සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

හෙබ්‍රෙව්[[1]] යනු, අප්‍රිකාආසියාතික භාෂා පවුලෙහි බටහිර සැමිටික් භාෂාවකි.හෙබ්‍රෙව් භාෂාව කානානීය භාෂා සමූහයට අයත් වේ. කානානීය භාෂා යනු වයඹදිග සෙමිටික් භාෂාවේ පව

හෙබ්‍රෙව් භාෂාව

  • මුල් පිටුව
  • හෙබ්‍රෙව් භාෂාව

හෙබ්‍රෙව්[[1]] යනු, අප්‍රිකාආසියාතික භාෂා පවුලෙහි බටහිර සැමිටික් භාෂාවකි.හෙබ්‍රෙව් භාෂාව කානානීය භාෂා සමූහයට අයත් වේ. කානානීය භාෂා යනු වයඹදිග සෙමිටික් භාෂාවේ පවුලකි. අව්රාහම් බෙන්-යෝසෙෆ්ට අනුව, ක්‍රි.පූ. 1200 සිට 586 දක්‍වා කාලය තුළ හෙබ්‍රෙව් භාෂාව ඊශ්‍රායෙලයේ හා යූදා රාජධානිවල කථන භාෂාවක් ලෙස සමෘද්‍ධිමත් විය.හෙබ්‍රෙව් යනු ඊශ්‍රායලයට ආවේණික වයඹදිග සෙමිටික් භාෂාවකි. 2013 දී නූතන හෙබ්‍රෙව් භාෂාව ලොව පුරා මිලියන නවයකට අධික ජනතාවක් කතා කළහ. ඓතිහාසික වශයෙන්, එය ඊශ්‍රායෙලිතයන්ගේ සහ ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ භාෂාව ලෙස සලකනු ලබයි.
හෙබ්‍රෙව් (עִבְרִית) යනු ඊශ්‍රායලයට ආවේණික වයඹදිග සෙමිටික් (Northwest Semitic) භාෂාවකි. 2013 දී නූතන හෙබ්‍රෙව් භාෂාව ලොව පුරා මිලියන නවයකට අධික ජනතාවක් කතා කළහ. ඓතිහාසික වශයෙන්, එය “තනාඛ්” භාෂාවෙන් “හෙබ්‍රෙව්” යන නමින් හැඳින්වුවද, එය ඊශ්‍රායෙලිතයන්ගේ සහ ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ භාෂාව ලෙස සැලකේ. හෙබ්‍රෙව් අයත් වන්නේ අප්‍රිකානු භාෂා පවුලේ බටහිර සෙමිටික් ශාඛාවටයි. හෙබ්‍රෙව් යනු තවමත් කථා කරන එකම කානානීය භාෂාව වන අතර පුනර්ජීවනය වූ මළ භාෂාවක එකම සාර්‍ථක උදාහරණයයි.

ක්‍රි.ව. 200 ත් 400 ත් අතර කාලයකදී හෙබ්‍රෙව් භාෂාව එදිනෙදා කථා කරන භාෂාවක් වීම නවතා දමා තිබූ අතර එය බාර් කොඛ්බා කැරැල්ලෙන් පසු අඩුවෙමින් පැවතුනි. ජාත්‍යන්තර භාෂා, විශේෂයෙන් ප්‍රභූන් සහ සංක්‍රමණිකයන් අතර යුදෙව් ආගමික වත්පිළිවෙත්, රබ්බිවරුන්ගේ සාහිත්‍යය, යුදෙව් වාණිජ හා කාව්‍ය භාෂාව ලෙස හෙබ්‍රෙව් භාෂාව මධ්‍යතන යුගය දක්වා දිවි ගෙවීය. 19 වන ශතවර්‍ෂයේ සියොන්වාදයේ නැගීමත් සමඟ එය කථන හා සාහිත්‍ය භාෂාවක් ලෙස පුනර්ජීවනය වූ අතර එය “යිෂුව්”ගේ ප්‍රධාන භාෂාව බවට පත් වූ අතර පසුව ඊශ්‍රායල් රාජ්‍යයේ ප්‍රධාන භාෂාව විය. ජනවාර්ගික විද්‍යාවට අනුව, 1998 දී ලොව පුරා මිලියන පහක ජනතාවගේ භාෂාව හෙබ්‍රෙව් භාෂාව විය. ඊශ්‍රායෙලයට පසුව, එක්සත් ජනපදයේ දෙවන විශාලතම හෙබ්‍රෙව් භාෂාව කතා කරන ජනගහනය ඇති අතර, චතුර කථිකයන් 220,000 ක් පමණ සිටින්නට විය.

නූතන හෙබ්‍රෙව් භාෂාව ඊශ්‍රායෙලයේ රාජ්‍ය භාෂාව වන අතර නූතන හෙබ්‍රෙව් භාෂාව අද ලොව පුරා යුදෙව් ප්‍රජාවන් තුළ යාච්ඥා කිරීමට හෝ අධ්‍යාපනික කටයුතු සඳහා යොදා ගනී. “සමරිතානු උපභාෂාව” සමාරියන්වරුන්ගේ පූජනීය භාෂාව වන අතර නූතන හෙබ්‍රෙව් හෝ අරාබි ඔවුන්ගේ ස්වභාෂාව වේ. විදේශීය භාෂාවක් ලෙස, එය බොහෝ දුරට යුදෙව්වන් හා යුදෙව් ආගමේ හා ඊශ්‍රායලයේ සිසුන් සහ මැද පෙරදිග හා එහි ශිෂ්ටාචාරයන් පිළිබඳ විශේෂ පුරාවිද්‍යයින් සහ වාග් විද්‍යාඥයින් මෙන්ම ක්‍රිස්තියානි සෙමනේරිවල දේවධර්‍මවාදීන් විසින් අධ්‍යයනය කරනු ලැබේ.

“තෝරා” හි පළමු පොත් පහ සහ අනෙක් හෙබ්‍රෙව් බයිබලය බොහෝමයක් බයිබලානුකුල හෙබ්‍රෙව් බසින් ලියා ඇත. එහි වර්‍තමාන ස්වරූප බොහෝමයක් ක්‍රි.පූ. 6 වන සියවසේදී, බැබිලෝනීය වහල්භාවයේ දී සමෘද්ධිමත් වූ බව විද්වතුන් විශ්වාස කරයි. මේ හේතුව නිසා හෙබ්‍රෙව් භාෂාව යුදෙව්වන් විසින් පුරාණ කාලයේ සිටම ලශොන් හකෝදෙශ් (לשון הקודש), “ශුද්ධ භාෂාව” ලෙස හැඳින්වේ.

  • පළමු අක්‍ෂරය: ඇලෙෆ්
  • ජනවාර්ගිකත්‍වය: හෙබ්‍රෙව්; යුදෙව්වන් සහ සමාරියයන්
  • කලාපය: ඊශ්‍රායල දේශය
  • නියාමනය කරන්නේ: හෙබ්‍රෙව් භාෂා ඇකඩමිය
  • භාෂා පවුල: සෙමිටික් භාෂා
  • ලේඛන ක්‍රම: හෙබ්‍රෙව් හෝඩිය, හෙබ්‍රෙව් බ්‍රේල්, පැලියෝ-හෙබ්‍රෙව් හෝඩිය (බයිබලීය හෙබ්‍රෙව්), ඇරමයික හෝඩිය (බයිබලීය හෙබ්‍රෙව්)

හිබ්‍රෙව් අක්‍ෂරමාලාව (සිංහල ආසන්න ශබ්ද) Hebrew alphabet

  • א - අලෙෆ් - අ
  • ב - බෙත් - බ
  • ג - ගිමෙල් - ග/ජ
  • ד - දාලත් - ද
  • ה - හේ - හ
  • ו - වාව් - ව
  • ז - සයින් - ඦ (z)
  • ח - ඛෙත් - ඛ (ch)
  • ט - තෙත් - ත
  • י - යොද් - ද
  • ך / כ - ඛාෆ් - ඛ/ක්‍ව(q)/ක
  • ל - ලමෙද් - ල
  • ם / מ - මේම්
  • ן / נ - නූන් -න
  • ס - සෙමෙඛ් - ස
  • ע - අයින් - ‘අ
  • ף / פ - පේ - ප
  • ץ / צ - ත්සාදි - ත්ඦ (tz)
  • ק - කොෆ් - ක’/ක්‍ව(q)’(ජර්මානු ශබ්දය ch හා සමාන)
  • ר - රෙශ් - ර
  • ש - ශින් - ශ
  • ת - තේව් - ත
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    මුටසීව රජ

  • මාර්තු 15, 2026

    සමාධි බුදු පිළිමය

  • අප්‍රේල් 01, 2026

    කාර්මික විප්ලවය

  • අප්‍රේල් 04, 2026

    සංඝමිත්තා තෙරණිය

  • අප්‍රේල් 03, 2026

    මනෝ විද්‍යාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට