හැදින්වීම

ගුප්ත කේතකරණයේ(cryptography),ගුප්ත කේතනය(encryption) කියලා හදුන්වන්නේ අපිට වැදගත් වන තොරතුරු( plaintext කියනවා) ඇල්ගොරිතම(algorithm) භාවිතා කරමින් කිසිවකුට ,විශේෂ දැනුම එහෙමත් නැත්නම් ගුප්ත කේතනයට අදාල යතුර (key) හිමි පුද්ගලයන්ට හැර වෙනත් කිසිවකුට කියවන්න බැරිවිදියට පරිවර්ථනය කිරීමයි. මේ ක්‍රියාවලියට ලක්වුණු තොරතුරු අපි cipher text ලෙස හදුන්වනවා. මේ ආකාරයටම මෙම ක්‍රියාවලියේ ප්‍රතිලෝම ක්‍රියා වලිය අපි හදුන්වනවා ගුප්ත ප්රතිකේතනය (Decryption) කියලා එමගින් අපිට පුලුවන් ගුප්ත කේතනය කරපු තොරතුරු නැවත කියවීමට හැකි තත්වයට පත් කරගන්න.බොහෝ විට අතීතයේ යුධමය කටයුතු වලදි සහ රාජතාන්ත්‍රික කටයුතු වලදි තම සන්නිවේදන කටයුතු රහසිගතව සිදු කිරීමට මෙම ගුප්ත කේතනය බහුලව භාවිතා වු අතර එහෙත් වර්ථමානයේ බොහෝවිට සාමාන්‍ය ජනතාවගේ තොරතුරු ආරාක්ෂා කිරීම සදහා මෙම ගුප්ත කේතනය භාවිතා කරනවා.උදාහරනයක් ලෙස පරිගණක ආරක්ෂණ ආයතනය (Computer Security Institute)2007වාර්ථා වලට අනුව 71% ආයතන තම තොරතුරු හුවමාරු කිරීම සදහා මෙම ගුප්ත කේතනය භාවිතා කරලා තියනවා සහ 53% අයතන තොරතුරු ගබඩා කිරීම සදහා මෙම ගුප්ත කේතනය භාවිතා කරයි. තවද පරිගණක සහ දත්ත සුරැකුම උපාංග තුල තොරතුරු ආරක්ෂකාරීව ගබඩා කිරීමට අපිට මෙම ක්‍රමය යොදාගන්න පුලුවන්.වර්තමාන වාර්ථාවලට අනුව ගණුදෙනු කරුවන්ගේ පුද්ගලික වාර්ථා වැනි රහසිගත වාර්ථා විශාල වශයෙන් තම පරිගණක මගින් හෝ දත්ත ගබඩා තුලින් සොරා ගැනීම් සිදුවී ඇති අතර ගුප්ත කේතනය මගින් මෙවැනි උවදුරු වලින් සිදුවිය හැකි හානිය එවැනි උවදුරු භෞතිකව වැලැක්විය නොහැකි අවස්තා වල වුවත් අවම කරගත හැක.
තවඩුරටත් මෙම ගුප්ත කේතනය තොරතුරු සංක්රමණයෙදී තොරතුරු ආරාක්ෂා කිරීම සදහා යොදා ගන්නවා.උදාහරණ ලෙස අන්තර්ජාලය, ජංගම දුරකථන, රැහැන් රහිත පද්ධති,සහ බැංකු ATM යන්ත්‍ර තුල තොරතුරු සංක්‍රමණ ගත හැක.මෙහිදීත් තොරතුරු සංක්‍රමණය වීමෙදී අතරමැදදී සොරා ගැනීම් මගින් සිදුවිය හැකි බලපෑම කිරීම ගුප්ත කේතනය මගින් අවම කරගත හැක. .
මේවත් බලන්න
|
|
|
බාහිර වෙබ් අඩ්වි
- http://www.enterprisenetworkingplanet.com/_featured/article.php/3792771/PGPs-Universal-Server-Provides-Unobtrusive-Encryption.htm 2011-04-30 at the Wayback Machine
- SecurityDocs Resource for encryption whitepapers 2008-01-15 at the Wayback Machine
- A guide to encryption for beginners 2010-11-18 at the Wayback Machine
- Accumulative archive of various cryptography mailing lists. Includes Cryptography list at metzdowd and SecurityFocus Crypto list.
සැකිල්ල:Crypto navbox
- Cryptography