සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දඹකොළ පටුන, දැනට ශ්‍රී ලංකාවට අයිති භුමියේ අතීතයේ පැවතුන වරායකි. සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන වැඩම වූයේ මෙම ස්ථානයට බව ඓතිහාසික මූලාශ්‍ර වල සඳ

දඹකොළ පටුන

  • මුල් පිටුව
  • දඹකොළ පටුන

.

දඹකොළ පටුන, දැනට ශ්‍රී ලංකාවට අයිති භුමියේ අතීතයේ පැවතුන වරායකි. සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන වැඩම වූයේ මෙම ස්ථානයට බව ඓතිහාසික මූලාශ්‍ර වල සඳහන් ය. දඹකොළ පටුන හෝ ජම්බුකෝලා පටුන යනු යාපනයට උතුරින් පිහිටි පුරාණ වරායකි. එය ක්‍රිපු යුගයට පෙර සිට භාවිතා කරන ලදී. ක්‍රිපු 250 සිදුවූ මිහිදු මහා රහතන්වහන්සේගේ ලංකාගමනයෙන් වසරකට පසු ඔහුගේ සොහොයුරිය වන සංගාමිත්ත තෙරීය පූජනීය බෝ පැළයක් සමඟ මෙම වරායෙන් ලංකාවට පැමිණි බව ඉතිහාසයේ සදහන්වේ. මෙම බෝ අංකුරය පැමිණීම සිහිපත් කරමින් දේවානම්පියතිස්ස රජු (ක්‍රිපු 250-210) මෙම ස්ථානයේ සමුද්‍රා පන්සල (ජම්බුකෝලා විහාරය) නමින් විහාරයක් ඉදිකල බව සදහන්වේ. පසුව, එම රජතුමාම ශ්‍රී මහා බෝධියෙන් හටගත් පළමු අංකුර අටෙන් එකක් ශ්‍රී මහා බෝධින්වහන්සේ අනුරාධපුරයට ගෙන යෑමට පෙර මෙම ස්ථානයේ මුලින්ම තබා තිබු තැන රෝපණය කළේය.

පසුකාලීනව පළමුවන විජයබාහු රජු (ව්‍ය.ව1070-1110) මෙම විහාර අඩවිය ප්‍රතිසංස්කරණ කර ඇත. මෑතක් වනතුරු දකින්නට ලැබුණු සිරි පතුල් ගල සහ එහි තිබු වටදාගෙය වැනි විහාරයේ නටබුන් තවදුරටත් එහි නොමැත.

කාලයත් සමග දඹකොළ පටුන වරායට හිමිව තිබු වැදගත්කම කෙමින් කෙමින් ගිලිහි ගියේය. මල්වතුඔයේ ගංමුවදොරේ පිහිටි මහාතින්ත/මහතොට/මාන්තොට(දැන් මාන්තායි) වරාය මුහුදු මාර්ගවල ප්‍රධාන මංසන්ධියක් ලෙස සංවර්ධනය වූ අතර කාලයාගේ ඇවෑමෙන් දම්බකෝලා පටුන විහාරයද මේ නිසා අභාවයට ගියේය.

ලංකාවේ ඓතිහාසික මුලාශ්‍ර වන මහාවංශය සහ සමන්තපසස්තික වැනි ග්‍රන්ථ වල පුරාණ කාලයේ ජම්බුකෝලා විහාරය වන්දනාමාන කිරීම සඳහා “යොනක” රටේ සිට ජම්බුකෝලා වෙත බැතිමතුන් පැමිණෙනු බව සදහන්වේ.

අවාසනාවට අද පන්සලෙහි කිසිදු පෞරාණිකත්වයක් නොපෙන්වයි. විහාරස්ථානයේ ඇති ස්ථූපය ඇතුළු බොහෝ ව්යුවහයන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වාර්තාගත ලෙස දින 65 ක් තුළදී ඉදිකළ ගොඩනැගිලිය. වර්තමාන ඇති බෝ ගස පවා 1998 දී නාවික හමුදාව විසින් රෝපණය කරන ලද්දකි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 22, 2026

    ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීන්, ශ්‍රී ලංකාව

  • මාර්තු 10, 2026

    තාරකා විද්‍යාව

  • මාර්තු 15, 2026

    ලෝවාමහාපාය

  • මාර්තු 31, 2026

    දෙමළ ජනතාව

  • අප්‍රේල් 04, 2026

    ග්‍රහක වළල්ල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට