සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

විද්‍යුත් ධාරාවලින් සහ චුම්බක ද්‍රව්‍යවලින් ඇතිවන චුම්බක බලපෑම චුම්බක ක්ෂේත්‍රයක් ලෙස හැඳින්වේ. චුම්බක ක්ෂේත්‍රය දෛශික රාශියක් බැවින් යම් ලක්ෂ්‍යයක චුම්බක ක්ෂේත

චුම්බක ක්ෂේත්‍රය

සමමිතික අක්ෂය රූපය ඇති තලයේම පිහිටි සිලින්ඩරාකාර පරිපූර්ණ චුම්බකයක චුම්බක ක්ෂේත්‍රය මෙහි දැක්වේ. චුම්බක ක්ෂේත්‍රය ක්ෂේත්‍ර රේඛා මගින් නිරූපණය වන අතර එමගින් විවිධ ලක්ෂ්‍යවලදී ක්ෂේත්‍රයේ දිශාව නිරූපනය කෙරේ.

විද්‍යුත් ධාරාවලින් සහ චුම්බක ද්‍රව්‍යවලින් ඇතිවන චුම්බක බලපෑම චුම්බක ක්ෂේත්‍රයක් ලෙස හැඳින්වේ. චුම්බක ක්ෂේත්‍රය දෛශික රාශියක් බැවින් යම් ලක්ෂ්‍යයක චුම්බක ක්ෂේත්‍රය විශාලත්වය සහ දිශාව යන ද්විත්වයම ඇසුරින් දක්වයි. චුම්බක ක්ෂේත්‍රය යන පදය එකිනෙකට වෙනස් එහෙත් ඉතා ළඟින් සම්බන්ධවූ ක්ෂේත්‍ර දෙකක් සඳහා යොදාගනු ලැබේ. ඉන් එක් ක්ෂේත්‍රයක් B අකුරින්ද අනෙක H අකුරින්ද නිරූපනය කරන අතර එවා SI ඒකක ක්‍රමය යටතේ පිළිවෙලින් ටෙස්ලා වලින් සහ මීටරයට ඇම්පියර් වලින් මනිනු ලැබේ.

විද්‍යුත් චුම්භක ශක්තිය
Electricity · Magnetism
Electrostatics
විද්‍යුත් ආරෝපණය
කූලෝම්ගේ නියමය
විද්‍යුත් ක්ෂේත්‍රය
ගවුස්ගේ නියමය
විද්‍යුත් ගාමක බලය
Electric dipole moment
Magnetostatics
Ampère's circuital law
චුම්භක ක්ෂේත්‍රය
චුම්භක flux
බයෝ සාවා නියමය
Magnetic dipole moment
Electrodynamics
විද්‍යුත් ධාරාව
Lorentz force law
Electromotive force
(EM) Electromagnetic induction
Faraday-Lenz law
Displacement current
Maxwell's equations
(EMF) Electromagnetic field
(EM) Electromagnetic radiation
Electrical Network
Electrical conduction
Electrical resistance
Capacitance
Inductance
Impedance
Resonant cavities
Waveguides
Tensors in Relativity
Electromagnetic tensor
Electromagnetic stress-energy tensor

චුම්බක ක්ෂේත්‍ර, චලනය වන විද්‍යුත් ආරෝපණ සහ මූලිකාංශුවල මූලික ක්වොන්ටම් ගුණයක් වන බමනය සහ සම්බන්ධවූ නිසග චුම්බක ඝූර්ණයන් නිසා ඇතිවේ. විශේෂ සාපේක්ෂතාවාදයේදී විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍ර එකම වස්තුවක සහසම්බන්ධ අංග දෙකක් ලෙස සලකන අතර එය විද්‍යුත් චුම්බක ආතානකය නමින් හැඳින්වේ. මෙම ආතානකය විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍රවලට වෙන්වී ඇතිබව නිරීක්ෂකගේ සහ ආරෝපණයේ සාපේක්ෂ ප්‍රවේගය මත රඳාපවතී. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේදී විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය ක්වොන්ටීකෘතව ඇතැයි සලකන අතර, විද්‍යුත් චුම්බක අන්තර්ක්‍රියාවන් ෆෝටෝන හුවමාරුව නිසා සිදුවෙතැයි සලකයි.

ඉහළට