සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බහිර්-යානා ක්‍රියාකාරකම (ඊවීඒ්) යනු, අභ්‍යාවකාශගාමියෙක් හෝ ගගනගාමියෙක් හෝ විසින් අභ්‍යාවකාශයානයකින් පිටත සහ පෘථිවියෙහි සැලකිය යුතු වායුගෝලයෙන් ඔබ්බෙහි සිදු කෙරෙ

අභ්‍යාවකාශ ඇවිදීම

  • මුල් පිටුව
  • අභ්‍යාවකාශ ඇවිදීම

බහිර්-යානා ක්‍රියාකාරකම (ඊවීඒ්) යනු, අභ්‍යාවකාශගාමියෙක් හෝ ගගනගාමියෙක් හෝ විසින් අභ්‍යාවකාශයානයකින් පිටත සහ පෘථිවියෙහි සැලකිය යුතු වායුගෝලයෙන් ඔබ්බෙහි සිදු කෙරෙන ඕනෑම ක්‍රියාකාරකමකි. පෘථිවිය වටා භ්‍රමණය වන ( අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වැනි) යානයකින් පිටත සිදු කෙරෙන අභ්‍යාවකාශ ඇවිදීමක් සඳහා අති බහුල ලෙසින් මෙම පදය භාවිතා කෙරෙයි. 1965, මාර්තු 18 දිනදී, වොස්කොඩ් 2 මෙහෙයුම තුලදී, විනාඩි12ක් සහ තත්පර 9ක කාලසීමාවක් තුලදී කැප්සියුලයෙන් පිටතට පැමිණි ඇලෙක්සි ලියනෝෆ්, අභ්‍යාවකාශ ඇවිදීමක් සිදු කල පළමුවන මිනිසා විය. 1969 සිට1972 දක්වා ඇපලෝ වැඩසටහන තුලදී ඇමරිකානු අභ්‍යාවකාශගාමී යුගල හයක් විසින් සිදු කල (සාමාන්‍යයෙන් චන්ද්‍ර සක්මන් ලෙසින්ද හැඳින්වෙන) චන්ද්‍ර පෘෂ්ඨ ගවේෂණය සඳහාද මෙම පදය භාවිතා වෙයි.

2011 අගෝස්තු 3 දිනදී ගගනගාමී සර්ගේ වොල්කොෆ් අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පිටත ඇවිදියි.
STS-114 තුලදී ස්ටීවන් රොබින්සන් රොබෝ හස්තය මත නැග යමින්, අභ්‍යාවකාශ ෂටලයෙහි පළමු පියාසරය-තුල අළුත්වැඩියාව සිදු කරමින්. පසුතිරයෙහි දිස්වන භූමිකොටස සෝමාලියාවෙහි බාරි ප්‍රදේශය වෙයි.
ඇමරිකානු අජටාකාශගාමී බෲස් මැක්කැන්ඩල්ස් රැහැනක් රහිතව , තමාම පාලනය කරන ඒකකයක් භාවිතා කරමින් අභ්‍යාවකාශයේ ඇවිදියි

ආශ්‍රිත

  • ස්වෙට්ලනා සවිට්ස්කායා
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 10, 2026

    පරාක්‍රම පාණ්ඩ්‍ය

  • අප්‍රේල් 06, 2026

    බුද්ධාගමේ ඉතිහාසය

  • අප්‍රේල් 24, 2026

    හිරු ටීවී

  • අප්‍රේල් 08, 2026

    Ancient Egypt

  • අප්‍රේල් 06, 2026

    සිද්ධාර්ථ ගෞතම

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට