සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ධර්මප්‍රිය ඩයස්, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙක් වගේම අධ්‍යක්ෂවරයෙකි. 1995 සිට වෘත්තීය හඬකැවීම් ශිල්පියෙකු වන ඩයස්ට නාට්‍ය රචකයෙකු, නළුව

ධර්මප්‍රිය ඩයස්

  • මුල් පිටුව
  • ධර්මප්‍රිය ඩයස්

ධර්මප්‍රිය ඩයස්, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙක් වගේම අධ්‍යක්ෂවරයෙකි. 1995 සිට වෘත්තීය හඬකැවීම් ශිල්පියෙකු වන ඩයස්ට නාට්‍ය රචකයෙකු, නළුවෙකු, වේදිකා නිර්මාණකරුවෙකු, නර්තන ශිල්පියෙකු, කලා ගුරුවරයෙකු වැනි මාතෘකා ඇති අතර නාට්‍ය හා නාට්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ඇත. ඔහු දෙහිවල ශාස්ත්‍රානන්ද විද්‍යාලයේ රංග කලා සහ මූර්ති චිත්‍ර ගුරුවරයාය.

ධර්මප්‍රිය ඩයස්
Dharmapriya Dias
උපත
ශ්‍රී ලංකාව
අධ්‍යාපනයපිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය
වෘත්තියsනළුවෙක්, නාට්‍යකරුවෙක්, ගුරුවරයෙක්
සක්‍රීය වසර1975–වර්තමාන
Spouseඅනෝජා මිලන්ති
දරුවන්2
Awardsහොඳම නළුවා
හොඳම කට්ටල නිර්මාණකරු
හොඳම නර්තන නිර්මාණය

පටුන

පෞද්ගලික ජීවිතය

ඔහු පළමු ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. ප්‍රේමකුමාර කරුණාරත්න යටතේ නාට්‍ය කලාවට පිවිසි ඔහු පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය. ඔහු විවාහ වී සිටින්නේ අනෝජා මිලන්ති සමඟ වන අතර මෙම යුවළට ස්වර්ණ රාවණා සහ ප්‍රවර භාෂණ නමින් පුතුන් දෙදෙනෙක් සිටී.

වෘත්තීය ජීවිතය

උසස් පෙළින් පසුව තමයි වේදිකා නාට්‍යවල රඟපාන්න පටන් ගත්තේ. පාසල් හැරගිය සහෝදරයන් සමඟ එක්ව වේදිකා නාට්‍යයක රඟපෑ අතර එම නාට්‍යය වේදිකා නාට්‍ය උළෙලේ අවසන් අදියරට ද තේරී පත් විය. බන්දුල විතානගේ, කේ බී හේරත්, ජයලත් මනෝරත්න රාජිත දිසානායක, තුමිඳු දොඩන්තැන්න සහ චාමික හත්ලවත්ත වැනි ශ්‍රී ලංකාවේ කීර්තිමත් කලාකරුවන්ගේ අධ්‍යක්ෂණය යටතේ ඔහුගේ දක්ෂතා ඔපවත් විය.

ඔහුගේ මංගල වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළේ ‘‘සාදය මාරයි සල්ලි හමාරයි’’ හරහා. මෙම නාට්‍යය වසර දෙකක් ඇතුළත සංදර්ශන 200කට වඩා වැඩි සංඛ්‍යාවක් පවත්වා ගෙන ගොස් බොක්ස් ඔෆිස් සාර්ථකත්වයක් කරා ළඟා විය. මෙම නාට්‍යය 2015 වේදිකා නාට්‍ය උළෙලේ හොඳම නළුවා, නිළිය සහ වේදිකා කළමනාකරු යන අංශ සඳහා සම්මාන කිහිපයක් ද දිනා ගත්තේය. විවේකයට පෙර අවසන් සංදර්ශනය 2016 නොවැම්බර් 20 දින වේදිකාගත විය. මෙම නාට්‍යය 2015 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා, හොඳම නිළිය සහ හොඳම වේදිකා කළමනාකරණය සඳහා වූ සම්මාන දිනා ගත්තේය. රුවන් මලිත් පීරිස් සහ කළණ ගුණසේකර සම අධ්‍යක්ෂණය කළ ‘‘දස මල්ලිගේ බංගලාව’’ වේදිකා නාට්‍ය උළෙලේ හොඳම වේදිකා නාට්‍ය නිර්මාණකරුවාට හිමි සම්මානය ඔහුට හිමි විය. "ගහනු වද අරබති" නොහොත් "ලිසිස්ට්‍රාට", "සදයා මාරයි සල්ලි හමාරයි", "මම නෙවෙයි වෙන කෙනක්", "ජුලියස් සීසර්" වැනි ඔහුගේම නිෂ්පාදනවල, මෙන්ම ජයලත් මනෝරත්නගේ ලෝකය තනි යායක්, සහ රාජිත දිසානායකගේ සිරිවර්ධන පවුල, සිහින හොරු අරන්, බකමුණ වීදි බසී නාට්‍ය නිෂ්පාදනවලද පසුබිම් නිර්මාණකරු ඔහුය..

