සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සමරවීර අශෝක පොන්නම්පෙරුම (උපත 1936 මැයි 3 - විපත 1993 අප්‍රේල් 2), ශ්‍රී ලංකා සිනමා නළුවෙකි. ඒ හැරුණු කොට ගායකයෙක්, පිටපත් රචකයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක්ද විය

අශෝක පොන්නම්පෙරුම

  • මුල් පිටුව
  • අශෝක පොන්නම්පෙරුම

සමරවීර අශෝක පොන්නම්පෙරුම (උපත 1936 මැයි 3 - විපත 1993 අප්‍රේල් 2), ශ්‍රී ලංකා සිනමා නළුවෙකි. ඒ හැරුණු කොට ගායකයෙක්, පිටපත් රචකයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක්ද විය. "ශ්‍රී ලංකාවේ සිවාජි ගනේෂන්" ලෙස සැලකෙන පොන්නම්පෙරුම දශක තුනකට වැඩි කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතය තුළ චිත්‍රපට 40 කට අධික සංඛ්‍යාවක් රඟපා ඇත.

අශෝක පොන්නම්පෙරුම
Asoka Ponnamperuma
උපත
සමරවීර අශෝක පොන්නම්පෙරුම

මැයි 3, 1936(1936-05-03)
කොළඹ, ශ්‍රී ලංකාව
මරණයඅප්‍රේල් 2, 1993(1993-04-02) (වයස 56)
කොළඹ, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයආනන්ද විද්‍යාලය
වෘත්තියsනළුවා, නාට්‍යකරුවා, ගායකයා, අධ්‍යක්ෂක
සක්‍රීය වසර1948–1984
Spouseමානෙල් ලෝනා එලිසබෙත් පෙරේරා (m. 1965)
දරුවන්4
Awardsහොඳම සහය නළුවා

පටුන

පෞද්ගලික ජීවිතය

ඔහු 1936 මැයි 3 වැනිදා කොළඹදී උපත ලැබීය. ඔහුගේ පියා දොන් චාල්ස් පොන්නම්පෙරුම මාධ්‍යවේදියෙකි, ඔහු 1950 දී "සිංහල බෞද්ධ" බෞද්ධ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කළේය. ඔහුගේ මව ප්‍රේමවංශ මිත්‍රවත්තය. අශෝක කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය.

ඔහු විවාහ වූයේ සෙසු සිනමා නිළියක් වූ මානෙල් ලෝනා එලිසබෙත් පෙරේරා සමඟය. විවාහ උත්සවය 1965 දෙසැම්බර් 4 වන දින සමරනු ලැබීය. මානෙල් මුලින්ම "දීපශිකා" චිත්‍රපටයේ රඟපෑ අතර පසුව "සිහින හතක්", "සේකය", "ලයට ලය", "රුහුණු කුමාරි" සහ "සඳ නැඟ එද්දී" වැනි චිත්‍රපට කිහිපයක පෙනී සිටියේය. මෙම යුවළට පුතුන් තිදෙනෙක් - අනුරාධ, සුමේධ, චමින්ද සහ එක් දියණියක්, මංජුලා - සිටියෝය. අශෝක සහ මානෙල් එක්ව රඟපෑවේ ‘‘ලයට ළය’’, ‘‘දෑහදක දුක’’, ‘‘රුහුණු කුමාරි’’ සහ ‘‘ලන්ඩන් හාමු’’ වැනි චිත්‍රපට කිහිපයකයි.

ඔහු 1993 අප්‍රේල් 2 වන දින වයස අවුරුදු 56 දී හෘදයාබාධයකින් මිය ගියේය. ඔහුගේ මරණයෙන් පසු පැය 24ක් ඇතුළත අවමංගල්‍ය කටයුතු සියල්ල අවසන් කිරීමට නියමිතව තිබුණද රට තුළ ඇඳිරි නීතිය පැනවීම සහ පශ්චාත් මරණ පරීක්ෂණය ප්‍රමාද වීම හේතුවෙන් ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි විය.

වෘත්තීය ජීවිතය

වයස අවුරුදු 14 දී ඔහු පාසල් වේදිකා නාට්‍යවල රඟපාන්න පටන් ගත්තා. ඉන්පසුව ඔහු R. A. චන්ද්‍රසේන යටතේ සංගීතය ප්‍රගුණ කළේය. සංගීතවේදී ලයනල් එදිරිසිංහගේ අවධානයට ලක්වූ ඔහු එම වසරේ සමස්ත ලංකා සංගීත තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තේය. තේ කඩයකදී තම රංගන වීරයා වූ එල්.එම් පෙරේරා හමුවූ අශෝක චිත්‍රපටයක රඟපෑම ගැන විමසුවේය. දින කිහිපයකට පසු ඔහුට චරිතයක් ගැන පණිවිඩයක් ලැබී කොළඹට ගියේය. 1958 දී ඔහුගේ මංගල සිනමා රංගනය පැමිණියේ පී. නීලකන්ටන් අධ්‍යක්ෂණය කල සුනීතා චිත්‍රපටියේ ද්විත්ව භූමිකාවක් රඟපාමිනි. ඉන්පසුව සිහිනය, සුන්දර බින්ද, සුවිනීතා ලාලනී, ගන්තෙර, සැමියා බිරිඳගේ දෙවියන් වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක රඟපෑවා. 1969 වසරේ සරසවිය චිත්‍රපට උළෙලේ දී "ඉඳුනිල" චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි සම්මානය හිමි විය.

අශෝක විසින් මරදාන පොලිසියේදී හමුවූ ගණිකාවක් පිළිබඳ සත්‍ය පුවතක් පාදක කරගනිමින් "මල් මඳ බිසව්" කෘතිය රචනා කරන ලදී. ඊට පස්සේ එයා "ආයි මට මෙහෙම උනා" පොත ලිව්වා. පොත පරිශීලනය කරමින් ඔහු 1982 ජුලි 2 දින තිරගත වූ ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය ලෙස "ප්‍රදීපා" තිර රචනය කළේය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    උපරිගමන් උත්සවය

  • අප්‍රේල් 07, 2026

    ටී.එම්. ජයරත්න

  • අප්‍රේල් 09, 2026

    ප්‍රත්‍යාස්ථ සීමාව

  • අප්‍රේල් 09, 2026

    ගාමිණී දිසානායක

  • අප්‍රේල් 09, 2026

    භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට