සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඉසුරුමුණිය යනු ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ තිසා වැව (තිසා වැව) අසල පිහිටි බෞද්ධ විහාරයකි. මෙම විහාරයේ විශේෂ අවධානයට ලක් වූ කැටයම් හතරක් ඇත. ඒ ඉසුරුමුණිය පෙම්වතුන්,

ඉසුරුමුණිය

  • මුල් පිටුව
  • ඉසුරුමුණිය

ඉසුරුමුණිය යනු ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ තිසා වැව (තිසා වැව) අසල පිහිටි බෞද්ධ විහාරයකි. මෙම විහාරයේ විශේෂ අවධානයට ලක් වූ කැටයම් හතරක් ඇත. ඒ ඉසුරුමුණිය පෙම්වතුන්, අලි පොකුණ සහ රාජකීය පවුලයි.

ඉසුරුමුණිය
ඉසුරුමුණි විහාරය
ඉසුරුමුණිය is located in Sri Lanka
ඉසුරුමුණිය
Sri Lanka තුළ පිහිටීම
පිහිටීමඅනුරාධපුරය, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක8°20′05″N 80°23′25″E / 8.3346°N 80.3904°E / 8.3346; 80.3904
පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක

පටුන

ඉතිහාසය

 
ඉසුරුමුණි විහාරය

පැරණි ශ්‍රී ලංකාවේ අනුරාධපුර නම් අග නගරයේ රජ කළ දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉසුරුමුණි විහාරය ගොඩ නංවන ලදී. උසස් කුලදරුවන් 500ක් මහණ කොට ඔවුනට වැඩ වවාසය කිරීම පිණිස එය තනවන ලදී. කාශ්‍යප රජු විසින් (473 - 491) මෙම විහාරය පිළිසකර කොට "බෝඋපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර" නමින් නම් කළේ ය.

පුරා විද්‍යාත්මක නටබුන්

ඉසුරුමුණි පෙම්යුවළ

6 වැනි සියවසෙහි ගුප්ත කලාවට අයිති කැටයමකි. කාන්තාවක් පුරුෂයාගේ උකුලෙහි වාඩි වී සිටී. ඇය ඇඟිල්ලක් ඔසවා සිටින්නීය. ඒ ඇගේ කෝල බව ප්‍රකාශ කරන්නට විය හැක. එහෙත් පුරුෂයා අනවධානයෙන් සිටී. මෙම කැටයමෙහි නිරූපණය වන්නේ දුටු ගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සහ ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලා නම් සැඩොල් තරුණිය යන දෙදෙනා යයි සිතිය හැකිය. ඇය නිසා තමනට උරුම වන්නට තිබූ රජකම සාලිය විසින් අත්හරින ලදැයි කියැවේ.

මිනිසා හා අශ්ව හිස

මිනිසෙක් හා අශ්ව හිසක කැටයමක් වන මෙය අග්නි (අශ්වහිස) හා පාර්ජන්‍ය (මිනිස් රූපය)යනුවෙන් හදුන්වති. එම නිසා ඓතිහාසික ස්ථාන අතරින් ඉසුරුමුණිය නැරඹිය යුතු ම ස්ථානයකි.

ආශ්‍රිත

  • ඉසුරුමුණි කැටයම්
  • රන්මසු උයන
  • වෙස්සගිරිය
 
ඉසුරුමුණිය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 20, 2026

    කතෝලික ආගම

  • අප්‍රේල් 07, 2026

    ධර්මසේන ආටිගල

  • මාර්තු 10, 2026

    ඉන්දියාව

  • ජූනි 08, 2026

    Avian influenza

  • අප්‍රේල් 12, 2026

    පොළොන්නරු රාජධානිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට