සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පිලිප් උපාලි විජේවර්ධන (17 පෙබරවාරි 1938 – 13 පෙබරවාරි 1983: ඉංග්‍රීසි: Upali Wijewardene) යනු ශ්‍රී ලාංකික ව්‍යාපාර අධිපතියෙක් සහ ව්‍යවසායකයෙක් විය. 1983 වසරෙහ

උපාලි විජේවර්ධන

  • මුල් පිටුව
  • උපාලි විජේවර්ධන

පිලිප් උපාලි විජේවර්ධන (17 පෙබරවාරි 1938 – 13 පෙබරවාරි 1983: ඉංග්‍රීසි: Upali Wijewardene) යනු ශ්‍රී ලාංකික ව්‍යාපාර අධිපතියෙක් සහ ව්‍යවසායකයෙක් විය. 1983 වසරෙහිදී, විජේවර්ධන සතුව ඇඑ $50 මිලියන අගයක ශුද්ධ වටිනාකමක් සතුවිය. ඔහු උපාලි සමූහයෙහි ප්‍රාරම්භකයා සහ සභාපතිවරයා වූ අතර, එය ශ්‍රී ලංකාවෙහි පළමුවන බහු-ජාතික ව්‍යාපාරය විය. උපාලි සමූහය සතුව, එජ, එරා, මලයාසියාව, තායිලන්තය, සිංගප්පූරුව සහ හොං කොං යන දේශයන්හී ව්‍යාපාර විය.රසකැවිලි කර්මාන්තයෙහි සිට ඉලෙක්ට්‍රොනික කර්මාන්තය, මෝටර් රථ නිෂ්පාදනය, ප්‍රකාශනය, මුද්‍රිත මාධ්‍යය, විනෝදන කර්මාන්තය, සහ ගුවන් සේවා කර්මාන්තය දක්වා උපාලි සමූහය විවිධාංගීකෘත විය. එය විසින්, කැන්ඩොස්, ඩෙල්ටා, යුනික්, උපාලි එයාර්, උපාලි මැස්ඩා සහ උපාලි පුවත්පත් යන දේ ඇතුළු විවිධ සන්නාමයන් ප්‍රවර්ධනය කල අතර, එරා ඉන්සයිට් සඟරාව පැවසූ පරිදී මේ දේ මස්තකප්‍රාප්ත කෙරුණේ "වැඩි වශයෙන් නිර්භීතකම සහ බුද්ධිය" මගින් විය.

උපාලි විජේවර්ධන
උපත(1938-02-17)17 පෙබරවාරි 1938
කඹුරුපිටිය, ශ්‍රී ලංකාව
අතුරුදහන්වූයේ13 පෙබරවාරි 1983(1983-02-13) (වයස 44)
මලක්කා සමුද්‍රසන්ධිය
අධ්‍යාපනයරාජකීය විද්‍යාලය, කොළඹ
උගත් ශාස්ත්‍රාලයක්වීන්ස් කොලෙජ්, කේම්බ්‍රිජ්
වෘත්තියව්‍යාපාරිකයා
සංගණ්‍ය වන්නේඋපාලි සමූහයෙහි ආරම්භකයා (කැන්ඩොස් චොකලට්, උපාලි එයාර් සහ උපාලි පුවත්පත්)
Spouseලක්මිණි රත්වත්ත
ඥාතීන්
  • විජේවර්ධන පවුල

ඔහුගේ පෞද්ගලික ලියර් ජෙට් යානය, කොළඹ වෙත පියාසර කිරීම සඳහා 1983 පෙබරවාරි 13 දිනදී මලයාසියාවෙන් පිටත්ව සුළු වේලාවකින් මලක්කා සමුද්‍ර සන්ධියට ඉහලදී අතුරුදහන්වීම හා සමගම විජේවර්ධන මිය ගිය බවට පූර්වානුමේය කෙරිණි.

ආශ්‍රිත

  1. "ද ප්‍රසිඩන්ට් වී නෙවර් හෑඩ් 37ත් රිමෙම්බ්‍රන්ස් ඔෆ් උපාලි විජේවර්ධන". ඩේලි මිරර්. සම්ප්‍රවේශය 2021-06-08.
  2. "උපාලි විජේවර්ධන ද කොලෝසස්". ඩේලි නිවුස්. සම්ප්‍රවේශය 2021-06-08.
  3. "ද මිස්ටීරියස් ඩිසපියරන්ස් ඔෆ් උපාලි 37 ඉයර්ස් අගෝ". සිළුමිණ. 20 නොවැම්බර් 2020. සම්ප්‍රවේශය 2021-06-08.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 13, 2026

    ඩඩ්ලි වානගුරු

  • අප්‍රේල් 05, 2026

    සර්වබලධාරි දෙවඟන

  • මාර්තු 29, 2026

    අංගම්පොර

  • මැයි 17, 2026

    Organ system

  • ජූනි 04, 2026

    ඇන්ඩෲ ජැක්සන්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට