සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගයා යනු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දකුණු පෙදෙසෙහි පිහිටි ඓතිහාසික වැදගත්කමක් සහිත ප්‍රධාන සංචාරක ආකර්ෂණස්ථානයකි. ගයාව පිහිටියේ බිහාරයේ අගනගරය වන පැට්නාවට 116 ක

ගයා, ඉන්දියාව

  • මුල් පිටුව
  • ගයා, ඉන්දියාව

ගයා යනු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දකුණු පෙදෙසෙහි පිහිටි ඓතිහාසික වැදගත්කමක් සහිත ප්‍රධාන සංචාරක ආකර්ෂණස්ථානයකි. ගයාව පිහිටියේ බිහාරයේ අගනගරය වන පැට්නාවට 116 කිලෝමීටර (72 mi) පමණ දකුණට වන්නට ය. මෙය එම ප්‍රාන්තයේ දෙවන විශාලතම නගරය වන අතර, 470,839ක ජනගහනයකින් යුක්ත ය. එසේම මෙය ගයා දිස්ත්‍රික්කයේ සහ මගධ් මණ්ඩලයේ මූලස්ථානය ද වේ. නගර පැති තුනකින් කුඩා කඳුගැට ත්‍රිත්වයක් මඟින් (මංග්ලා-ගෞරි, ශෘංග-ස්ථාන්, රාම්-ශිලා, සහ බ්‍රහ්මයෝනී) වටවී ඇති අතර, එහි නැගෙනහිරින් ඵාල්ගු ගඟ ගලා බසියි.

ගයා
මහනගර සභාව
ගයාවේ විෂ්ණුපාද මන්දිරය, මෙහි විෂ්ණු දෙවියන්ගේ පා සටහන් ඇතැයි පැවසේ; ගයා ගුවන්තොටුපල
ගයා is located in බිහාරය
ගයා
ගයා
බිහාරය සිතියම පෙන්වන්න
ගයා is located in ඉන්දියාව
ගයා
ගයා
ඉන්දියාව සිතියම පෙන්වන්න
බිහාරය තුළ ගයාවේ පිහිටීම
ඛණ්ඩාංක: 24°45′N 85°01′E / 24.75°N 85.01°E / 24.75; 85.01
රටඉන්දියාව
ප්‍රාන්තයබිහාර්
කලාපයමගධ
කොට්ඨාසයමගධ් කොට්ඨාසය
දිස්ත්‍රික්කයගයා
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයනාගරික සංස්ථාව
 • ඉහළම අධිකරණයගයා නගර් නිගම්
 • නගරාධිපතිගනේෂ් පාස්වන්
සරිය
 • මුළු308 කිමී2 (119 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය2වන
උන්නතාංශය111 මී (364 අඩි)
ජනගහණය(2011)
 • මුළු470,839
 • අනුස්ථිතිය102 (ඉන්දියාව) 2වන (බිහාරය)
 • ඝණත්වය9,490/කිමී2 (24,600/වර්ග සැත)
ජනනාමය(න්)ගයානු, ගයාවී
භාෂා
 • නිලහින්දි, උර්දු
 • කථනමාගධී, හින්දි, උර්දු
වේලා කලාපIST (UTC+5:30)
PIN823001 - 13
දුරකථන කේතය91-631
ISO 3166 කේතයIN-BR
වාහන ලියාපදිංචියBR-02
දුම්රිය ස්ථානයගයා සන්ධිය
ගුවන්තොටුපලගයා අන්තර්ජාතික ගුවන්තොටුපල
වෙබ් අඩවියgayamunicipal.net/

ගයාව ජෛන, හින්දු, සහ බෞද්ධ යන ආගම් තුන සඳහාම වැදගත් ස්ථානයකි. ගයාව පිළිබඳ ඉන්දීය මහා වීරකාව්‍ය වන රාමායණය සහ මහාභාරතය තුළ සඳහන් ය. ඒ අනුව රාම, සීතා සහ ලක්ෂ්මණ සිය පියා වූ දශරථ වෙනුවෙන් පිඬු දානයක් ලබාදුන්නේ මෙහි දී ය එම නිසා මෙම ස්ථානය පිණ්ඩාදාන චාරිත්‍රය උදෙසා වැදගත් හින්දු වන්දනා ස්ථානයක් වේ. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වුණු බුද්ධ ගයාව පිහිටියේ ද මෙහි වන අතර, එය බුද්ධාගමේ එන ප්‍රධාන ශුද්ධ ස්ථාන සතරෙන් එකකි. බුද්ධ ගයාවෙහි පිහිටි මහාබෝධි විහාර සංකීර්ණය ලෝක උරුම අඩවියක් ද වේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 10, 2026

    මිකායෙල් ගොර්බචොෆ්

  • අප්‍රේල් 19, 2026

    Application software

  • මැයි 30, 2026

    Barack Obama

  • ජූනි 03, 2026

    බාදාමි චාලුක්‍යයෝ

  • අප්‍රේල් 07, 2026

    Italian language

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට