සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගිහාන් ඒඩ්‍රියන් කැමිල් ප්‍රනාන්දු (උපත 1967 අගෝස්තු 30), හෙවත් ගිහාන් ප්‍රනාන්දු, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙක් වගේම නාට්‍ය රචකයෙක් ස

ගිහාන් ප්‍රනාන්දු

  • මුල් පිටුව
  • ගිහාන් ප්‍රනාන්දු

ගිහාන් ඒඩ්‍රියන් කැමිල් ප්‍රනාන්දු (උපත 1967 අගෝස්තු 30), හෙවත් ගිහාන් ප්‍රනාන්දු, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙක් වගේම නාට්‍ය රචකයෙක් සහ ගායකයෙකි. නාට්‍යයේ සිට හාස්‍යය දක්වා ඉහළ බහුවිධ නළුවෙකු වන ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ නාට්‍ය හා රූපවාහිනියේ ජනප්‍රියම නළුවෙකි.

ගිහාන් ප්‍රනාන්දු
Gihan Fernando
උපත
ගිහාන් ඒඩ්‍රියන් කැමිල් ප්‍රනාන්දු

අගෝස්තු 30, 1967 (1967-08-30) (වයස 58)
වත්තල, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයද මැසනොඩ් විද්‍යාලය
වෘත්තියsනළුවෙක්, නාට්‍යකරුවෙක්
සක්‍රීය වසර1990–වර්තමාන

පටුන

පෞද්ගලික ජීවිතය

ඔහු 1967 අගෝස්තු 30 වැනිදා රාගම ගලුදිපිට ග්‍රාමයේදී පවුලේ වැඩිමලා ලෙස උපත ලැබීය. ඔහුට බාල සහෝදරයෙක් සහ බාල සහෝදරියන් දෙදෙනෙක් සිටී. ඔහු කඳාන ද මැසනොද් විද්‍යාලය ආදි ශිෂ්‍යයෙකි. පාසැලේදී, ඔහු පාපන්දු දක්ෂ ශිෂ්‍යයෙක් විය. නාට්‍ය කලාවට පිවිසීමට පෙර ඔහු විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළේය.

වෘත්තීය ජීවිතය

පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඔහු සමාගමක සේවය කරමින් බ්‍රිටිෂ් කවුන්සිලය හරහා විදේශීය නාට්‍ය අධ්‍යක්ෂවරුන් ගණනාවක් යටතේ නාට්‍ය පිළිබඳ හැදෑරීය. 1998 දී ඔහු තවත් සහෘද නළු අසේල ජයකොඩි සමඟ ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ විසින් පවත්වන ලද වැඩමුළුවකට ගියේය. ඊට පස්සේ දෙන්නටම රෝහණගේ ‘‘භූතවේෂ’’ වේදිකා නාට්‍යයේ රඟපාන්න වාසනාව ලැබුණි.සෝමලතා සුබසිංහ, කේ.බී. හේරත්, රාජිත දිසානායක, රවීන්ද්‍ර ආරියරත්න සහ ධර්මප්‍රිය ඩයස් යටතේ වේදිකා නාට්‍යවල රඟපාන්නට ඔහුට අවස්ථාව ලැබුණි. 1990 වසරේ යොවුන් නාට්‍ය උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය රොයිස්ටන් ජූඩ්ගේ ‘‘රංගහල’’ නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් ඔහුට හිමි විය. ඉන්පසු වත්තල කට්‌ටිය බැනරය යටතේ වත්තල ප්‍රදේශයේ පිහිටුවා ගත් නාට්‍ය කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කරන ලද ‘‘මැක්බත්’’ හි රඟපෑවේය.

ඔහුගේ මංගල රූපවාහිනී රංගනය 1998 දී නාලන් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද හිරු කුමාරි හරහා සිදු විය. කුමාර තිරිමාදුර සමඟ ප්‍රනාන්දු ගිහ සහ කුම වේදිකා නාට්‍යයක නිරත විය.

2016 දී ඔහු සිය රංගන දිවියේ රිදී ජුබිලිය සැමරීම සඳහා මා දකින මාමා නමින් නාට්‍ය උළෙලක් සංවිධානය කළේය. එය 2016 මාර්තු 31 සිට අප්‍රේල් 3 දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී උත්සව රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ නැගී සිටීමේ සංදර්ශනයකින් අවසන් විය. ඔහු හිරු එෆ්.එම්. හි "චන්න කින්නරාවි" ගුවන් විදුලි ටෙලිනාට්‍යයට ද හඬ කැවීම් වලට දායක වන අතර සහ රන්වන් එෆ්.එම්. හි පාරදිගේ වැඩසටහනටද දායක විය. ඔහු දැනට නව පරපුර වෙනුවෙන් බම්බලපිටියේ ‘‘හිට් ඇක්ට්’’ නමින් රංගන පාසලක් පවත්වාගෙන යයි.

ප්‍රනාන්දු සිය සිනමා ජීවිතය ආරම්භ කළේ 1996 වසරේ වින්ස්ටන් අජිත් ප්‍රනාන්දු විසින් අධ්‍යක්ෂණය කරන ලද “සීරුවෙන් සිටින්” චිත්‍රපටයේ සුළු චරිතයකිනි.

ටෙලි නිර්මාණ

  • අම්මාවරුනේ
  • ආදර වැස්ස
  • ඉතින් ඊට පස්සේ
  • උතුම් පැතුම්
  • උරුමක්කාරයෝ
  • කටු ඉඹුල
  • පැහැසරා
  • බොඳ මීදුම්
  • රන්තලිය වලව්ව
  • සඳගල තැන්න
  • සුරදූතියෝ

චිත්‍රපටකරණය

වසර චිත්‍රපටය භූමිකාව Ref.
1996 සීරුවෙන් සිටින්
2003 සොඳුරු දඩබිම නඩු පවරන්නා
2011 ගාමනි ඇමති ලේකම්
2014 කෝ මාර්ක් නෝ මාර්ක් ලුවී
2015 ස්පන්ධන සාලිය ඉරුගල්බණ්ඩාර
2019 ජනාධිපති සුපර් ස්ටාර් වැඩසටහන් පූරක
2020 ද නිවුස්පේපර් සෙනරත් ඉද්දමල්ගොඩ
2021 කවුරුත් දන්නේ නෑ
2022 හිතුමතේ ජීවිතේ ගස්තාන්
2023 කතුරු මිතුරු
2025 රාණි
2025 කාසි වාසි
TBD ඕ. අයි. සී. ගඩාෆි

සම්මාන

ඔහු දේශීය වේදිකා නාට්‍ය උළෙලවල් සහ රූපවාහිනී උත්සවවලදී සම්මාන කිහිපයක් දිනා ඇත.

යෞවන නාට්‍ය උළෙල

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
1990 රගහල හොඳම නළුවා දිනාගති

රාජ්‍ය නාට්‍ය උළෙල

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2001 මට එරෙහිව මම හොඳම සහය නළුවා දිනාගති

රයිගම් ටෙලීස්

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2016 දස්කොන් හොඳම සහය නළුවා දිනාගති
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 18, 2026

    සෞරග්‍රහ මණ්ඩලය

  • අප්‍රේල් 09, 2026

    රාහුල විද්‍යාලය

  • අප්‍රේල් 13, 2026

    ප්‍රියා රණසිංහ

  • අප්‍රේල් 18, 2026

    ඇත් පොකුණ

  • අප්‍රේල් 19, 2026

    විද්‍යාවේ දර්ශනය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට