සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඇලිෆැටික සංයෝග සයික්ලොහෙක්සේන් වැනි චක්‍රීය සංයෝග හෝ හෙක්සේන් වැනි චක්‍රීය නොවන සංයෝග විය හැක.ඒවා හෙක්සේන් මෙන් සංතෘප්ත හෝ හෙක්සීන් මෙන් අසන්තෘප්ත හෝ විය හැක.

ඇලිෆැටික සංයෝග

  • මුල් පිටුව
  • ඇලිෆැටික සංයෝග

කාබනික රසායන විද්‍යාවේදී කාබන් හා හයිඩ්‍රජන් වලින් සෑදුනු සංයෝග පන්ති දෙකකි. එනම්

  • බෙන්සීන් වලයන් හෝ ඊට සමාන වලයන් සහිත ඇරොමැටික සංයෝග
  • ඇරොමැටික වලයන් රහිත ඇලිෆැටික සංයෝග
චක්‍රීය නොවන ඇලිෆැටික සංයෝග (Butane))
චක්‍රීය ඇලිෆැටික සංයෝග(Cyclobutane)

ඇලිෆැටික සංයෝග සයික්ලොහෙක්සේන් වැනි චක්‍රීය සංයෝග හෝ හෙක්සේන් වැනි චක්‍රීය නොවන සංයෝග විය හැක.ඒවා හෙක්සේන් මෙන් සංතෘප්ත හෝ හෙක්සීන් මෙන් අසන්තෘප්ත හෝ විය හැක.

ඇලිෆැටික සංයෝග වල කාබන් පරමාණු සරල දාම ලෙස හෝ අංශ දාම සහිතව හෝ ඇරෝමැටික නොවන චක්‍ර ලෙස (මෙවන් අවස්ථාවල ඇලිචක්‍රීය ලෙස වෙයි) එකිනෙකට සම්බන්ධ විය හැක. ඒවා අතර ඒක බන්ධන (ඇල්කේන), ද්විත්ව බන්ධන (ඇල්කීන) හෝ ත්‍රිත්ව බන්ධන (ඇල්කයින) තිබිය හැක. හයිඩ්‍රජන් වලට අමතරව වෙනත් මුලද්‍රව්‍යයන්ද කාබන් දාමය හා බැඳේ. සුලබ ලෙස මෙසේ බැදෙනුයේ ඔක්සිජන්, නයිට්‍රජන්,සල්ෆර් හා ක්ලෝරීන් ය.

සරලතම ඇලිෆැටික සංයෝගය මීතේන්(CH4) වේ.ඇල්කේන( නිද: පැරෆින් හයිඩ්රෝකාබන ), ඇල්කීන ( නිද: එතිලීන් ) සහ ඇල්කයින ( නිද: ඇසිටලීන් ) ඇලිෆැටික සංයෝග වලට අයත් වෙයි.ශාකනය නොවූ ඇලිෆැටික දාමයකට සම්බන්ද වූ කාබෝක්සිල් කාණ්ඩයකින් මේද අම්ල සමන්විතය.

බොහෝ ඇලිෆැටික සංයෝග දැවෙනසුළුය. මේ නිසා හයිඩ්රොකාබන ඉන්ධන ලෙස භාවිතා කරයි. බන්සන් දාහකයේ ඉන්ධනය ලෙස හා ද්‍රවිත ස්වභාවික වායුව/Liquified Natural Gas (LNG) ලෙස මෙතෙන්/මීතේන් ද පෑස්සීමේදී ඉන්ධනය ලෙස ඇසිටලීන් ද යොදාගැනේ.

උදාහරණ

  •  
    එතේන්
  •  
    අයිසෝබියුටේන්
  •  
    ඇසිටලීන්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 21, 2026

    Solar System

  • අප්‍රේල් 07, 2026

    Richard Nixon

  • මැයි 01, 2026

    චීන ශිෂ්ඨාචාරය

  • අප්‍රේල් 03, 2026

    ISBN (identifier)

  • අප්‍රේල් 21, 2026

    මුලතිව් දිස්ත්‍රික්කය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට