වප්‍රාප්තිකයාමොහාන් ධාරියා
අනුප්‍රාප්තිකයාමධූ දාන්දවාටේ
ලෝක් සභා නායක
තනතුර දරමින්
22 මැයි 2004  26 ජුනි 2012
අග්‍රාමාත්‍යවරයාමන්මෝහන් සිං
පූර්වප්‍රාප්තිකයාඅතල් බිහාරි වජ්පායී
අනුප්‍රාප්තිකයාසුෂිල් කුමාර් ෂින්ඩේ
රාජ්‍යසභා නායක
තනතුර දරමින්
ජනවාරි 1980  31 දෙසැම්බර් 1984
අග්‍රාමාත්‍යවරයාඉන්දිරා ගාන්ධි
පූර්වප්‍රාප්තිකයාකේ. සී. පාන්ට්
අනුප්‍රාප්තිකයාවී. පී. සිං
ලෝක් සභා සාමාජික
ජන්ගිපූර් වෙනුවෙන්
තනතුර දරමින්
10 මැයි 2004  26 ජුනි 2012
අග්‍රාමාත්‍යවරයාමන්මෝහන් සිං
පූර්වප්‍රාප්තිකයාඅබ්දුල් හස්නත් ඛාන්
අනුප්‍රාප්තිකයාඅභිජිත් මුඛර්ජි
පුද්ගලික තොරතුරු
උපත
ප්‍රනාබ් කුමාර් මුඛර්ජී

11 දෙසැම්බර් 1935(1935-12-11)
මිරාති, බ්‍රිතාන්‍ය බෙංගාලය, බ්‍රිතාන්‍ය ඉන්දියාව
විපත31 අගෝස්තු 2020
නව දිල්ලිය, ඉන්දියාව
දේශපාලන පක්ෂයඉන්දියානු ජාතික කොංග්‍රසය (1969–86; 1989–2012)
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
රාෂ්ඨ්‍රීය සමාජ්වාදී කොංග්‍රසය (1986–89)
කලත්‍රයා(s)සුව්රා මුඛර්ජී
(m. 1957-2015)
ළමයිඅභිජිත්
ෂර්මිස්තා
ඉන්ද්‍රජිත්
පදිංචියරාෂ්ඨ්‍රපති භවන්
උගත් ශාස්ත්‍රාලයකල්කටා විශ්වවිද්‍යාලය
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

ප්‍රනාබ් කුමාර් මුඛර්ජී (/prənəb kʊmɑ:r mʉkhər/; 1935 දෙසැම්බර් 11) යනු 13 න් වන සහ වත්මන් ඉන්දියාවේ ජනාධිපතිවරයා වේ. ඔහුගේ ධූර කාලය 2012 වසරේ ජූලි මස සිට ඇරඹුණි. දශක 6ක් පුරා විහිදුනු පුළුල් දේශපාලන අත්දැකීම් සහිත ඔහු ඉන්දියානු ජාතික කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකවරයෙකු හා ඉන්දියානු රජයේ අමාත්‍යධූර ගණනාවක් හොබවා ඇති දේශපාලඥයෙකුද වේ. 2012 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට පෙරාතුව ඔහු ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙස 2009-2012 අතර කාලය තුල කටයුතු කරන ලදී.

1969 වසරේදී, එවක අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධිගේ සහය සමග කොංග්‍රසයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ අසුන රාජ්‍ය සභාවට තේරී පත්වීම, මුඛර්ජීගේ දේශපාලන දිවියේ සුවිශේෂී සංධිස්ථානයක් සේ සැළකේ. හිමිකරගත් ජනප්‍රසාදයත් සමග ඔහු, ඉන්දිරා ගාන්ධිගේ 1973 කැබිනෙට්ටුවේ තවත් එක් විශ්වාසදායී අමාත්‍යවරයෙකු බවටද පත්විය. 1975-77 සමයේ ඉන්දියාවේ හටගත් මතභේදාත්මක අභ්‍යන්තර අර්බුදයේදී අනෙකුත් සමහර කොංග්‍රස් නායකයින්ට සේ ඔහුටද චෝදනා එල්ල විය.

ඉන්දිරා ගාන්ධි මැතිණියගේ පුත් රජීව් ගාන්ධිගේ අග්‍රාමාත්‍ය සමය තුලදී, මුඛර්ජී කොංග්‍රසය තුල පසෙකට තල්ලු කරනු ලැබ තිබුණි. 1984 වසරේ ඉන්දිරා ගාන්ධිගේ ඝාතනයෙන් පසු ඇගේ තනතුරට පත්වීමට සුදුසු පුද්ගලයා වන්නේ අත්දැකීම් මද රජීව් ගාන්ධි නොව තමන් බව ඔහුගේ දර්ශනය වී තිබීම ඊට හේතු විය. කෙසේ නමුදු බල අරගලය හමුවේ තම ස්ථානය රැකගැනීමට අපොහොසත් වූ ඔහු රශ්ත්‍රීය සමාජ්වාදී කොංග්‍රසය නමින් ස්වකීය දේශපාලන පක්ෂයක් ගොඩ නගාගත් අතර එම පක්ෂය 1989 වර්ෂයේදී, රජීව් ගාන්ධි සමග පොදු එකඟතාවයකට එළැඹීමෙන් අනතුරුව, කොංග්‍රසය හා ඒකාබද්ධ කෙරුණි. 1991දී පී. වී. නරසිංමා රාඕ විසින් ඔහු ඉන්දීය සැළසුම් කොමිසමේ ප්‍රධානියා ලෙස හා 1995දී ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිණ.

කොංග්‍රසය මූලික කොට ගත් එක්සත් ප්‍රගතිශීලී සන්ධානය (UPA) 2004 වසරේදී බලයට පත්වීමෙන් අනතුරුව, ප්‍රථම වරට මුඛර්ජී ලෝක් සභාවේ අසුනක් දිනාගන්නා ලදී. 2012 වසරේදී ඉල්ලා අස්වන තුරු ඔහු ඉන්දියාවේ මන්මෝහන් සිං රජයේ දෙවැනියා ලෙස ක්‍රියාකරන ලදී. 2012 ජූලි මසදී එක්සත් ප්‍රගතිශීලී සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වූ ඔහු ජනපතිවරණයේදී 70% ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් සිය ප්‍රතිවාදියා වූ පී. ඒ. සංමා පහසුවෙන් පරාජයට පත් කොට, ඉන්දියාවේ 13න් වන ජනාධිපතිවරයා බවට පත්විය.

මුල් අවධිය

බෙංගාලයේ (වර්ථමානයේ බටහිර බෙංගාලය) බිර්භම් දිස්ත්‍රික්කයේ මිරාතිහී, බෙංගාලි බ්‍රාහ්මී පවුලකට දාව ප්‍රනාබ් මුඛර්ජී උපත ලැබීය. ඔහුගේ පියා ඉන්දීය නිදහස් අරගලයේ ක්‍රියාධරයෙකු හා 1952-1964 කාලය තුල බටහිර බෙංගාල ව්‍යවස්ථාදායක සභාවේ, ඉන්දියානු ජාතික කොංග්‍රස් නියෝජිතයෙකු විය. ඔහුගේ මව රාජලක්ෂ්මී නම් වූවාය.

සිය මූලික අධ්‍යාපනය සූරි හී සූරි විද්‍යාසගර් විද්‍යාලය වෙතින් හැදෑරූ ඔහු, පසුව කොල්කටා විශ්වවිද්‍යාලයට ඇතුලත්ව දේශපාලනවේදය හා ඉතිහාසය වෙනුවෙන් වූ එම්ඒ උපාධිය හා නීති පීඨයෙන් එල්එල්.බී උපාධිය හිමිකරගන්නා ලදී.

ඉන්දීය ජනපති ලෙස

2012 ජුනි 15 වනදා එක්සත් ප්‍රගතිශීලී සන්ධානය යටතේ මුඛර්ජී ඉන්දීය ජනාධිපතිධූර අපේක්ෂකවරයා ලෙස නම් කෙරුණි. 2012 ජූලි 19 වනදා ජනපතිවරණය පැවැත්වීමත්, 22වනදා ප්‍රතිපල නිකුත් කිරීමත් සිදුවිය. මෙහිදී ජනාධිපති අපේක්ෂකයෝ 81දෙනෙකු නාමයෝජනා ඉදිරිපත් කොට තුබුනද ඉන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ පී. ඒ. සංමාගේ නාම යෝජනාව හැරුණු විට අනෙකුත් යෝජනා ප්‍රතික්ෂේප විය. 2012 ජුනි 28 වනදින ජනපතිධූර අපේක්ෂකත්වය වෙනුවෙන් ඉල්ලුම් කිරීම වෙනුවෙන් මුඛර්ජී එම මස 26වන දිනදී එවක රජයෙන් ඉල්ලා අස්විමට කටයුතු කරන ලදී.

ජනපතිවරණයේදී ඔහු 713,763 මනාප ප්‍රමාණයක් හිමිකරගනිමින්, 315,987ක මනාප ප්‍රමාණයක් හිමිකරගත් සංමා අභිබවා ඉන්දීය ජනපතිධූරයට තේරී පත්විය.

පුද්ගලික දිවිය

ප්‍රනාබ් මුඛර්ජී 1957 ජූලි 13 වන දිනදී, බංග්ලාදේශයතුලදී උපත ලත් සුර්වා මුඛර්ජී හා විවාහ වන ලදී. සුර්වා වයස අවුරුදු 10දී ඉන්දියාවේ කොල්කටා වෙත සංක්‍රමණය වූ කාන්තාවක් බැව් පැවසේ. ඇය 75වන වියේ 2015 අගෝස්තු මස 18 වන දිනදී හදවත් රෝගයක් හේතුවෙන් මිය යන ලදී. ඔවුනට පුතුන් දෙදෙනෙකු සහ එක් දියණියක වේ.

ඉහළට