වේදිකා නාට්‍යවල සම්මානනීය රංගනයන් සමඟින්, සාරංග මෙන්ඩිස්, සුදත් රෝහණ, ජනක සිරිවර්ධන සහ දී. ග. සෝමපාල විසින් අධ්‍යක්ෂණය කරන ලද ජනප්‍රිය මාලා කිහිපයක් සමඟින් රූපවාහිනී නාට්‍ය ජීවිතයට පිවිසීමට ඩයස්ට හැකි විය. ඔහුගේ ජනප්‍රිය රූපවාහිනි රංගනයන් කිහිපයක් ලෙස : දෙවෙනි ඉනිම, ඉංගම්මාරුව, ඉතින් ඉටා පාසේ, කූඹියෝ, මද්දහන, සහෝදරයා ''සිහින ගෙනෙන කුමාරියේ හැදින්විය හැක.

ඩයස් සිය සිනමා ජීවිතය ආරම්භ කළේ 2008 දී විජිත ගුණරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද "වලාපටල" චිත්‍රපටියෙනි. ඉන්පසුව ඔහු විජිත ගුණරත්නගේ ‘‘වල පතලා’’ සහ තවත් චිත‍්‍රපට දෙකක ‘‘බොර දිය පොකුණ’’ සහ ‘‘නහී වේරේන වේරානී’’ යන චිත්‍රපටවල සුළු චරිත රඟපෑවේය. ඔහුගේ ජනප්‍රියම සිනමා රංගනය පැමිණියේ ‘‘මචං’’, ‘‘පුතණ්ඩියා’’ සහ ‘‘අසන්ධිමිත්තා’’ චිත්‍රපට හරහාය. "මචං" චිත්‍රපටයේ ස්ටැන්ලිගේ චරිතය විචාරකයන්ගේ ඉමහත් පැසසුමට ලක් වූ අතර ඔහුට හොඳම නළුවාට හිමි සම්මානය හිමි විය.

ටෙලිනාට්‍යය

  • අදිසි නදිය
  • දෙවෙනි ඉනිම
  • ඉතින් ඊට පස්සේ
  • උතුවන්කන්දේ සරදියෙල්
  • උරුමක්කාරයෝ
  • කුටුකුටු මාමා
  • කූඹියෝ
  • ජෝඩු ගෙදර
  • ත්‍රීවීල් මල්ලි
  • මද්දහන
  • මහපොළොව
  • රන්තරු
  • සහෝදරයා
  • සිල්ලර කාසි

සම්මාන

ඔහු රංගනය, අධ්‍යක්ෂණය සහ නර්තන රචනය සඳහා දේශීය වේදිකා නාට්‍ය උළෙලවල් සහ රූපවාහිනී උත්සවවලදී සම්මාන දිනා ඇත.

යෞවන නාට්‍ය උළෙල

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
1996 සාජන් හොඳම සහය නළුවා දිනාගති
1997 සඳ සෙවනැල්ල හොඳම සහය නළුවා දිනාගති

ජාතික වේදිකා නාට්‍ය උළෙල

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2003 හයිනා හොඳම නළුවා දිනාගති
2004 දාස මල්ලිගේ බංගලාව හොඳම කට්ටල නිර්මාණකරු දිනාගති
ගැහැණු වැඩ අරඹතී හොඳම නර්තන නිර්මාණය දිනාගති
1997 පොපර් මාමා සහ පින්තුරය කුසලතා සම්මානය දිනාගති
2001 අසිනමාලි කුසලතා සම්මානය දිනාගති
2017 නැතුව බැරි මිනිහෙක් හොඳම නළුවා දිනාගති

සරසවිය සම්මාන උළෙල

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2008 මචං හොඳම නළුවා දිනාගති
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 25, 2026

    තල්දූවේ සෝමාරාම

  • අප්‍රේල් 20, 2026

    බර්නාඩ් අලුවිහාරේ

  • අප්‍රේල් 09, 2026

    නවම් මාසය

  • අප්‍රේල් 22, 2026

    Harmonices Mundi

  • මාර්තු 16, 2026

    පළමුවන කාශ්‍යප රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට