සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කඩවුණු පොරොන්දුව ( ඉංග්‍රිසි : The Broken Promise / Kadawunu Poronduwa ) සිංහල සිනමාවේ නිෂ්පාදිත පළමු චිත්‍රපටයයි. මෙය සිංහල සිනමා කලාවේ ඇරඹුම ලෙස සලකණු ලබයි. ම

කඩවුණු පොරොන්දුව

  • මුල් පිටුව
  • කඩවුණු පොරොන්දුව

කඩවුණු පොරොන්දුව ( ඉංග්‍රිසි : The Broken Promise / Kadawunu Poronduwa ) සිංහල සිනමාවේ නිෂ්පාදිත පළමු චිත්‍රපටයයි. මෙය සිංහල සිනමා කලාවේ ඇරඹුම ලෙස සලකණු ලබයි. මෙම චිත්‍රපටය රූගත කිරිම හා නිෂ්පාදනය ඉන්දියාවේදි සිදු කල අතර , එයට දකුණු ඉන්දියාණු ආභාෂයක් ලැබුණි. චිත්‍රපටයේ පළමු තිරගත විම 1947 ජනවාරි මස 21වන දින කොළඹ කිංග්ස්ලි සිනමා ශාලාවේදි සිදු විය.

කඩවුණු පොරොන්දුව
අධ්‍යක්‍ෂණයජෝතිෂ් සිංහා
නිශ්පාදනයචිත්‍රකලා මූවී ටෝන් සී/ස සමාඟම
රංගන ශිල්පීන්රුක්මණී දේවී
බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න
එඩී ජයමාන්න
සිනෙමාරූපණයකේ. ප්‍රභාකර්
සංස්කරණයෆකීර් සාලෙහ්
සංගීතයනාරායන අයියර්
බෙදාහැරීමමිනෙර්වා කණ්ඩායම
නිකුත්වූ දිනය
  • ජනවාරි 21, 1947 (1947-01-21)
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල

මෙම චිත්‍රපටයේ නැවත නිෂ්පාදනයක් 1982 දි තිරගත විය.

පටුන

කථා වස්තුව

වංශවතෙකු වූ රාළහාමි මියයන විට තමන්ට හිමි සියලු ධනය බීමත්කම හා වෙනත් දුරාචාර නිසා නාස්ති කරනගනිමින් ණයගැතික් වී සිටියේය. රාළහාමිගේ බිරිද වන ටෙක්ලා ණයෙන් නිදහස් වීම සදහා තම දුව වන රන්ජනී පෙර විවාහයක දරුවෙක් සිටින වික්ටර් නම් මිනිසෙකුට විවාහ කරදීමට සැරසේ. මේ අතර , මෙම පවුල ණයබරින් ගොඩ ගැනීමට උත්සහ දරමින් සිටි රංජනීගේ පෙම්වතා වූ සැම්සන් ව ප්‍රතික්ෂේප කර දමනු ලැබේ. සැම්සන් මුදල් උපයාගැනීම පිණිස පිටරට යයි.

සැම්සන් ලංකාවට පැමිණෙන විට රංජනී වික්ටර් හා විවාහ ගිවිස සිටින බව දැනගැනී. ඇයට සැම්සන් ලියන ලිපි ඇගෙන් සගවන අතර , සැම්සන් ආබාධිත තත්වයක පසුවන බවට කටකතා පැතිරේ. අවසානයේ සත්‍ය හෙළි වේ.

නළු නිළි පිරිස

  • රුක්මණි දේවි , රන්ජනී ලෙස: ඇය උසස් පැලැන්තියේ කෙල්ලෙකි, ඇය තමාගේ පෙම්වතා අතහැර විවාහක වයසින් වැඩිමහලු පිරිමියෙකු සමග දීග යයි.
  • ජෙමිණි කාන්තා , ජොසී ලෙස: ඇය මෙහෙකාරියෙකි. මානප්පුවාට පෙම් බඳියි
  • රූපා දේවී , ටෙක්ලා ලෙස: රංජනීගේ මෑණියන්.
  • මිරියම් ජයමාන්න , හිල්ඩා ලෙස
  • එඩී ජයමාන්න , මනප්පුවා ලෙස : මොහු වැඩකාර කොල්ලෙකි, විකට කෝලංකාරයෙකි.
  • බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න , සැම්සන් ලෙස: රංජනී ගැන අදහසක් ඇතිවී ඇගේ පවුලෙ වැටී තිබූ විපතෙන් ගොඩ ගැණීමට රංජනීගේ අම්මාගෙන් පොරොන්දුවක් ලබාගෙන විදේශ ගත වෙයි.
  • පිටර් පිරිස් , වික්ටර් ලෙස: මොහු එක්දරු පියෙකි, රංජනීව බලෙන්ම කසාද බැඳ ගැනීමට විවිධ කූටෝපායන් යොදයි.
  • ස්ටැන්ලි මල්ලවආරච්චි , හේමපාල ලෙස
  • D. T.පෙරේරා , ජයසේන ලෙස
  • ඇසිලින් බාලසූරිය , සුමනා ලෙස
  • J. B.පෙරේරා , හර්මාහාන ලෙස
  • හියුගො ප්‍රනැන්දු , දොස්තර ලෙස
  • සුරිය රාණි , ආයා ලෙස
  • සිණා පිෂ්පණි , නර්සි ලෙස
  • විඩා සෝයිසා
  • S. S.පෝනීසේන

නිෂ්පාදනය

Kadawunu Poronduwa was at first a successful play for dramatist B.A.W. Jayamanne. In 1947 he filmed and processed the movie in South India.

Kadawunu Poronduwa produced a formula that Sinhala films would follow up through the 1960s; Jayamanne describes the formula as such:

The duration of a film had to be two and a half hours. One hour of this had to be given to scenes with dialogue. Half an hour to songs (about ten), another half hour given to silent background scenes, with an interval of fifteen minutes.

ගීත

  • "ශ්‍රී ජය විජය" – මිනර්වා සංගීත කණ්ඩායම
  • "ප්‍රේම දයා" – රුක්මණී දේවී
  • "ළපටි රූපේ ඈගේ" – එඩී ජයමාන්න
  • "දෙව ස්වාමි" – රුක්මණී දේවී
  • "සන්ධ්‍යාවේ ශ්‍රියා රම්‍යා ලෙස පේනා" – රුක්මණී දේවී සහ හියුගෝ ප්‍රනාන්දු / ස්ටැන්ලි මල්ලවආරච්චි
  • "ඉස් ඉස්සර වෙලා උඹව මමයි" – එඩී ජයමාන්න සහ ජෙමිණි කාන්තා
  • "පාපෙ ශාපෙ දෝ" – රුක්මණී දේවී සහ හියුගෝ ප්‍රනාන්දු / ස්ටැන්ලි මල්ලවආරච්චි
  • "මගේ සක බඹරු" – එඩී ජයමාන්න සහ ජෙමිණි කාන්තා
  • "තක්කිට තරිකිට" – එඩී ජයමාන්න සහ ජෙමිණි කාන්තා
  • "සුන්දරී රූප රාජිණී" – ස්ටැන්ලි මල්ලවආරච්චි සහ පීටර් පීරිස්
  • "ජීවිතයේ සාමෙයි" – රුක්මණී දේවී
  • "යම් ඉඳිය දිසාව" – රුක්මණී දේවී

මේ අඩවිත් බලන්න

  • සිංහල චිත්‍රපට ලැයිස්තුව‎

අඩවියෙන් බැහැර පිටු

  • Sri Lanka Cinema Database සංරක්ෂණය කළ පිටපත 2011-10-07 at the Wayback Machine
  • National Film Corporation of Sri Lanka - Official Website සංරක්ෂණය කළ පිටපත 2007-09-27 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 13, 2026

    වූ සේටියෑන්

  • මාර්තු 31, 2026

    දෙමළ ජනතාව

  • අප්‍රේල් 09, 2026

    ජීවන් කුමාරණතුංග

  • මාර්තු 16, 2026

    ශ්‍රී දළදා මාළිගාව

  • අප්‍රේල් 05, 2026

    මිශ්‍ර ලෝහය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට